සත්ත්ව සුරතලාගෙන්

ජීවිතය ලස්සන වෙනවා
නොවැම්බර් 13, 2019

 

යුරෝපයේ සමහර රටවල වෛද්‍යවරුන් පවුලකට පුංචි අමුත්තකු එක්වූ විට අසන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ “ ඔයාගෙ ගෙදර හුරතලෙක් ඉන්නවද ? “ යන පැනයයි. පිළිතුර නැහැ නම් ඔවුන් උපදෙස් දෙන්නේ සුරතලකු හදාගන්නා ලෙසටයි. ඒ කුඩා වියේ සිට සත්ත්ව සුරතලකු ජීවිතයට අවශ්‍ය නිසයි. මිනිසා බොහෝ නිර්මාණ කර තිබෙන්නේ, පාඩම් උගෙන තිබෙන්නේ සතුන්ගෙනි. එපමණක් නොව මානව වර්ගයාට සතුටින් විනෝදෙන් සුවයෙන් ජීවත් වීමට අපේ සත්ත්ව සුරතලුන් මඟ පාදයි.

‘ධනාත්මක සිතිවිලි“ අද කාලයේ වැඩිදෙනකු ආයාසයෙන් ඇතිකර ගැනීමට උත්සාහ ගනී. ආතතියෙන් හිස යකාගේ කම්මලක් වී ඇති මොහොතක සුනඛ සුරතලාගේ ළෙන්ගතු වලිගය වැනීමකින්, බළල් සුරතලාගේ පුරු පුරු නාදයෙන් සිතට සැනසුමක් ලැබෙයි.

සත්ත්ව සුරතලකු සිටීම කල්‍යාණ මිතුරකු සිටීම හා සමානය. ඔවුනගේ කොන්දේසි විරහිත ආදරය නිසා හාම්පුතුන් ක්‍රියාකාරී වෙයි. එය හදවතට හිතකරය. දිනපතා සුනඛ සුරතලා සමඟ ඇවිදින්නේ නම් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ද ඉබේම අඩුවී යයි.

බල්ලන්, පූසන්, මාළුන් ආදීවූ සියලු සුරතල් සතුන් ආතතිය පලවා හරින්නන්ය. හාම්පුතා ආතතියෙන් සිටිනවිට ඊට ප්‍රතිචාර දක්වන සුරතලුන් සිටියි.

 

2019/11/13 තරුණි බලන්න.....