මී පැණි රත් කරන්න හොඳද?

ජනවාරි 20, 2021

 

මීපැණි රත් කිරීම මේ දිනවල කතා බහට ලක්වෙන මාතෘතාවකි. ඔසුවකට මීපැණි රත් කළ ද ආහාරයක් රස ගැන්වීමට මී පැණි රත් කළ ද එය සුදුසු ද නැති ද යන ගැටලුව අපට පැන නඟියි.

නැවුම් මී පැණිවල ප්‍රෝබයොටික්ස්, එන්සයිම, ඇමයිනෝ අම්ල, විටමින් සී,ඩී, ඊ, කේ, බී, බීටා - කැරොටීන් අඩුවක් නැතිව පවතියි. මේ සියල්ලක්ම අපේ ශරීර සුවතාව ඉහළ නංවයි. ස්වසන ආසාදන වැළැක්වීමේ ගුණයක් ඇති නිසා කෝවිඩ් සමයේ වැඩිපුර කතා බහට ලක්වෙන ඔසුවක් බවට මී පැණි පත්වී තිබෙයි. කිසිදු අතුරු ආබාධයක් නැති ස්වාභාවික ප්‍රතිජීවකයක් නිසා මී පැණි හා සම අන් ඔසු ආයුර්වේදයේ ඇත්තේ සීමා සහිතවය.

එහෙත් පිසූ හෝඋණු කළ මී පැණි එසේ නැත. මී පැණි පිසීමේදී එහි අඩංගු අත්‍යාවශ්‍ය එන්සයිම සහ පෝෂක විනාශ වෙයි. ඇතැම් විට රත්කළ මී පැණි මාරාන්තික වීමට පවා පුළුවන.

සෙල්සියස් අංශක 40 ට මී පැණි රත්කළ විට විස රසායන නිපදවී තිත්ත රසයක් ද එක් වෙයි. ර ත් කළ මී පැණි ගම් ස්වභාවයට පත්වන අතර ඒවා ජීර්ණ පද්ධතියේ ශ්ලේෂ්මල පටකවල ඇලී ආම නම් විස නිපදවෙයි. ආයුර්වේදයේ සිරුර රෝගී කරන ප්‍රධාන හේතුවක් ලෙස ආම නම් විස දක්වා ඇත.

ආයුර්වේද වෛද්‍ය සුධා අසෝකන්ගේ ලිපියකිනි