වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
ඉංගී‍්‍රසි භාෂාවේ රස මුසු තැන් ගෙනෙන

සිංහල විෂයයේ මෙන්ම ඉංගී‍්‍රසි විෂයයේ ද සාහිත්‍යය කොටසක් ඇත. සාමාන්‍යයෙන් අප ඉගෙන ගන්නා ඉංගී‍්‍රසි විෂයය කරුණු වැඩි දියුණු කරමින් සාමාන්‍ය ජීවිත අත්දැකීම් ද උපයෝගී කොටගෙන රසවත් අයුරින් ඉංගී‍්‍රසි භාෂාව හැසිරවීමට ඉංගී‍්‍රසි සාහිත්‍යය කොටසින් හැකියාව ලැබී ඇත.
සිංහල භාෂාව මෙන් නම්‍යශීලී නොවන ඉංගී‍්‍රසි භාෂාවේ යෙදුම් ඍජුවම ප්‍රකාශ කිරීම විශේෂත්වයකි. ඉන් ඔබ්බට යමින් නම්‍යශීලී ලෙස අදහසක් ප්‍රකාශ කිරීමට ඉංගී‍්‍රසි සාහිත්‍යය තුළින් හැකි වී තිබේ.
කවියක්, කතන්දරයක්, නව කතාවක් ආකර්ෂණීය මෙන්ම ව්‍යංගාර්ථවත්ව ප්‍රකාශ කිරීමේ හැකියාව මඟින් ඉංගී‍්‍රසි භාෂාව රසවත් වී ඇත.
ඉංගී‍්‍රසි සාහිත්‍යය විෂයය නිර්දේශයට කවි (නධඥථ) 20ක්, කෙටි කතා 4 ක්, නාට්‍ය 2 ක් සහ නව කතාවක් (ව්ධමඥත) ඇතුළත් වේ.
නිරතුරුවම සමාජයට යම් වටිනා පණිවුඩයක් දීමට මෙය රුකුලක් වීම හේතුවෙන් මෙම විෂයය දරුවන්ට වඩාත් වැදගත් වේ. මින් සමාජගත කරන පණිවුඩය කුමක් ද යන්න ගැන විශ්ලේෂණාත්මකව බැලීම හරහා එය තමාට මෙන්ම සමාජයට කොතෙක් දුරට වැදගත් වන්නේ ද යන්න උකහා ගත යුතුය. හොඳින් අවබෝධ කරගැනීමෙන් මෙය ඉතා රසවත් විෂයයක් බවට පත්කරගැනීමේ හැකියාව ඇතිකරගත යුත්තේ දරුවනි, ඔබ විසින්මය.
උපදෙස් -
සියනෑ ජාතික
අධ්‍යාපන පීඨයේ
ඉංගී‍්‍රසි භාෂා කථිකාචාර්ය
මෙරිල් පීරිස්
2019/11/13 තරුණි බලන්න...