වර්ෂ 2024 ක්වූ May 06 වැනිදා Monday
ග්ලිටර් ෂීට් වලින් හැඩැති අත්කම්
නිවෙස හැඩවැඩ කරගන්නට, එය දැකුම්කලු ස්ථානයක් බවට පත්කරගන්නට අපි විවිධාකාරයේ නිර්මාණ භාවිත කරන්නෙමු.
කතිර රටා, එම්බ්‍රොයිඩරි, පැච්වර්ක් ආදී විවිධ මැහුම්, ගෙතුම්, අත්කම්වලින් සකසා ගන්නා නෙත පිනවන සොඳුරු නිර්මාණ නිවෙසට කදිම කලඑළියක් රැගෙන එනවා නොඅනුමානයි.
මේ මැහුම් ගෙතුම්වලට අමතරව දේදුනු වර්ණ සහිත විවිධ කඩදාසි ආශ්‍රයෙන් ද පේපර් කුවිලිං, පේපර් ටෝල් වැනි අත්කම් නිර්මාණ සකසාගත හැකියි. පාට පාට ඒ4 කඩදාසිවලින් පමණක් නොව වෙළෙඳපොළෙන් මිලදී ගතහැකි ග්ලිටර් ෂීට්වලින් ද කදිම බිතු සිතුවම්, අත්කම් සැකසිය හැකි බව ඔබ දන්නවා ද?
බලන්න මේ අපූරු නිර්මාණ කිහිපය දෙස. නිවෙසෙහි බිත්තිය කලඑළි කරනා බිතු සිතුවම් සඳහා මෙන්ම සුබ පැතුම් නිර්මාණයටත් මේ ග්ලීටර් ෂීට් කදිමයි නේද? ඒ විතරක් ද.... පාසල් යන ඔබේ පුංචි දියණියගේ, පුතණුවන්ගේ විවිධ අත්කම් ආදියත් හරිම අලංකාරව මේ ආකාරයට සකසාගත හැකියි.
2019/02/27 තරුණි බලන්න.