වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
මාර්තු 24 සිට මාර්තු 30 දක්වා

ධනු ලග්න හිමියන්ට නිවාස කටයුතුවලට යහපත් කාලයකි
වෘශ්චික ලග්න හිමියන්ට යහපත් සුබදායක කාලයකි
මේෂ
සුබදායක සතියකි. ආර්ථික මට්ටම යම් වැඩිවීමක් ඇත. විවාහය සඳහා අපේක්ෂාවෙන් සිටී නම් එයට යහපත් කාලයක් උදාවෙයි. අධ්‍යාපනය සම්බන්ධව කටයුතු කරන්නේ නම් එයට යහපත් මාර්ගයක් උදාවේ. නිදන්ගත රෝග ඇති අය බොහෝ සේ පරෙස්සම් විය යුතුයි.
වෘෂභ
ආර්ථික, ධන ලාභ ලැබීමට ඉඩ ඇත. රැකී රක්ෂා බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ඒ සඳහා සුබවේ. අධ්‍යාපනයේ නියැළී සිටින අයගේ විශේෂ දියුණුවක් දැකගත හැකියි. සෞඛ්‍ය තත්ත්වයේදී ශිර්ෂ රෝග පීඩා ඇති කරයි. ව්‍යාපාර කටයුතුවල දියුණුවක් ඇති වෙයි. අාදර සම්බන්ධතා සඳහා යම් යම් පොඩි උවදුරු ඇති වෙයි.
මිථුන
නව රැකියා අවස්ථා උදාවෙයි. ව්‍යාපාර කටයුතුවල දියුණුවක් ඇත. විදේශගතවීමට බලාපොරොත්තු වන අයට යහපත් කලකි. දියවැඩියාව, හෘද රෝග පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්න. ආදර සබඳතා සඳහා තරමක ගැටලු ඇතිවෙයි.
කටක
ස්වාධීන ආරක්ෂාව, අනතුරු, හදිසි අසනීපවීම් ආදිය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. විදේශගත වීමට සුබයි. ආර්ථික දියුණුවක් ඇත. සමාජ සබඳතා ඇති වෙයි. තම සිහින සැබෑ කරගැනීමට මඟපෑදෙයි. අධ්‍යාපන කටයුතුවලදී ඉතාම සුබ කාලයකි. විවාහ ආදී කටයුතුවලදී බාධා ඇති කරයි. ආදර සබඳතාවල යම් යම් ගැටලු ඇතිවෙයි.
සිංහ
මිශ්‍ර ඵල ඇති කාලයකි. රැකියාවල දියුණුව ඇත. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති කරයි. සෞඛ්‍ය තත්ත්වයෙන් ස්නායු රෝගවලට ගොදුරුවීමට ඉඩ කඩ ඇත. විවාහ ජිවිතයේ ගැටලු අැති වීමට ඉඩඇත. ආර්ථික වශයෙන් මූල්‍යමය අපහසුතාවලට මුහුණදීමට සිදුවෙයි.
කන්‍යා
සාමාන්‍යයෙන් යහපත් කාලයක් උදාවෙයි. විවාහය සම්බන්ධයෙන් ගැටලු ඇති නම් එය විසඳා ගැනීමට පුළුවන්. අඹු සැමියන් අතර සැකය වැඩිවීමට ඉඩ ඇත. අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් ඇති වෙයි. ඥාතීන්ගෙන් උදව් ලැබේ. ආදර සබඳතා සඳහා ඉතා යහපත් කාලයක් උදාවෙයි.
තුලා
තුලා ලග්න හිමියන්ට යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවෙයි. අධි රුධිර පීඩනය වැඩිවීමට ඉඩ ඇත. සතුරු කරදරවලට මුහුණදීමට බොහෝ ඉඩකඩ ඇත. විරුද්ධ ලිංගිකයන් නිසා අපකීර්තියට ලක්වීමට පුළුවන. අධ්‍යාපනයට අඩු අවධානයක් ඇතිවෙයි. ආදර සබඳතාවලට සතුරු කරදර ඇතිවෙයි.
වෘශ්චික
යහපත් සුබදායක කාලයකි. වාහන මිලදී ගැනීම, ගෙවල් මිලදී ගැනීම් දී විකිණීම ආදි කටයුතුවලට සුබයි. මානසික සුවය උදාකරගත හැකිය. සාර්ථක විවාහයක් සඳහා කාලය උදාවෙයි. මානසික මට්ටම පිළිබඳව මෙන්ම තම අදහස් පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරේ. ආර්ථික දියුණුව උදාවෙයි. ආදර සබඳතා සඳහා මානසික අවපීඩන ඇති වෙයි.
ධනු
නිවාස කටයුතුවලට යහපත් කාලයකි. යම් දේපොළක් විකිණීමට සිටිනවා නම් වංචනිකයින්ට හසුවීමට ඉඩ ඇත. ආත්මශක්තියෙන් ස්වකීය කටයුතු සිදුකර සාර්ථකවීමට හැකිවෙයි. විවාහ ගැටලු ඇතිවීමට ඉඩකඩ ඇත. රෝග පීඩාවලදී ගොදුරු වීමට ඉඩ ඇති බැවින් පරෙස්සම් විය යුතුයි. (තෙල් අධික කෑමවලින්) ආදර සම්බන්ධතාවලදී යථාර්ථය තේරුම් ගැනීමට හැකිවෙයි.
මකර
මිශ්‍ර ඵල උදාකරයි. ආර්ථිකය ශක්තිමත් කරයි. හදිසි අනතුරුවලට මුහුණදීමට සිදු වීමට ඉඩ ඇත. බොහෝ දෙනා අතර ප්‍රිය පුද්ගලයෙක් වෙයි. අධ්‍යාපනයේ දී ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. විවාහකයන්ට යහපත් කාලයකි. බඩේ දැවිල්ල ආදි රෝගවලට මුහුණදීමට සිදුවෙයි. ආදර සබඳතාවල දියුණුවක් ඇතිවෙයි.
කුම්භ
ආර්ථික වශයෙන් හොඳ දියුණුවක් උදාකර ගත හැකිය. කෙටි හා දිගුකාලීන ව්‍යාපාර දියුණුවට ඇතිවෙයි. විවාහ ජීවිතයේ විවිධ ගැටලු ඇතිවුවද එය සමනය කරගත හැකිවෙයි. ආදර සබඳතාවලදී බුද්ධියට මුල් තැන නොදීම නිසාවෙන් ගැටලුු ඇතිවෙයි. හිස ආශ්‍රිතව රෝගවලට ගොදුරුවීමට ඉඩ කඩ ඇත.
මීන
හදිසි අනතුරුවලට මුහුණ දීමට සිදුවෙයි. ජීවිතයේ බාධකවලට මැදිවීමට ඉඩ ඇත. නඩු කටයුතුවලට මුල් වීමට ඇත. අලුත් ව්‍යාපාර කටයුතුවලට යොමු වේ. අලුත් ව්‍යාපාර කටයුතුවලට බාධා ඇති කරයි. වියදම් වැඩිවන කාලයකි. ශරීර අභ්‍යන්තරයේ රෝග උත්සන්න විම පුළුවන. විවාහ ජීවිතයේ විවිධ ගැටලු ඇතිවෙයි. ආදර සබඳතා ඉතා යහපත් කාලයක් උදාවෙයි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි සංගීතා වික්‍රමසිංහ