වර්ෂ 2025 ක්වූ May 26 වැනිදා Monday
ගුරු, රාහු, කේතු මාරු වෙයි ලග්න 05කට සුබයි

ගුරු, රාහු, කේතු මාරු වෙලා ඔයාගෙ ඉදිරිය කොහොම වෙයි ද?
ප්‍රබල ගුරු වසර 12කට පසුව මැයි මස 14 වැනි බුධ දින මිථුන රාශියට ගමන් කිරීමෙන් රාහු ග්‍රහයා සහ කේතු ග්‍රහයා වසර 1 1/2කට පසුව මැයි මස 18 වැනි රවි දින රාහු මීන රාශියේ සිට කුම්භ රාශිියටත් කේතු ග්‍රහයා කන්‍යා රාශියේ සිට සිංහ රාශියට ගමන් පතිත වේ. මෙම ග්‍රහමාරු ත්‍රිත්වය තමන්ගේ ජන්ම පත්‍රය අනුව මහ දශා අතුරු දශා ගෙවන අයට වැඩි වශයෙන් සුබ අසුබ දෙවර්ගයෙන්ම ප්‍රතිඵල ගෙන දෙයි. අනෙක් ග්‍රහ ගෝචරයන් පවතින ජන්ම පත්‍ර ලාභීන්ට මිශ්‍ර ඵල ලෙසත් ප්‍රතිඵල ගෙනදේ. පසුගිය මාර්තු 29 වැනිදා ප්‍රබල සෙනසුරු මාරුවෙන් තදබල අපල විපත් ඇති ලග්නවලට සුබ කාලයකුත් තරමක සහනදායී කාලයකුත් මෙම ග්‍රහමාරු ත්‍රිත්වයෙන් ළගා කරගත හැකියි.
මේෂ
ගුරු 3 වැන්නට හා රාහු 11 වැන්නට හා කේතු 5 වැන්නට ගමන් කරයි. ලැබීම් දියුණුව අඩු කරන කාලයක් වුවත් හදිසි ධන ලාභ නොසිතූ ව්‍යාපාර ආරම්භයත් නව රැකියා ලාභ ලබන කාලයක් වේ. වැඩිහිටි ඥාති හිතවතුන්ගෙන් උදවු උපකාර හිමිවේ. නමුත් ප්‍රේම සබඳතා බිඳ වැටෙන, විවාහ දෙපළ අතර සුළු සුළු ප්‍රශ්න ඇති වේ. දරුවන්ගේ ලෙඩ රෝග හා ඔවුන්ගේ කටයුතුවලට වෙහෙස මහන්සි වන කාලයකි. අම්ල පිත්තය ඇවිස්සී හෘදය සහ ලේ ධාතුවේ කොලෙස්ටරෝ තත්ත්ව වැඩිවන කාලයකි.
වෘෂභ
ගුරු ග්‍රහයා 2 වැන්නට රාහු 10 වැන්නට කේතු ග්‍රහයා 4 වැන්නට පැමිණේ. ආර්ථිකයේ විශේෂ වර්ධනයක් ඇතිවේ. වාචිකව ආර්ථිකය සොයා ගන්නා අයට යහපත් කාලයකි. රැකී රක්ෂාවල ප්‍රබල වෙනසක් ඇති වෙයි. ගෘහ ජීවිතයේ විවිධ ගැටලු ඇතිවීමට ඉඩ ඇත. හුස්ම ගැනීමේදී අැතිවන අපහසුතාවලට මුුහුණ දීමට සිදුවේ. මවගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීමට පුළුවන. යම් කිසි දෙයක් මිලදී ගැනීමේදී කල්පනාකාරී වන්න.
මිථුන
ගුරු ග්‍රහයා ලග්නයට පැමිණේ. රාහු ග්‍රහයා 9 වැන්නටත් කේතු ග්‍රහයා 3 වැන්නටත් පැමිණේ. මුල සිට අවහිරතා අඩුවේ. මානසික ආතතිය පීඩා මඟහැරේ. ජීවිතයේ අලුත් මඟක් විවර වීමට ඇත. බුද්ධිමත්ව තීන්දු තීරණ ගැනීම හා ආර්ථිකය වර්ධනය වේ. විවාහයට සුදුසු කාලය පැමිණේ. විදේශගත වීමට අවස්ථාව උදාවේ. අධ්‍යාපන කටයුතුවලට තරමක අවහිරතා ඇති වේ. පියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න. චිත්ත පීඩා ඇතිවීමට ඉඩ ඇත.
කටක
ගුරු ග්‍රහයා 12 වැන්නටත් රාහු ග්‍රහයා 8 වැන්නටත්, කේතු ග්‍රහයා 2 වැන්නටත් පැමිණේ. මෙම ස්ථාන අශුභ ස්ථාන ලෙස සලකයි. වියදම් අධික වන කාලයකි. පෙර පින් මතුවෙන කාලයකි. තෙල් කෑම නිසා සෞඛ්‍යයට ගැටලු ඇතිවිය හැකිය. රාජකාරී කටයුතුවලට බාධා ඇති වේ. ව්‍යාපාරවලට බාධා අැතිවීම නිසා චිත්ත පීඩා ඇතිවීමට පුළුවන. වාග් ප්‍රහාර නිසා සිත් අමනපකම් ඇතිවේ.
සිංහ
ගුරු ග්‍රහයා 11 වැන්නට ද, රාහු ග්‍රහයා 7 වැන්නටද, කේතු ග්‍රහයා ලග්න ස්ථානයට ද පැමිණේ. ආර්ථිකයේ දියුණුවක් ඇතිවෙයි. සමාජ ගෞරවය ලැබෙන කාලයකි. උදවු උපකාර ලැබේ. හදිසි ලොතරැයි දිනුම් ඇදීමට පුළුවන්. චිත්ත පීඩා අැතිවීමට ඉඩ ඇත. කලකිරීම්, ආදියට ගොදුුරු වීමට බොහෝ ඉඩ කඩ ඇත. සෑම විටම ස්ථානෝචිත නුවණින් කටයුතු කරන්න.
කන්‍යා
ගුරු ග්‍රහයා 10 වැන්නට, රාහු ග්‍රහයා 6 වැන්නද, කේතු 12 වැන්නට පැමිණේ. සුදුසුකම්වලට සරිලන ස්ථාන ලැබේ. රැකී රක්ෂාවල වෙනස්වීම් ඇති වෙයි. සුබ කාලයක් උදාවේ. සතුරු කරදරවලට මුහුණදීම සිදුවුවත් එය නුවනැතිව සිදුවේ. ණය මුදල් ලැබේ. ආර්ථිකයට යහපත් කාලයක් උදාවේ. ආගමික හා අාධ්‍යාත්මික සුවය සොයා යන මනුසතාට ඉතාම සුබ කාලයකි. ජීවිතාවබෝධයට ඉතා සුබ ගෙනදෙන කාලයකි.
තුලා
ගුරු ග්‍රහයා 9 වැන්නටත් රාහු ග්‍රහයා 5 වැන්නටත්, කේතු ග්‍රහයා 11 වැන්නටත් පැමිණේ. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. අධ්‍යාපනයේ දියුණුව ඇතිවෙයි. විදේශ ගමන් සාර්ථක වේ. අාධ්‍යාත්මික ගවේෂණයට යොමු වේ. මවුපියන්ට චිත්ත පීඩා ඇති කරන කාලයකි. පෙම්වතුන් අතර ගැටලු ඇතිවීමට පුළුවන. ගුප්ත විද්‍යා කටයුතුවලට යොමු වීමට මෙන්ම දිනුම් ඇදීම්වල භාග්‍යය ඇති කාලයකි.
වෘශ්චික
ගුරු ග්‍රහයා 8 වැන්නට රාහු ග්‍රහයා 4 වැන්නට, කේතු ග්‍රහයා 10 වැන්නට පැමිණේ. රෝග පීඩා බහුලව ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇත. ආර්ථිකයේ ගැටලු අත්වන කාලයකි. ගෘහ ජීවිතයේ ගැටලු ඇති වේ. මවු පාර්ශ්වය සමඟ අමනාපකම් හටගනී. චිත්ත, මානසික පීඩාවලින් රෝගී වේ. රැකී රක්ෂා ගැටලු ඇතිවීමට බොහෝ ඉඩ ඇත.
ධනු
ගුරු ග්‍රහයා 7 වැන්නට, රාහු ග්‍රහයා 3 වැන්නට, කේතු ග්‍රහයා 9 වැන්නට පැමිණේ.
සතුරු කරදර අඩුවන කාලයකි. විවාහ සබඳතා සඳහා සුදුසු කාලයකි. ගෘහ ජීවිතය සාර්ථක වේ. ගැටලු අඩුවන කාලයකි. රැකී රක්ෂාවල යෙදෙන අයට ඉතාම සුබ වේ. මානසික පීඩාවලින් තොරව ගත කිරීම ජීවිතයට සතුට ළඟා වෙයි.
මකර
ගුරු 6 වැන්නටද, රාහු 2 වැන්නටද, කේතු 8 වැන්නටද අභ්‍යන්තර රෝග ඇති වීමට පුුළුවන. ආර්ථිකමය වශයෙන් ලැබිම් වැඩි වුවද, වියදම් වැඩි වේ. ආවේගශීලි වචන භාවිතය නිසා ගැටලුවලට මුහුණ දීමට සිදු වේ. චර්මය පිළිබඳව ඉතා සැලකිලිමත් වන්න. සමාජයේ ගනුදෙනු කරන පුද්ගලයන් අතර බහින්බස්වීම් ඇතිවීමට ඉඩකඩ ඇත.
කුම්භ
ගුරු 5 වැන්නටද, රාහු වැන්නටද, කේතු 7 වැන්නත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දියුණුවක් වර්තමානයේ ඇතිවේ. දරුපල අපේක්ෂා ඉෂ්ට වේ. බුද්ධියට වඩා හැඟීම්වලට ඉඩදී තීරණ ගැනීම සිදුවේ. විදේශ ගමන් සාර්ථක වේ. වැරදි වැටහීම් නිසා පවුල් ආරවුල් ඇතිවේ. හවුල් ව්‍යාපාරවල ගැටලු ඇතිවීමට පුළුවන.
මීන
ගුරු 4 වැන්නටද, රාහු 12 වැන්නටද, කේතු 6 වැන්නටද නිෙවසක්, වාහනයක් ගැනීමට වාසනාව උදාවේ. රැකී රක්ෂාවල වර්තමානයේ දියුණුවක් ඇතිවේ. මවු පාර්ශ්වයේ ඥාතීන්ගෙන් උදවු උපකාර ලැබේ. ගෘහ ජීවිතය යහපත් වේ. වියදම් වැඩි වේ. මූල්‍යම වංචාවලට හසුවීමට හැකිය. සෞඛ්‍ය ගැටලු ඇති වන කාලයකි. සූක්ෂම සතුරු කරදර ඇති වෙයි. අනපේක්ෂිත නීතිමය ගැටලුවලට මුහුණ දීමට සිදුවෙයි.
මෙම ග්‍රහ අපලවලින් මිදීම සඳහා පහත වතාවත් නිතර අනුගමනය කරන්න. පුරදිනවලදී නිතර බෝධි පූජා තබා තෙරුවන් නමැද බෝධි පූජා ගාථා කියා ඉන්පසු තුන් සූත්‍රය සජ්ඣානා කර ජය පිරිත, අටවිසි පිරිත හා මෝර පිරිත ද කියවා වන්දනය කරන්න. ඉන් පසු ගුරු ග්‍රහයා වෙනුවෙන් පිච්ච මල්කහ මල් වැඩිපුර පූජා කර එළඟිතෙල් පහනක් දල්වා වන්දනා කිරීමද - රාහු ග්‍රහයාට වැටකේ මල් බෝධියට පූජා කර තලතෙල් පහනක් සහ කේතු ග්‍රහයාට විවිධ වර්ණ මල් පූජා කර තල තෙල් පහන් දල්වා වතාවත් කරන්න. ගුරු ග්‍රහයා සඳහා ශ්‍රී විෂ්ණු දෙවියන්ට බ්‍රහ්ම දෙවියන්ට භාරහාර වීම සෙත්කවි කීමද රාහු ග්‍රහයාට ගම්භාර සිද්්ධ සූනියම් දෙවිඳුන්ට බාරවීම හා සෙත්කවී කියවීම දා කේතු ග්‍රහයාට කතරගම දෙවියන්ට බාර වීම හා සෙත්කවි කියවීම වන්දනා කිරීම මැනවි.