රසවත් අතුරුපසකට සුපිරි ට්‍රයිෆල්

ඔක්තෝබර් 30, 2023

ඩෙසර්ට්වල රස බලන්න කවුරුත් කැමැතියි. ඩෙසර්ට් ගැන කතා කරද්දි ට්‍රයිෆල් අමතක කරන්න බැහැ. හැබැයි ඉතින් අවන්හලකින් හෝ වෙළෙඳසැලකින් මිලදී ගෙන ට්‍රයිෆල් එකක රස බලන්න ගියොත් තරමක මුදලක් වැය වේවී. ඒ නිසාම අද අපි ගෙදරදීම හදන්න පුළුවන් සුපිරි ට්‍රයිෆල් රෙසිපි කිහිපයක් ගෙනාවා. ෆ්‍රෙෂ් ක්‍රීම්, මිල්ක්, ෆෘට්ස් දාලා රසට වගේම ලේසියෙන් හදාගන්න පුළුවන් මේ රෙසිපි ඔයාලත් ට්‍රයි කරලා බලන්න. 

බනානා ට්‍රයිෆල්

අවශ්‍ය ද්‍රව්‍ය

* කුකීස් 5-6ක්
* ඉදුණු කෙසෙල් ගෙඩි 4ක්
* විප් ක්‍රීම් කෝප්ප 1ක්
* අයිසිං සීනි ස්වල්පයක් 

සාදන ක්‍රමය

 
මුලින්ම විප් ක්‍රීම් ටික බීට් කරන්න. වැනිලා හා අයිසිං සීනි දාලා ඝන වෙනකල් බීට් කරගන්න. කුකීස් ටික කුඩු කරගන්න. කෙසෙල් පෙති කපාගන්න.
ඩෙසර්ට් කප් අරගෙන මුලින්ම කුකීස් කුඩු දාලා ඊළඟට විප් ක්‍රීම් ටික දාගන්න. කෙසෙල් පෙතිවලින් ටිකක් දාලා නැවතත් කුකීස් කුඩු දාලා විප් ක්‍රීම් දාගන්න. උඩින් කුකීස් කුඩු දාලා ශීතකරණයට දාගන්න.


චොකලට් මූස් ට්‍රයිෆල්


 

අවශ්‍ය ද්‍රව්‍ය

* කුඩුකරගත් ඔරියෝ බිස්කට් 7-8ක්
* තළාගත් ඩාක් චොක්ලට් ග්‍රෑම් 100ක්
* ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/2ක්
* විප්ක්‍රීම් කෝප්ප 1ක්

 
සාදන ක්‍රමය

ඩාක් චොක්ලට් ටික ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/2ක් දාලා ඩබල් බොයිල් කරගන්න. විප් ක්‍රීම් ටික ඝන වෙනකල් බීට් කරගන්න. මේකෙන් භාගයක් දියකරගත් චොකලට්වලට දාලා ස්පැචූලා එකෙන් කලවම් කරගන්න. දැන් ඩෙසර්ට් ග්ලාස්වලට කුඩුකරගත් ඔරියෝ ටිකක් දාලා චොකලට් මිශ්‍රණය පයිප් කරගන්න. ඊළඟට විප් ක්‍රීම් ලේයර් එකක් දාගන්න. නැවත කුඩුකරගත් ඔරියෝ ටිකක් දාගන්න. මේ වගේ ලේයර්ස් කිහිපයක් දාලා පැය 2ක් ශීතකරණයේ තියලා සංග්‍රහ කරන්න.


නියුටෙලා ට්‍රයිෆල්


 

අවශ්‍ය ද්‍රව්‍ය

නියුටෙලා බ්‍රවුනි එකට
නියුටෙලා ග්‍රෑම් 400ක්
බිත්තර 2ක්
පාන්පිටි කෝප්ප 1/2ක්

චොකලට් කස්ටඩ් එකට
කිරි කෝප්ප 2ක්
බිත්තර 2ක්
සීනි මේසහැඳි 4ක්
පාන්පිටි මේසහැඳි 3ක්
බටර් මේසහැඳි 2ක්
වැනිලා ස්වල්පයක් 
ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 2ක්
මිල්ක් චොකලට් ග්‍රෑම් 100ක්
ඩාක් චොකලට් ග්‍රෑම් 50 ක්

සාදන ක්‍රමය
 
භාජනයකට නියුටෙලා ටික දාලා බිත්තර 2ක් දාගන්න. මේකට පාන්පිටි ටික දාලා ස්පැචූලා එකෙන් කලවම් කරගන්න. එය බේකින් ට්‍රේ එකකට දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් බේක් කරගන්න.


කිරිවලට බිත්තර 2 දාලා සීනි හා පාන්පිටි දාලා කලවම් කරගන්න. දැන් මෙය පෑන් එකට දාලා ළිපේ තියන්න. ඝන වෙනකල් හැඳිගාන්න. මේකට බටර් හා වැනිලා එකතු කරගන්න. තව ටිකක් ඝන වෙනකල් හැඳිගාලා ළිපෙන් බාගන්න.


ෆ්‍රෙෂ් ක්‍රීම් ටික බෝල් එකකට දාගන්න. එයට ඩාක් චොකලට් හා මිල්ක් චොකලට් ටික දාලා හොඳට කලවම්කර අවන් එකට දමන්න. මෙය නිවෙන්න තියලා තරමක කෑලි කපාගන්න. මේකට චොකලට් කස්ටඩ් එක දාගන්න. ඊළඟට ෆ්‍රෙෂ් ක්‍රීම් තැනින් තැන දාලා නැවත චොකලට් මිශ්‍රණයෙන් ටිකක් දාගන්න. මේවගේ ලේයර්ස් කිහිපයක් දාලා ශීතකරණයට දාන්න.


බෙරි ට්‍රයිෆල්


 

අවශ්‍ය ද්‍රව්‍ය


* බ්ලූබෙරි කෝප්ප 1/2ක්
* ස්ට්‍රෝබෙරි ගෙඩි 10ක්
* ස්ට්‍රෝබෙරි ජෙලි පැකට් 1ක්
* සීනි කෝප්ප 1/4ක්
* කොටු කපාගත් ස්පොන්ච් කේක් ග්‍රෑම් 200ක්
* කස්ටඩ් පවුඩර් මේසහැඳි 2ක්
* කිරි කෝප්ප 2ක්
* විප් ක්‍රීම් කෝප්ප 1ක්
* තළාගත් කජු ස්වල්පයක් 
 
සාදන ක්‍රමය

ජෙලි පැකට් එකට උණුවතුර කෝප්ප 2ක් හා සීනි දාලා ජෙලි එක හදාගන්න.මේක පැයක් ශීතකරණයේ තියලා ගන්න. ඒ අතරේ බ්ලූබෙරි හා ස්ට්‍රෝබෙරි ටික පෙති කපා ගන්න. මේකට සීනි මේස හැන්දක් වගේ ඉසගන්න. හොඳට කලවම් කරගන්න. කිරි කෝප්ප 1/2ක් කස්ටඩ් පවුඩර් දියකරලා ළිපේ තියන්න. ඉතුරු කිරි ටිකත් දාලා හොඳට හැඳිගාන්න. මිශ්‍රණය ඝන වුණාම ළිපෙන් බාගන්න.
ඩෙසර්ට් කප්වලට කපාගත් කේක් කෑලි දාලා පලතුරු ටිකක් දාගන්න. ඊළඟට ජෙලි ටිකක් දාගන්න. උඩින් නිවෙන්න තියපු කස්ටඩ් ටික දාගන්න. විප් ක්‍රීම් ටික ඝන වෙනකල් බීට් කරලා උඩින් දාගන්න. තළාගත් කජු ටිකක් දාලා ශීතකරණයේ දාන්න.


බ්‍රවුනි ට්‍රයිෆල්

 

අවශ්‍ය ද්‍රව්‍ය

* කුඩු කරගත් බ්‍රවුනි කෝප්ප 1ක්
* කිරි කෝප්ප 3 1/2ක්
* සීනි කෝප්ප 1/2ක්
* බිත්තර 1ක්
* වැනිලා ස්වල්පයක් 
* ලුණු ස්වල්පයක් 
* කොකෝවා පවුඩර් මේස හැඳි 3ක්
* කෝන්ෆ්ලා කෝප්ප 1/4ක්
* විප් ක්‍රීම් කෝප්ප 1ක්
* අයිසිං සීනි කෝප්ප 1ක්
* ක්ෂණික කෝපි මේස හැඳි 1ක්
* වතුර මේස හැඳි 1ක්
* කොෆි කැන්ඩි ස්වල්පයක් 

සාදන ක්‍රමය

බඳුනකට කිරි කෝප්ප 3ක් දාලා සීනි දාලා එයටම හැඳිගාන්න. උණු වෙන කොට ළිපෙන් බාන්න. ඉතිරි කිරි කෝප්ප 1/2ට බිත්තරය දාලා වැනිලා එකතු කරන්න. මේකට ලුණු, කොකෝවා පවුඩර් කෝන්ෆ්ලා දාලා හොඳින් ගසාගන්න. දැන් මේකට උණු කරගත් කිරි ටික ටික දාගන්න. දැන් ආයෙමත් මේක ළිපේ තියලා උණු කරන්න. අඩිය අල්ලන්න නොදී හැඳිගාන්න. ටිකක් ගන වුණාම ළිපෙන් බාගන්න.

විප් ක්‍රීම් බීට් කරගන්න. අයිසිං සීනි ටික ටික දාලා ගන වෙනකල් බීට් කරන්න. කොෆිවලට වතුර මේසහැඳි 1ක් දලා දියකරලා විප් ක්‍රීම්වලට එකතු කරන්න. සිප්ලොක් බෑග් එකකට කොෆි කැන්ඩි ටික දාලා කුඩු කරගන්න.

ඩෙසර්ට් කප්වලට කුඩු කර ගත් බ්‍රවුනී ටික ටික දාගන්න. ඊළඟට සාදාගත් කොෆි විප් ක්‍රීම් ටික ලේයර් එකක් වගේ පයිප් කරගන්න. දැන් කුඩු කර ගත් කැන්ඩි ටික දාලා චොක්ලට් කස්ටඩ් ලේයර් එකක් දාගන්න. ආයෙ විප්ක්‍රීම් ලේයර් එකක් දාලා කැමති විදිහට හැඩ කරගන්න.



ඔස්ට්‍රේලියන් ට්‍රයිෆල් විත් කස්ටඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

* ජෙලි පැකට් 1ක්
* සීනි කෝප්ප 1/4ක්
* කුඩු කරගත් කේක් කෝප්ප 2ක්
* කපා ගත් අඹ ගෙඩි 1ක්
* කපා ගත් ඇපල් ගෙඩි 1ක්
* කපා ගත් අන්නාසි ගෙඩි 1ක්
* කස්ටඩ් කුඩු මේසහැඳි 2ක්
* කිරි කෝප්ප 2ක්
* විප්ක් ‍රීම් කෝප්ප 1ක්
* කපා ගත් ස්ට්‍රෝබෙරි ගෙඩි 6-7ක්
* බ්ලූබෙරි ස්වල්පයක් 
 
සාදන ක්‍රමය

ජෙලිවලට උණු වතුර කෝප්ප 1ක් හා සීනි කෝප්ප 1/4ක් දාලා දිය කරලා නිවෙන්න තියන්න.
බෝල් එකට කේක් කුඩු දාලා හැන්දකින් බෝල් එකේ බිත්ති වැහෙන්න හොඳට තද කරගන්න. ඊලඟට මේකට කපාගත් පලතුරු ටික අතුරලා පැයක් ශීතකරණයේ තියන්න. පිටතට අරන් පරෙස්සමට ජෙලි එක දාගන්න. ආයෙ පැය 3ක් ශීතකරණයේ තියන්න. ඒ අතරේ කස්ටඩ් එක හදාගන්න.

කිරි කෝප්ප 1/2කට කස්ටඩ් පවුඩර් දියකරලා පෑන් එකට දාලා ළිපේ තියන්න. දැන් මේක කැටි නොගැහෙන්න හැඳිගාන්න. ඉතුරු කිරි ටිකත් දාලා හැඳිගාන්න. විනාඩි 5-6ක් යනකොට බුබුළු දාලා නටන්න ගනියි. අඩිය අල්ලන්න නොදී දිගටම හැඳිගාන්න. කස්ටඩ් එක ගන වුණාම ළිපෙන් බාලා නිවෙන්න තියන්න. නිවෙනකල් ටිකක් හැඳිගාන්න. දැන් මේ කස්ටඩ් එක ජෙලි ලේයර් එක උඩින් දාගන්න.

විප් ක්‍රීම් ටික ගන වෙනකල් බීට් කරලා ඊළඟ ලේයර් එක දාගන්න. දැන් උඩින් කපාගත් ස්ට්‍රෝබෙරි  හා බ්ලූබෙරි අතුරලා පොලිතීනයකින් ඔතා ගීතකරණයට දාගන්න.