වර්ෂ 2025 ක්වූ June 09 වැනිදා Monday
ජූනි 09 සිට ජූනි15 දක්වා

වෘශ්චික ලග්න හිමියන් පිනට දහමට සිත යොමුවන කාලයකි.
මකර ලග්න හිමියන්ගේ ස්වාමියාට තරමක් අපල ගෙන දේ
මේෂ
ගෙදර දොර ප්‍රශ්න මතු කරයි. නව රැකී රක්ෂා වෙළඳාම් කටයුතු නොසිතූ ලෙස සාර්ථක වේ. අධ්‍යාපනයට අලස ගති ඇති කරයි. උදරාබාධ මුත්‍රා අමාරු ඇතිවන කාලයකි.
වෘෂභ
පියාට ස්වාමියාට සහෝදරයින්ට පුරුෂ පාර්ශ්වයේ ඥාතීන් සමඟ තරමක් සිත් රිදුම් ඇති කරගන්නා කාලයකි. රැකියා ස්ථානයේ ඉහල නිලධාරීන් සමඟ ගැටලු ඇති කරගනියි. හදිසි ධන ලාභ ද හිමිය. හිසරදය බෙල්ල ආශ්‍රිත රෝග සාදයි.
මිථුන
ලැබීම් ඇති කරයි. රැකී රක්ෂා වෙළඳාම්වලින් සතුටුදායක කාලයකි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. උසස් අධ්‍යාපන පිවිසුමට මුල පුරයි. ශාරීරික අප්‍රාණිකතා ඇතිවිය හැක.
කටක
ගෙදර දොර සමඟිය වර්ධනය වන කාලයකි. දරුවන්ගේ කටයුතුවලට වෙහෙස මහන්සි වන කාලයකි. ව්‍යාපාර තරමක් අඩපණ වේ. උෂ්ණ රෝග සහ උෂ්ණාධික බව නිසා ඇති වන රෝග පීඩා වැඩිවේ.
සිංහ
ගේදොර අලුත් වැඩියා කටයුතුවලට වෙහෙසෙන කාලයකි. දුර බැහැර ගමන් බිමන් ඇති වේ. ලෙඩ රෝග මතුවන කාලයකි. එම නිසා නිකරුණේ මුදල් වැය වීමට ඉඩ ඇත.
කන්‍යා
ගෘහ ජීවිතයේ වෙනදාට වඩා සමගිය හා ප්‍රීතිය ඇතිව කාලය ගෙවීමට හැකි වේ. අධ්‍යාපනය කටයුතු කරන අයට තරමක් බාධා ගෙන දේ. රැකියා ව්‍යාපාරවල දියුණුවක් බලාපොරොත්තු විය හැක. ලේ ආශ්‍රිත රෝග හදිසි අනතුරු ඇති විය හැක.
තුලා
සාමාජීය කටයුතුවලට වෙහෙසවන කාලයකි. පොදු කටයුතුවලදී නින්දා අපහාස ඇති විය හැකි බැවින් ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ආගම දහමට ලැදිව කටයුතු කරයි. හිසරදය සහ උගුර සම්බන්ධ රෝග සාදයි.
වෘශ්චික
පිනට දහමට සිත යොමුවන කාලයකි. විදේශ ගමන් බලාපොරොත්තු වන අයට ඒවා සඵල වේ. මව්පිය නෑදෑයන්ගෙන් උපකාර හිමි වේ. චර්ම රෝග, උෂ්ණ රෝග ඇති කරයි.
ධනු
නවතාවයකින් යුත් ව්‍යාපාර නව රැකියා ලාභ ඇතිවන කාලයකි. ප්‍රේම සබඳතා සාර්ථක වන කාලයකි. අධ්‍යාපනයට තරමක් අලස ගති එපා වීම් ඇති වේ. උනන්දුව උත්සාහය ඇතුව තම කටයුතු සාර්ථක කර ගත යුතුයි. පැවති රෝග සුව වන තත්ත්ව මතුකරයි.
මකර
ගෙදරදොර එපාවන වැඩ කටයුතු සිදු වේ. ණය ගැනීමෙන්ද, දීමෙන්ද වැළකිය යුතුයි. මුදල් ප්‍රශ්න හේතුවෙන් නීති ප්‍රශ්න එයි. ලේ ආශ්‍රිත රෝග මතුවේ.
කුම්භ
ගමන් බිමන් අධික වේ. විදේශ ගමන් බලාපොරොත්තු අයට ඒවා සාර්ථක වේ. ගෙදරදොර කලකිරීම් එපා වීම් මතුවේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වන කාලයකි. විභාග ජය වේ. සෙම් රෝග පීනස් රෝග වැඩිවන කාලයකි.
මීන
ගෙදරදොර අලුත් වැඩියා කටයුතු නිසා තම ධනය, ශ්‍රමය වැය වන කාලයකි. අඹු සැමි ප්‍රශ්න ගැටලු මතුවේ. පිනට දහමට යොමු වන කාලයකි. අධ්‍යාපනයට අලස ගති මතු කරයි. ඇස් සම්බන්ධ රෝග, ලේ ආශ්‍රිත රෝග මතුවේ.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි සංගීතා වික්‍රමසිංහ