ලග්න පලාපල

මාර්තු 17, 2021

මේෂ ලග්නය

අරමුණු රැසක් සපලවේ

 

මේෂ ලග්නයට අනුව මෙම සතිය ඔබට ඉතා සුබවෙයි. සිතේ සතුට රජයන ආර්ථික සම්පත් හා දේ්පළ උරුම විය හැකි සතියකි. තම ඥාති පාර්ශව තුළින් සහයෝගය ලැබේ. ඉවත දමා තිබූ අරමුණු යළි සපල ගන්වා ගැනීමට උනන්දු වන සතියකි.

 

වෘෂභ ලග්නය

විදේශ ආයෝජනයක පසුබිම

වෘෂභ ලග්නයට අනුව කලාකාමී අදහස් දරන්නවුන්ගේ අරමුණු සපලවේ. තමා බොහෝ කලක් ක්‍රියාවට නැංවීමට අරමුණුකර තිබූ කල්ගිය වැඩ ඉක්මන් කර සමාජගත කිරීමට මුල්වේ. පිටරටක යාමට බලාපොරොත්තු වූ අයගේ බලාපොරොත්තු සපලවනු ඇත. විදේශ ආයෝජනයකටද පසුබිම වැටේ.

 

මිථුන ලග්නය

ආර්ථික ප්‍රතිලාභ

මිථුන ලග්නයට අනුව ඔබට සුවිශේෂ ආර්ථික ප්‍රතිලාභයක් පෙන්වයි. තමා තවත් කෙනෙකුට දී කලක් තමන්ට නොලැබුණු මුදලක් යළි ලැබීමට හේතුවෛයි. ඒ තුළින් ඔබ සැලකියයුතු ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපාරික කටයුත්තක ආයෝජකයකු වනු ඇත. පාදයේ වළළුකර ආපදා පෙන්වන නිසා කල්පනාකාරි වන්න.

 

කටක ලග්නය

රැකියා අභිවෘද්ධිය

කටක ලක්නයට අනුව ඔබට මෙම සතිය රැකියා ස්ථාන අභිවෘද්ධිය ඇතිවේ. තවද බොහෝ ප්‍රධානීන්ගේ ප්‍රසාදයට හේතුවෙයි. තමාද ඉතා ඕනෑකමින් ඒ සඳහා යොමුවනු ඇත. ආර්ථික ප්‍රතිලාභද දරුවකුගේ කටයුත්තක් සාර්ථකවීම තුළ සිතේ සතුටද මතු කෙරෙනු ඇත. පාදයේ වළලුකර ආශ්‍රිත කිසියම් උවදුරකට ඉඩ ඇති නිසා කල්පනාකාරි වන්න.

 

සිංහ ලග්නය

අභියෝග ජයගනී

සිංහ ලග්නයට අනුව තමාට නොසිතූ අයුරු ආර්ථික ලාභයක් පෙන්වයි. එය කලක් තිස්සේ නොලැබී යටපත්වූ දේපළක් වන්නට බැරි නැත. මහපොළොවෙන් ලැබෙන උරුමකම් හිමිවන නිසා බොහෝ විට මැණික් ගැරීම් ආදී කර්මාන්තවල යෙදී සිටින අයට මෙය සුවිශේෂිතාව හිමි‍වේ අභියෝගාත්මක කටයුතු ලෙහෙසියෙන්ම සාර්ථක කර ගැනීමට හැකිවේ.

 

කන්‍යා ලග්නය

සමීපතමයන්ගේ සහාය

කන්‍යා ලග්නය හිමි ඔබට මෙම සතිය ප්‍රවේශම් විය යුත්තේ තුනටියට ආපදා පෙන්වන නිසායි. කිසියම් බරක් ඉසිලීමේදී කොඳුඇට පෙළට හානි සිදුවිය හැක. කෙසේ නමුදු සතිය මැද භාගයේ සිට සහනය උදා කෙරෙන අතර තම සමීපතමයන් වෙතින් දැඩි සහයක් ලැබේ. මුදල් ප්‍රතිපාදන ඒ අතර වෙයි. ඒ තුළින් ඔබට ඉදිරිය ජයගත හැක.

 

තුලා ලග්නය

ආදරණීය බලාපොරොත්තුවලින් ජය

තුලා ලග්නය හිමි ඔබට කලක් පැවති නඩු තීන්දුවක ජයග්‍රහණ හිමිවේ. ආදරය ආලය කෙරේ යොමුව සිටින අයගේ බලාපොරොත්තු සපල වන අතර එකිනෙකා අතර ඇතිවන අධිෂ්ඨානශීලී අරමුණු මල්පල ගන්වා ගැනීමට හැකිවේ. ආර්ථික සම්පත් හිමිවේ. සිතේ සතුට සමාදානය ඇති කෙරේ.

 

වෘෂ්චික ලග්නය

වාසනාවන්ත දරු සම්පත්

වෘෂ්චික ලග්නය හිමි ඔබට මෙම සතිය ආරම්භයේ කිසියම් කෑමක් නිසා අජීර්ණ තත්ත්වයකින් පීඩා විඳීමට සිදුවේ. ඒ නිසාම ඉදිරියට කිරීමට සූදානම් කර තිබූ කටයුතු රැසක් අඩාලවේ. සතිය අවසාන භාගයේ ඒ සියලු මගහැරුණු කටයුතු යළි ක්‍රියාවට නංවා ජය ගැනීමට හැකිවේ. දරු සම්පත් පිළිබඳව සිහින මවමින් සිටින අයගේ බලාපොරොත්තු සපලවේ.

 

ධනු ලග්නය

අධ්‍යාපන ජයග්‍රහණ

ධනු ලග්නය හිමි ඔබට මෙම සතිය ඉතා සුබයි. තම කලාත්මක කටයුත්තක් ක්‍රියාවට නැංවීමට හැකිවේ. ඉගෙන ගන්නා වය‍සේ අයෙක් නම් ඉතා විශිෂ්ට අධ්‍යාපනයක ජයග්‍රහණ හිමිය. කිසියම් තරගයකින් ජය හිමි වීමටද ඔබගේ කේන්ද්‍රය බලවත්ව පවතින සතියකි. සෙම් රෝග බහුල කෙරෙන නිසා ප්‍රවේසම් වන්න.

 

මකර ලග්නය

ව්‍යාපාර ඵල ඇතිවේ

මකර ලග්නය හිමි ඔබට මෙම සතිය වාහනයක් මිලදී ගැනීමට, නව නිවසකට යාමට හෝ අලංකාර නිවෙසක් මිලදී ගැනීමකට වුවද සුබ සතියකි. ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ලැබේ. තමාට තම ආයතන ප්‍රධානින්ගෙන් ලැබෙන සහයෝගයද වැඩිවේ. නිර්මාණාත්මක හැකියාව ඇති අයට ඒ හා සම්බන්ධ ව්‍යාපාරයකට වුවද සුබ සතියකි.

 

කුම්භ ලග්නය

සිතට දැඩි ශක්තියක්

කුම්භ ලග්නයට අනුව ඔබට කලක් පැවැති නඩු කටයුත්තකින් ජය හිමිවේ.

ඒ ජයග්‍රහණය නිසා හිමිවිය යුතු දේපලකට හේතු මතු කරයි. තම යුගදිවියට එල්ලවී තිබූ බාධක දුරුවනු ඇත.

සිතට දැඩි ශක්තියක් ඇතිවීම නිසා තම ජයග්‍රහණ රැසක් උදාකර ගනු ඇත. ඒ ව්‍යාපාර ජය ආර්ථික ජය ලෙසිනි.

 

මින ලග්නය

ලොතරැයි ජය

මීන ලග්නය හිමි ඔබට මෙම සතිය ධන සම්පත් අතින් උසස් ලැබීම් පෙන්වයි. යටපත් වු ධනය මෙන්ම හදිසි පරිත්‍යාග ඒ අතර වෙයි.

ලොතරැයි ජයග්‍රහණස හිමි වෙයි. ආගමික සහජීවනයෙන් ජීවත් වන අයට මෙය ස්ථිරවේ. වෙහෙස මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබේ.

තමාට අවමන් කළ අයට පසුතැවීමට සිදුවේ. බොහෝ අය ඔබේ දියුණුවට අත දෙනු ඇත.

 

 

සුබසෙත ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි