වෙසක් කූඩුවලට ඇයි මේ කෙනෙහිලි?

මැයි 15, 2019

බක් මහේ ලැබූ අමිහිරි අත්දැකීමක් සමඟ මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් තොරණ, දන්සල් ආදිය නොතිබුණත් සම්බුදු තෙමඟුල වෙනුවෙන් තමුන්ගේ නිවහනේ සිට යමක් කරන්න කවුරුත් මේ දිනවල සැරසෙනවා. නිවෙස ඉදිරිපිට පහන්වැට දල්වන්න වෙසක් කූඩුවක් පත්තු කරන්න බෞද්ධ අභිමානය ලොවට කියන්න බෞද්ධයන් පමණක් නොවෙයි කතෝලික ජනතාවත් බෞද්ධයන් සමඟ අත්වැල් බැඳගෙන මේ දිනවල සූදානම් වෙන්නේ හරිම උනන්දුවෙන්.

වෙසක් දිනයට වෙසක් කුඩුවක් දල්වා ලබන ආත්මිය සුවය හා සිතට දැනෙන සැනසුම අපිරිමිතයි. පරිසරයත්, බුදුදහමත් අතර වු සැබැඳියාවෙන් නිර්මාණය වුණු මේ සංකල්පය හරිම සුන්දරයි. වෙසක් දිනය ළං වෙනවිට වැඩියෙන්ම සතුට ලබන්නේ කුඩා දරුවන්. බටලී කපාගෙන, ඔට්ටුපාළු කැබැලි සොයාගෙන, සාදන වෙසක් කූඩුවක් දල්වන්න දරුවෝ බලා සිටින්නේ හරිම ආසාවෙන්. සමහරවිට ඒ කූඩුව දල්වන විටම දැවී අළුවෙන්නේ අප නොසිතන ලෙසින්...

හැබැයි මේ වගේ වෙසක් කූඩුවක් තනා ගන්න බටලී සොයා ගන්න නගරයේ ඉඩක් දැන් නැහැ. කූඩු හදන්න, අලවන්න, කාලයකුත් නැහැනේ. ඒ මිහිරි මතකය ඇති වැඩිහිටියන් අදත් ඒ ගැන සිහිකරමින් සතුටු වෙන්නේ ඒ නිසයි. ඒත් ඔවුන්ගේ සිත් තුළ බෞද්ධකම අඩුවෙලා නැහැ. ඒ නිසා කඩයෙන් මිලදී ගත් වෙසක් කුඩුවක් දෙකක් ගෙදරක ඉදිරිපිට එල්ලන්න අමතක කරන්නෙම නැති තරම්.

අපි අද මග තොටදී දකින ඒ ලස්සන වෙසක් කූඩු නිර්මාණය කිරීමත්, අලෙවියත් අප දකින වෙසක් කූඩුවක සුන්දරත්වය තරම්ම මිහිරි නැහැ. අපේම යුවතියන්ගේ සියැමැලි දෑතින් මැවෙන ඒ ලස්සන පහන් කූඩු තැනෙන ආකාරයත් ඒවා අලෙවි කරන ආකාරයත් අප සොයා ගියේ රත්මලානේ උපේන්ද්‍රා ශ්‍රී ලක්මාලීගේ නිවහනට. වසර 7 ක් පුරා වෙසක් පහන් කුඩු නිර්මාණය කරමින් අළෙවි කරන ඇය හා ඇයගේ දයාබර සැමියා මේ වන විට මෙම පහන්කූඩු තැනීමේ කටයුත්ත ගෘහස්ථ ව්‍යාපාරයක් ලෙසින් ඉතාම සාර්ථක අන්දමින් සිදු කරමින් විශාල මුදලක් උපයයි. තම නිවෙසේ පහන්කූඩු කිහිපයක් සෑදීමෙන් ආරම්භ කළ මෙම පුංචි ව්‍යාපාරය අද මුළු ලංකාවටම පහන්කූඩු සපයන ව්‍යාපාරයක් බවට පත් වූ අයුරු ඇය අපට හෙළි කළේ මහත් සතුටින් හා සෙනෙහසින්.

2019/05/15 තරුණි බලන්න.