වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
Z දරුවෝ ගැන A to Z

නව යොවුන් වියේ දරුවන්, පිළිබඳව වෙනදාට වඩා කතාබහ කරන්නට සිදුව තිබේ. ඔවුන් Z පරම්පරාවේ අයයි. නවීන තාක්ෂණය ජීවිතයට බද්ධ වූ අයයි.
10ත් 19ත් අතර වයසේ පසුවන්නේ නව යොවුන් වියේ දරුවන්ය. අවුරුදු 15ත් 24ත් අතර වයසේ පසුවන්නේ යොවුන් වියේ දරුවන්ය. මිලියන 22ක ජනගහනයෙන් 3.5ක්ම සිටිනුයේ නව යොවුන් වියේ පසුවන්නන්ය. මින් බහුතරයන් සිටිනුයේ පාසල තුළයි. ඔවුන් ළමා වියත් වැඩිහිටි වියත් අතර වෙනස්කම් සමූහයකට බඳුන්වන කාලයක පසුවේ.
ඒ කායික, මානසික හා සාමාජයීය වශයෙනි. ගතින් වැඩුණත් මොළය වර්ධනය ඒ හා සමානවම සිදුවී නොමැත. මොළය පරිණත වීම සිදුවන්නේ පිටුපස සිට ඉදිරිපසටයි. අවසානයට පරිණත වන්නේ මොළය ඉදිරිපස පිහිටා ඇති පූර්ව කර්ණිකාවයි. හේතූ බලමින්, ප්‍රතිඵල බලමින් තීන්දු තීරණ ගන්නේ පූර්ව කර්ණිකාව පරිණත වූ පසුවයි. ඒ අනුව නව යොවුන් වියේ දරුවන්ට එම හැකියාව තරමක් අඩුවේ. මේ නිසා වයසට නොගැළපෙන දෑ අත්හදා බලන්නට උත්සාහ කරයි.
ගෝලීය සමීක්ෂණවලට අනුව සෞඛ්‍යට අදාළ චර්යාවන් අතරින්
අඩු බර දරුවන් සියයට 21.4ක්
අධි බර දරුවන් සියයට 12.1ක් (වැඩි ප්‍රමාණය ගැහැනු දරුවන්)
ස්ථූල දරුවන් සියයට 3ක් (වැඩි ප්‍රමාණය පිරිමි දරුවන්) බොහෝ දරුවන් සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාරවලින් කුස පුරවා ගනී.
* එළවලු හා පලතුරු ආහාරයට ගැනීම ඉතාම අඩු ප්‍රතිශතයක පවතී.
* කාබනේට අඩංගු බීම ගැනීම සියයට 17.4
* පැණි බීම ගැනීම සියයට 28ක්
සීනි, ලුණු සහිත ආහාර ගැනීම වැඩි ප්‍රතිශතයක
* ක්ෂණික ආහාර ගැනීමත් වැඩි ප්‍රතිශතයක
* නව යොවුන් වියේ දරුවන් දිනකට විනාඩි 60ක් ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත විය යුතු වේ.
* සනීපාරක්ෂක පුරුදු අනුගමනය කරන දරුවන් ප්‍රමාණය අඩු වී තිබේ.
බෝනොවන රෝග සඳහා මුඛ සෞඛ්‍යය වැදගත් වේ. දරුවන් බොහෝ ප්‍රමාණයක් දිනකට දෙවරක් දත් මදින්නේ නැත. ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිත කිරීම ද තරමක් අඩුවී තිබේ. මුඛ සෞඛ්‍ය ගැටලු නිසා සුළු ප්‍රතිශතයක් පාසල් අධ්‍යාපනයද කඩාකප්පල් කරගෙන තිබේ.
* මානසික සෞඛ්‍ය ගැටලු යම් තරමකට වැඩිවී ඇත. සියයට 22.4 පමණ ප්‍රමාණයකට ඇත්තේ හුදෙකලාවීම පිළිබඳ ගැටලුයි. යම් යම් ගැටලු නිසා නින්ද අඩු වී තිබේ. සිත් තැවුල් මේ සඳහා බලපෑ ඇත.
* බොහෝ දෙනෙකුට සමීප මිතුරන් ඇත්තේ අඩුවෙනි. සමාජ මාධ්‍ය සමඟින් ගත කිරීම මෙම හුදෙකලා බවට ප්‍රධානම හේතුවයි.
* සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීම ඒ සඳහා සැලසුම් කිරීම, සියදිවි හානි කර ගැනීම ක්‍රමයෙන් වැඩි වී තිබේ. මේ වයසේදී මොළයේ පරිණත බව අඩුවීම මීට හේතුවයි. මානසික උපදේශන සඳහා විවිධ ආයතන ඇතත් ඒවාට යොමු වීම අඩුවී තිබේ.
* පාසල් දරුවන් අතර අන් අය රැවටීම, වංචා කිරීමට උත්සාහ කිරීම වැඩිවී තිබේ.
* සිගරට් භාවිතය, මත්පැන් පානය ද ක්‍රමයෙන් වැඩිවී තිබේ. පිරිමි දරුවන්ට සාපේක්ෂව ගැහැනු දරුවන්ගේ ප්‍රමාණය තරමක් අඩු වුවත් ගැහැනු දරුවන් මේ සඳහා යොමු වීම පෙරට වඩා වැඩිවී තිබේ.
e සිගරට් භාවිතය ද ඊට අයත් වේ.
* නව යොවුන් වියේ පසුවන දරුවන් අතර නින්ද ද තරමක් අඩුවී තිබේ. පැය අටක නින්දක් ඔවුන්ට අත්‍යවශ්‍ය වේ. සෞඛ්‍ය, අධ්‍යාපන කටයුතුවල නිරතවීම මේ ආදී සියලු දේ සඳහා නින්ද ඔවුන්ට ලැබිය යුතුම වේ. සමාජ මාධ්‍යවල වැඩි කාල වේලාවක් ගත කිරීම මීට බලපෑ හැකියි.
* මාර්ගවල රිය අනතුරු සඳහා මුහුණ දී ඇති දරුවන් ප්‍රමාණයද පෙරට වඩා වැඩිවී තිබේ.
* ප්‍රචණ්ඩත්වය සහ නොදැනුවත්කම නිසා සිදුවන අනතුරුද වැඩිවී ඇත.
* HIV වයිරසය පිළිබඳ දරුවන්ගේ දැනුම්වත්භාවය එතරම් වැඩි වී නැත. 9වන ශ්‍රේණියෙන් පසුව දරුවන් සෞඛ්‍ය හා අධ්‍යාපනය යන විෂය අනිවාර්යයෙන්ම හදාරන විෂයක් නොවීම මීට හේතුවකි. දරුවන්ගෙන් සියයට 45ක පමණ ප්‍රතිශතයක් සෞඛ්‍ය විෂයය සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගනී.
* 44.2ක් HIV පිළිබඳ දැන සිටී.
* ගැබ් ගැනීමෙන් වැළකී සිටීම පිළිබඳ දැනුම්වත්භාවයක් ඇති දරුවන් ගණන සියයට 42.9කි.
* ලිංගික හිංසනයෙන් වැළකී සිටීම පිළිබඳ දැනුම්වත්භාවයක් ඇති දරුවන් ගණන සියයට 57.7කි.
* පාසල සමඟ ඇති සම්බන්ධතාව, සම වයස් දරුවන් සමඟ ඇති සම්බන්ධතාව දෙමාපියන් සමඟ ඇති සම්බන්ධතාව ද ක්‍රමයෙන් අඩු වී තිබේ.
*දරුවන්ගෙන් දිනකට පැය තුනකට වඩා වැඩි ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ඇතුළුව අධ්‍යාපන නොවන කටයුතු සඳහා කාලය ගත කරයි. මේ සඳහා මාපියන් නීති රීති පැනවීම තරමක් වැඩි වී තිබේ.
උපදෙස් :
ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය
චිරන්තිකා විතාන