ඇබර්ඩීන් සුවය විඳිමින්

ලොව දුර්ල භ ම අත්දැකීමක් ලබමු
අගෝස්තු 28, 2019

මේ මිහිමඬල සැබැවින්ම හැඩකාරය. ඒ හැඩකාර මිහිමඩලේ සුන්දරත්වය කැටිවුණුු සුවිශේෂී දිවයිනක් ලෙස අපේ රටට ඇත්තේ ඉහළම පිළිගැනීමකි.

තුරු ලතා පිරි, ඇළ දොළ ගංගා, දිය ඇලි පිසගෙන එන මඳනල මුළු ගතටම සුවයකි.

කඳුමතින් ඇදහැලෙන දිය දහරක සොඳුරු බවත් ඒ දිය දහරාව ගංගාවක් ලෙස ගලද්දී හැඩවෙන ලතාවත් අතීතයේ අපි අරුමයකින් තොරව විඳ ගත්තෙමු.

එහෙත් කාලය විසින් අපට බොහෝ දෑ අහිමි කර තිබේ. දවසින් දවස නාගරික වූ පරිසරය තුළ කොටු වූ අප මේ පරිසරය අහිමි කරගත්තේ සංවර්ධනය නිසා කොන්ක්‍රීට් වනාන්තර ඉදිකර ගනිමිනි.

දැන් අප සොයන්නේ එම අහිමි වූ සුවයයි.

අප පසුගිය සතියේ ඔබව රැගෙන ගියේ ලක්ෂපාන දිය දහරාවේ සුවය විඳගන්නටයි. පවුලක් ලෙසින් අපට සුවය විඳින්නට ඇති සොඳුරු ඉසව්වක් වු ගිණිගත්හේන ප්‍රදේශයේ වූ ලක්ෂපාන දියඇල්ල මේ දිනල තරමක් ආඩම්බරය. ඒ ආඩම්බරකාරිය තවත් හැඩ වෙන්නේ හොඳින් ලැබෙන වර්ෂාවෙනි. අප මේ පාසල් නිවාඩු කාලේ ඔබේ පවුලේ සාමාජිකයන් සමඟ යන්නට සොඳුරුම ප්‍රදේශයක් ලෙසින් ගිණිගත්හේන ගැන තැබූ සටහනට ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි. බොහෝ දෙනෙකු අපගෙන් ඇසුවේ එහි නරඹන්නට ඇති තවත් ස්ථාන ගැනයි.

පසුගිය සතියේ අප පොරොන්දු වු ලෙසින්ම අප ඔබව කැඳවාගෙන යන්නේ කන්ද උඩරට සීත පරිසරයට පිවිසෙන විටම හමුවන ඉසව්වකටයි. එය සැබැවින්ම පරිසර විමානයකි. එහි ඔබට විවේකය ලබන්නට ඇති තැන් බොහෝය. ඇබර්ඩින් දිය කොමලිය ඔබ එහි පැමිණෙන තෙක් මඟ බලා සිටියි.

 

 

විශේෂ ස්තූතිය - ගිණිගත්හේන ර්රඵබඪජ ජ්චතතච ඕභදඨචතධඹ හි අධිපති අතුල කුමාර මහතාට

 

2019/08/28 තරුණි බලන්න