ඇනිමනී මල් පොකුරක සුන්දරත්වය

අනගි කතිර රටා
ජනවාරි 9, 2023

 

දම් හා නිල් පැහැයෙන් පිපී හිනැහෙන ඇනිමනී මල් පොකුරක සුන්දරත්වයයි මේ. ඇනිමනී මල් අපට ආගන්තුක වුවද මෙයට සමානකම් දක්වන මල් වර්ග අපේ රටේ බොහෝ ඇත. කෙසේවුවත් බිත්ති සැරසිල්ලක් ලෙස අලංකාරයෙන් අනූන මේ මල් පොකුරට කතිර රටාවෙන් ජීවය දෙන්න ඔබටත් පුළුවන්.

 

අඟලට කොටු 14 ක් ඇති සුදු පාට අයිඩා රෙදි

ටැපැස්ට්‍රි ඉඳිකටු

අවශ්‍ය වර්ණවල කපු කැරැලි නූල්

රාමුව, කතුර

 

 

මෙය අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්දේ මසා ගන්නේ නම් දළ වශයෙන් සෙන්ටිමීටර් 23.59x19.23 ප්‍රමාණයේ නිර්මාණයකි. අඟලට කොටු 10ක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ.

රාමු කරගැනීමට වටේට අවශ්‍ය වන ඉඩ ප්‍රමාණය ද තබා රෙදි කොටස කපා ගන්න. අඟලට කොටු ප්‍රමාණය මත තෝරාගත් රෙදි වර්ගය අනුව නූල් පොටවල් ගණන තෝරා ගන්න. මෙය ඔබට කොටු ගණන්කර මසාගත හැකියි.

ඩොට්වලින් ඇති ඒවා ප්‍රංශ ගැට මැස්මෙන් මසා ගන්න.