ලස්සන වෙන්න Make-up ඕනෙම ද?

ජුනි 19, 2019

ඔයාලා හිතන්නෙත් ලස්සන වෙන්න අනිවාර්යයෙන්ම ර්චඬඥ භන ඕනෙමයි කියලද? නෑ. ඒක එහෙම වෙන්න නෑ. කාන්තාවකගෙ ආකර්ෂණය තමයි වඩාත් වැදගත් වෙන්නෙ. ඉතින් කොහොමද අපි ආකර්ෂණීය කාන්තාවක් වෙන්නේ.

ආදරයේ උල්පත කියන්නේ මවට. මවක් වෙන්න පුළුවන්කම තියෙන්නේ කාන්තාවකට. කොහොම වුණත් වර්තමානයේ දී කාන්තාව කියන්නේ ‘කුස්සියට’ කොටු නොවුණ ලෝකයම දිනන කෙනෙක්.

ඒ නිසාම කාන්තාව ආකර්ෂණීය වීම හරිම වටිනවා. කරන කියන දේවල්වලින් ආකර්ෂණීය වෙන්න පුළුවන් වගේම පෙනුමෙනුත් ආකර්ෂණීය වීම මේ කාලයේ ඉතාම අවශ්‍යයි.

මුහුණේ ලස්සන හදවතේ නැත්නම්?

කාන්තාවක් සාමාන්‍යයෙන් වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ මුහුණට. සියලු රූපලාවණ්‍ය වැඩවලින් ලොකුම වෙහෙස දරන්නේ මුහුණ වෙනුවෙන්. කුඩා කුරුලෑවක් ආවත් ලෝක විනාශය වගේ කාන්තාවො මානසිකව විඳවනවා.

එහෙත් මුහුණ විතරක් ආකර්ෂණීය වුණාම ප්‍රමාණවත් ද? ඇත්තෙන්ම නැහැ. ඉතාම අපූරු හදවතක් තියෙන එක කාන්තාවකට හරිම වටිනවා. කාන්තාවකගේ හදවතකට පුළුවන් බොහෝ දේ කරන්න.

එතකොට ශරීරයේ හැඩය

ඔව්. ඒ ගැන තමයි මේ කතාව. මුහුණ ගැන විතරක් හිතන අපිට ශරීරය ගැන හිතන එක මඟ හැරෙන්න පුළුවන්. අපි ‘ෂෝ’ එකට ජිම් යනවා. ඒ එක්කම ‘වෝර්ක්’ කරන්න යනවා. හැබැයි ඒක කරලා ඉවර වෙච්ච ගමන් ළඟම කඩෙන් ෂෝර්ටීස්ට් කනවා. ඉතින් අපේ ජිම් යෑමෙයි, වෝර්ක් කිරීමෙයි තේරුමක් තියෙනව ද?

සමහරවිට අපි ශරීරය් තරබාරුකම ගැන නොසලකා හරිනවා. අවසානෙදි ඔබ හිතනවාට වඩා විරූපී වෙලා.

පෙනුම විතරක් ඇති ද?

මෙහෙම අහන අයත්, හිතන අයත් ඕනෙ තරම් ඉන්නවා. එහෙම අයට කියන්න තියෙන්නේ ඔයා වැරැදියි කියන එකයි. ආකර්ෂණීය කාන්තාවක් වෙන්න පෙනුමම විශේෂ නෑ. එයාගේ ගමන බිමන, හැසිරීම, කතාබහ, අනුන් එක්ක ජීවත්වෙන විදිහ පවා ආකර්ෂණයට හේතු වෙනවා. ආචාරශීලී හැසිරීම, කතාවේදී සුන්දර වචන භාවිත කිරීම, අන් අයට කාරුණිකව සැලකීම ගොඩක් වැදගත්.

 

 

2019/06/19 තරුණි බලන්න