මංගල උත්සවයක කැපී පෙනෙන්නට සුදු පාට කරාබු

මැයි 23, 2022

 

මේ උදාවී තිබෙන්නේ මල් මනාලියන්ගේ වසන්තයයි. මේ නිසාම මංගල උත්සවවල අඩුවක් නම් නැහැ. මේ වගේ උත්සවයකට යනකොට සාරිය මෙන්ම ගවුම් අඳින අයට ගැළැපෙන විලාසිතාවක කරාබු යුගලකි මේ.

 

අවශ්‍ය දේවල්

වෙළෙඳපොළෙන් ගත් මල්

හැඩැති කොටස් දෙකක්

සුදු පබළු (8 mm)

සුදු පබළු (4 mm)

රිදී වර්ණ පබළු (6 mm)

රිදී වර්ණ අයි පින්ස්,

හෙඩ්

පින්ස්, චේන් කොටසක්

රිදී වර්ණ ස්ටඩ්, උල්

අඬුව,

ගම් වර්ගයක්

 

සාදාගන්නා ආකාරය

පළමුව සුදු හැඩැති මල් පෙත්තේ පිටුපසින් අයි පින් එකේ රවුම් හැඩැති කොටස එළියට සිටිනසේ තබා හොඳින් අලවා ගන්න. හොඳින් ඇලවුණ පසු නැවත ස්ටඩ් එක කපා හොඳින් ඇලවෙන ගම් වර්ගයක් යොදා ගෙන අලවා ගන්න. එය වියළුණු පසු ස්ටඩ් එකට එහි රඳවනය සම්බන්ධ කර ගන්න.

පසුව රිදී වර්ණ පබළුව තුළින් අයිපින් එක යවා උල් අඬුව ආධාරයෙන් අනෙක් පැත්ත රවුම් කර සකසා ගන්න. සුදු පබළුව තුළින් (4 mm) හෙඩ් පින් එකයවා එයටම නැවත සුදු පබළුද (8 mm) සම්බන්ධකර උඩ කොටස අඬුව මඟින් රවුම් කර සකසා ගන්න. නැවත සකසා ගත් රිදී වර්ණ පබළු උඩට සහ සුදු පබළු කොටස යටට සිටින සේ රිදී චේන් කොටසට අඬුව මඟින් සම්බන්ධ කර ගන්න. පසුව එම කොටස පින්තූරයේ පෙනෙන ආකාරයට කලින් සකසා ගත් සුදු ස්ටඩ් එකට සම්බන්ධකර ගන්න.

 

 

 

උපදෙස්

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බාහිර උපදේශිකා, ප්‍රවීණ අත්කම් ශිල්පිනී

චුලනී ජයසිංහ