බටහිර මනාලියට...

මාර්තු 4, 2020

ගවුම් විලාසිතා තෝරාගන්නේ කොහොම ද ?

බටහිර සම්ප්‍රදායට හැඩගැන්වුණු මනාලියන් බෙහෙවින්ම ආකර්ෂණීයයි. ඔවුන් සම්ප්‍රදායන්ට එතරම්ම අනුගත නොවන නිසා වෛවර්ණ මෝස්තරවලින් හැඩ ගැන්වෙයි.

මෙවැනි මනාලියන් බොහෝවිට දේවස්ථානයේ විවාහ මංගල්‍යන් පවත්වන අයයි. දේවස්ථානයේ දේවගැතිවරුන්ගේ නීතිරීති අනුව දැන් දැන් බටහිර මනාලියගේ වුව කර වඩාත් ගැඹුරට නොකපා සාමාන්‍ය ගවුමක කර මෝස්තරයක් ආදේශ කරයි.

වර්ග කිහිපයකින්

බටහිර ක්‍රමයට අනුව නිමවෙන ගවුම් වර්ග කිහිපයක්ම තිබේ. බෝල් ගවුන්, ඒ ලයින්, ෆිෂ්ටේල්.. ආදිය ඉන් කිහිපයකි.

මේ කවර ක්‍රමයක් තෝරාගත හැකිවුවත් මනාලියගේ සිරුරේ හැඩයට මුල් තැන දේ. බෝල් ගවුන් ක්‍රමයට කැමැති නම් බක්‍රම් එක දමා ගවුම පිම්බෙන්නට තබයි.

ෆිෂ්ටේල් හැඩය තෝරාගන්නේ ද?

පපුව සහ උකුළ අතර ප්‍රදේශය එනම් ඉණ සිහින්ව ඇත්නම් එවැනි කෙනකුගේ සිරුර ලස්සන නිසා ෆිෂ්ටේල් හැඩැති ගවුමක් වඩාත් සුදුසු වේ. මෙහිදී උදරය ප්‍රදේශය ද මස් එල්ලා නොවැටෙන පරිදි තිබිය යුතුයි. උදරය යන්තමින් හෝ තිබේ නම් බෙල්ට් එකක්, ගර්ඩ්ල් එකක් ඇඳීමට උපදෙස් ලබාදේ. සාමාන්‍ය ගවුමක දී ඉණ සිහින්ව පෙනේ නම් ඉන් අලංකෘත බවක් දිස් වේ. එසේම පපුව ප්‍රදේශය පිළිවෙළට තිබිය යුතුය. සාමාන්‍යයෙන් ගවුමක් නිර්මාණය කරද්දී උස, මහත, සිරුරේ පැහැය, පපුව, ඉණ, උකුළ, නිතඹ හැඩැතිව තිබීම වැනි කාරණා කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වයි.

side wear

ඉහත අංගයන්ගේ යම් යම් අඩුපාඩු ඇත්නම් ඉණ සිහින් කරමින් උදරය එල්ලා නොවැටීමට ගර්ඩ්ල් එකක්, උකුළ, නිතඹ ආදිය හැඩැතිව පෙන්වීමට පැඩඩ්වලින් සෑදූ  side wear  එකක් ඇඳීමට උපදෙස් ලබාදේ. මේ දේවල්වලින් කරන්නේ සිරුරේ හැඩය මතුකිරීමයි.

බොහෝ බටහිර මනාලියන් ගවුමට ටේල් එකක් එකතු කිරීමට කැමැතියි. මෙහිදී ඇය dance එකකට එකතු වේ නම් ටේල් එක ඊට අවහිර වේවි. එවිට ටේල් එකේ අගට ලූප් එකක් දමා ඇඟිල්ලක රැඳවිය හැකි ලෙසට සකස් කරයි. බක්‍රම් එක දැමූ ගවුමක නම් බක්‍රම් එක නිසා ගවුම කකුලේ නොගැටේවි.

 

2020/03/04 තරුණි බලන්න

 

අදහස් දැක්වීම ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී

අමා චතුරිකා දේශප්‍රිය