ඉවත දමන ප්ලාස්ටික් කෑන්වලින්

පෙබරවාරි 13, 2019

ලස්සනට මල් ටිකක් හිටවගන්න එළවළු ටිකක් හිටවගන්න, පෝච්චි ටිකක් ගන්න ඕනෙ. වත්තත් ඉඩ නැති නිසා පෝචිචිවලවත් හිටවගන්න වෙනවා. ඒත් ඒවා ගන්නවත් එළියට යන්න වෙලාවක් කොහෙද?

මෙවැනි මැසිවිලි අපේ ගෘහණියන් අතර අඩුවක් නැහැ. ඉතිං ඇයි ඔබ මේ තරම් පසුතැවෙන්නෙ. ඔබේ නිර්මාණශීලී හැකියාවත් එකතුකරලා අඩුම වියදමකින් හරිම අපූරු පෝච්චි ටිකක් ගෙදරදීම හදාගන්න කියලා දෙන්නයි මේ සූදානම් වෙන්නෙ. මේ සඳහා අවශ්‍ය වෙන්නෙ ඔබ පාවිච්චියට ගෙන ඉවතලන බෝතල් සහ කෑන් කීපයක්. තව වර්ණ කීපයකින් ලැකර් තීන්තත් ඕනෙ වෙනවා. ඒ විතරක් නෙමේ තීන්ත ගාන්න පින්සල් දෙක තුනකුත් ඕනෙ.

දැන් ඉතිං අපි බලමු මේ පෝචිචි හදාගන්නෙ කොහොමද කියලා. ඒ සඳහා මුලින්ම ඔයාලා කෑන්ටික හොඳින් පිරිසුදු කරගන්න ඕනෙ. ඉන්පසුසෙ කෑන් එකේ අඩිය කොටස වටේට කපාගන්න. දැන් කැමැති නම් සම්පූර්ණ කෑන් එකේම ලැකර් ආලේප කරන්න පුළුවන් නැතිනම් කෑන්එකේ හැඬල් කොටස නහය විදිහට අරගෙන එහි දෙපසින් ඇස් දෙකක් සහ යටින් කට ඇඳගන්න. බලන්න,. දැන් ඔයාලට ලස්සන මූණක් පේනවා නේද? මේ විදිහට හැඩ වෙනස් කරලා ඔයාලට ඕනෙ විදිහට මුහුණු ඇඳගන්න පුළුවන්. ඊට පස්සෙ ඒවා වේළෙන්න තියලා උඩින් සිදුරු දෙකක් විදලා එල්ලෙන්න කම්බි දෙකක් සවිකරගන්න ඕනෙ. දැන් ඔයාලට මේ කෑන්වල පුංචි පුංචි මල් වර්ග, එළවළු, පුංචි තෘණවර්ග හිටවගන්න පුළුවන්.

මෙහෙම වර්ණ ගන්වලා හදාගත්තු බෝතල් කෑන්වලින් පුංචි ගෙවත්තක් හදාගන්නත් දැන් ඔයාලට අවස්ථාව තියනවා.

 

2019/02/13 තරුණි බලන්න.