මල් මංගල්‍යයට කේක් නිර්මාණ

මැයි 27, 2020

හැම දෙයක්ම සිද්දවෙන්නේ අප කවුරුත් නොසිතූ විදිහට. රටේ උද්ගත වෙලා තියන කොරෝනා වසංගත තත්ත්වය නිසා බොහෝ දෙනකුගේ බලාපොරොත්තු සුන් වෙලා. විශේෂයෙන්ම මේ දවස්වල විවාහ මංගල්‍යය උත්සව ගන්න සූදානම් වෙලා හිටපු තරුණ තරුණියන් බොහෝ දෙනකුට දින නියමයක් නොමැතිව ඒවා කල් දමන්න සිදුවෙලා. වෛද්‍යවරුන් පවසන්නේ තවත් අවුරුදු දෙකක් පමණ මේ තත්ත්වය පවතීවි යන්නයි. ඉතින් එතෙක්කල් විවාහ මංගල්‍යය කල් දමන්නත් බැහැ. ලොකුවට නැතත් චාම් විදිහට හරි චාරිත්‍ර ටික කරලා මේ උත්සවය පවත්වන්න සිද්දවෙනවා. එහෙම හිතනකොට මංගල්‍යය උත්සවයක කේක් කපන එකත් දැන් චාරිත්‍රයක් වෙලා. ඒ නිසා වැඩිය ලොකුවට නොවුණත් චාම් විදිහට හරි කේක් එකකුත් හදන්න ඕනෙ. ඉතිං අපි මේ සුදානම් වෙන්නෙ ඒ සඳහා ඔබට අත්වැලක් සපයන්නයි. බලන්න අප ඉදිරිපත් කරන මේ කේක් නිර්මාණ පෙළ ඔබට ඒ සඳහා ගොඩක් වටීවි.

 

රෝස මල් සහ සමනලුන්ගෙන් හැඩ වී

 

මේ සඳහා කිලෝ දෙකක ප්‍රමාණයේ රවුම් කේක් පහක් අවශ්‍යවේ. ඉන්පසු මේ කේක් එකමත එක තබා බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න.

ඉන්පසු සම්පුර්ණ කේක් එක බාස්කට් හැඩයට කපා බටර් අයිසිං තවරා නැවත ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කරගන්න. දැන් මේ කේක් එක එම වර්ණ ෆොන්ඩන්ට්වලින්ම කවර්කළ බේස්බෝඩ් එක මත තබාගන්න. එහි උඩට පාච්මන්ට් අයිසිංවලින් සාදාගත් රෝසමල්, ෆොගෙට් මී නොට් මල් සහ අයිවි කොළ සාදා අලවන්න.

කේක් එක වටේට පාච්මන්ට් අයිසිංවලින් සමනලුන් සාදා අලවා බෙස්බෝඩ් එක මතද රෝසමල් පොකුරක ආකාරයට සකස්කර අලවාගන්න.

 

උපදෙස්

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ප්‍රදිකා විජේසූරිය

 

 

2020/05/27 තරුණි  පුවත්පත බලන්න.