වර්ෂ 2025 ක්වූ June 09 වැනිදා Monday
පබළුවලින් ජීවය ලද මල් වැලක සුන්දරත්වය

හදවතක හැඩයට සැකසූ පබළු මල් වැලක සුන්දරත්වයයි මේ. මෙවැනි නිර්මාණයක් නිවෙස ලස්සන කරන්න වගේම තෑගි දෙන්නත් හරිම අපූරුයි.
අවශ්‍ය ද්‍රව්‍ය
රෝස, කොළ හා සුදු වර්ණ බීඩ්ස්
ගේජ් 24 හෝ 26 සිල්වර් කම්බි
ගේජ් 26 කොළ කම්බි
සිමෙන්ති, ටයිටේනියම් පොට් එකක්
නිර්මාණය කිරීම
සිල්වර් කම්බිය ගෙන එයට රෝස බීඩ්ස් කිහිපයක් දමා දෙකට නමා කම්බිය කරකවා තද කරගන්න. නැවතත් එක් පැත්තක කම්බියට බීඩ්ස් දමා සාදාගත් පෙත්ත වටේට තබා තදකර ගන්න.
දැන් අනෙක් කම්බියට බීඩ්ස් දමා එයත් පෙරසේ තබා තදකර ගන්න. එක් මල් පෙත්තක් සාදාගත් පසු අනෙක් පෙති ද එසේ සාදා ගන්න.
2019/06/05 තරුණි බලන්න