MasterChef ලා පුදුම කළ අපේ කිරිබත

අප්‍රේල් 29, 2024

 

සාවින්ද්‍රි පෙරේරා සමාජ මාධ්‍යයේ ජනප්‍රිය චරිතයකි. එහෙත් ඇය ඕස්ට්‍රේලියාවේ Master Chef තරගය සඳහා මුහුණ දෙන්නේ පළමුවරටය. ඇය නිරතුරුවම සමාජ මාධ්‍ය හරහා ආහාර පිසීම හා විවිධ ආහාර වට්ටෝරු ඉදිරිපත් කරයි. වයස අවුරුදු 18 දී ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ සාවින්ද්‍රි මේ වනවිට 30 වැනි වියේ පසුවෙයි. ඇය Master Chef තරගය සඳහා ඉදිරිපත්වීම ඇයගේ ජීවිතයේ අලුත්ම අත්දැකීමකි.

ඇය මේ තරගයට ඉදිරිපත්වීම ගැන අදහස් දක්වමින් සඳහන් කළේ මෙලෙසිනි. ‘මට අවශ්‍ය වුණේ මගේ ඒකකාරී ජීවිතයෙන් මිදීමයි. මගේ අම්මා 2017 වසරේදී හදිසියේම මිය ගියා. එතැන් පටන් මම මුුළු කාලයම ගත කළේ ඉතාම ‍ෙශා්කයෙන්. නමුත් මට හිතුණා හැමදාම මේ ආකාරයට ඉන්නේ නැතිව එයින් මිදෙන්න. මම ඕස්ට්‍රේලියාවේ ඇඩිලෙඩ්හි බැංකු රැකියාවක් සඳහා පැමිණියේ මාස 04ක පුහුණුවකට පසුවයි. ඇත්තටම මට අලුත් රටක ජීවත් වීමට හැඩගැසීමට කාලයක් ගත වුණා. මම ඕස්ට්‍රේලියාවට අාවේ මගේ සොහොයුරිය මේ රටේ ඉන්න නිසයි.‘

ජාත්‍යන්තර කීර්තියට පත් ඕස්ට්‍රේලියාවේ Master Chef තරගයක් සඳහා ශ්‍රී ලාංකේය ගෘහිණියකට වාසනාව හිමි වී තිබේ. එම තරගය සඳහා ඉදිරිපත් වූ සාවින්ද්‍රි පෙරේරාගේ ඉදිරිපත් කිරීම වුයේ දේශීය කිරිබතකි. මේ ඉදිරිපත් කිරීම පිළිබඳ එහි සිටි විනිශ්චය මණ්ඩලය වඩාත් සතුටට පත් වු අතර එය නැරඹු ප්‍රේක්ෂකයන්ගෙන් ඇයට මහත් පිළිගැනීමක් හිමිවිය.

ඇයගේ ඉදිරිපත් කිරීමේ විලාශය හා විනිසුරු මඩුල්ල අසන ප්‍රශ්න සඳහා ඇය ලබාදුන් පිළිතුරු හා පිළිතුරු ලබාදෙන විලාසය සියලු දෙනාගේ ආකර්ෂණය හිමිකර ගැනීමට සමත්විය.

මෙලෙසින් මේ තරගයට ඉදිරිපත් වූ සාවින්ද්‍ර සමඟ පැවැති online සම්මුඛ සාකච්ඡාවේදී ඇය අදහස් දැක්වුයේ මෙලෙසිනි.

 

ඔබේ ප්‍රියතම ළමා ආහාරය කුමක්ද?

මගේ අම්මා දක්ෂ කෝකිවරියක්. ඒ නිසා ඇය කැමැති ආහාර වේලක් තෝරා ගැනීම කරන්නේ හරියට ක්ෂණික ආහාර වේලක් තෝරා ගන්නවා වගෙයි. ඒක හරියට ෆ්‍රයි එකක් තෝරා ගන්නවා වගෙයි. නමුත් මගේ මතකය සෑම වෙලාවෙම මුලින්ම යන්නේ සති අන්ත කකුළු කරි දිවා භෝජනයට අම්මාගේ මුහුදු ආහාර පිසීමේ සුවිශේෂී වූ කකුළු කරි වෑංජනය හරිම රසයි. වෑංජනයට වඩා රස හොදි වර්ගයක් එකේ තිබුණා. ඒක බත් සහ මුකුණුවැන්න සමඟ එකතුකර ගන්නවා.

මම අපේ උයපු කෑමවලට හරිම කැමැතියි. ඒ නිසා තමයි මම මේ වට්ටෝරුව තෝරා ගත්තේ අැය සඳහන් කළේ ඉතාම හැඟුම්බර ලෙසිනි. මේ තරඟය තවත් වට ගණනක් ඉදිරියේදී පවත්වන අතර ඒ සඳහා සාවින්ද්‍රි ඉදිරිපත් වනු ඇත.