වර්ෂ 2025 ක්වූ July 28 වැනිදා Monday
මිථුන ලග්න හිමියන්ට භූමි ලාභ හා වාහන ලාභ ලැෙබන යෝග ඇත

ජූලි 21 සිට ජූලි 27 දක්වා
මේෂ
තම අරමුණු හා නිතර කටයුතු කරන අතර අධ්‍යාපනය හොඳ උද්යෝගයකින් කරයි. ආර්ථික අංශයට යහපතක් ළඟා වේ. ගෘහ ජීවිතයේ යහපත් තත්ත්වයක් ගෙන දේ. හදිසි ධන ලාභ ද ඇත. නමුත් බාධා ඇති වේ. මංගල කටයුතුවලට සුබ වේ.
වෘෂභ
අන් අයට කැපී පෙනෙන කාලයකි. ගේ දොර අලංකරණ වැඩවලට මුලපුරයි. කලා ක්ෂේත්‍රයේ සිටින අයට ඉතා සුබ වේ. භූමි ලාභ හා රැකියාවේ දියුණුවක් දකින අතර අධ්‍යාපනයේ දියුණුවක් හා උද්යෝගයක් මතුවේ. සෙම් රෝග හා පිත් අමාරු නිතර මතු වෙයි. මංගල කටයුතු ස්ථිර වන සතියකි.
මිථුන
තම අරමුණු අපේක්ෂා මල්ඵල ගන්වන භූමි ලාභ හා වාහන ලාභ ලබන යෝග ඇත. ඉගෙනීමට ඉතා සුබවන අතර කතාවෙන් හා බුද්ධිය මෙහෙයවා කරන වෘත්තීන්ගේ දියුණුව මතු වේ. ආර්ථික දියුණුවක් ඇති කරයි. ශාරීරික අප්‍රාණිකතා හා නහරගත ආබාධ මතු වෙයි. නව රැකියා ලාභ හිමිවෙයි.
කටක
අධික වියදම් ඇති කරයි. බුද්ධිමත්ව යායුතු කාලයකි. රැකියා අංශයේ දියුණුවක් එහි මැද කාලයේ ඇති වේ. සුළු බාධා මැද අධ්‍යාපනය ද යයි. බෙල්ලෙන් උඩ හා යටි බඩ ආශ්‍රිත රෝගවලින් ප්‍රවේසම් වන්න. අලස නිදිමත ගති මතුවේ. උත්සාහය අඩුවන සතියකි. යුග ජීවිතයේදී ඉතා ප්‍රවේසමින් යා යුතු වේ.
සිංහ
ශරීර සෞඛ්‍ය තරමක් අසුබ වේ. අධ්‍යාපනයට බාධා ආවත් සාර්ථකත්වයක් ළඟා කර ගන්නා යෝග ඇත. තම සිතුවිලි තුළින් තරමක් කලබලකාරී හා නුරුස්සනා ගති නිතර මතු වේ. ඉවසීමෙන් කටයුතු කරන්න. විවාහය ඉතා ඉවසීමෙන් ගෙන යායුතුය. උසස් අධ්‍යාපනයට යහපත් වේ.
කන්‍යා
සමාජ සේවා කටයුතුවලදී යහපත උදා කරයි. වෘත්තීය කටයුතුවල උසස් තත්ත්වයක් මතු වෙයි. නව රැකියා ලාභ ද හිමි වේ. යානවාහන ගේ දොර සැප සම්පත් ළඟා වෙයි. තරමක් අනපේක්ෂිත ලෙස ලාභ ළඟා වන කාලයකි. යුග ජීවිතයේ සුළු සුළු ප්‍රශ්න පැන නගී. අධ්‍යපනයට යහපත් වේ.
තුලා
නොසිතූ ලෙස අලුත් අදහස් හා ව්‍යාපාර අංශවල දියුණුව මතු කරයි. නව ඇරඹුමක් ලබන සතියකි. තදබල දෝෂ නැත. විවාහය තුළ සුළු කලකිරීම් ඇතත් සිත සතුටින් ජීවිතය ගෙන යා හැකියි. පවුලේ දියුණුව ඇති වේ. නව මංගල යෝග උදා වේ. විදෙස් ගමන් බිමන් ලාභ හිමි කරයි.
වෘශ්චික
රැකියා අංශයේ දියුණුවක් ඇති කරයි. විටින් විට තම අපේක්ෂාවන්ට නොසිතූ ලෙස බාධා එයි. එම නිසා බුද්ධිමත්ව යා යුතුය. පෙර කටයුතුවල දී තම සිත තුළ පැවති පසුබෑම ඉවත් වී යයි. යුග දිවියේ මධ්‍යස්ථ ප්‍රතිඵල ඇති වේ. ශාරීරික අප්‍රාණික හා සුළු සුළු පීඩා මානසික පීඩා, මතු කරයි. අධ්‍යාපනයට සුබ වේ.
ධනු
තම වැඩ කටයුතුවලදී හිතට ශක්තියන් හා උද්යෝගයක් හිමි වේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල ළඟා වෙයි. වෘත්තියේ ඉහළට යන යෝග ඇත. විවාහ කටයුතු හා දරුවන්ගේ ද සුබ කටයුතු සැලසෙයි. ප්‍රේම සබඳතා ශක්තිමත් කරයි. සිත සතුටු වේ. අධ්‍යාපනයේ දියුණුව මතු වේ. තරග විභාගවලට ඉතා සුබ වේ. සෙම් රෝග හා පිත් ආශ්‍රිත රෝග සාදයි.
මකර
තම ශරීර සෞඛ්‍ය පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතු වේ. අන් කටයුතු සුබ වුවත් ලෙඩ රෝගවලට අසුබය. හදිසි අනතුරු හා උඩ නැඟීම් වැටීම් ද ඇත. ප්‍රවේසම් වන්න. හදවත පිළිබඳ සැලකිලිමත් වන්න. රැකියා - අධ්‍යාපන කටයුතුව ප්‍රගතියක් ඇති වේ. අපේක්ෂා ඉහළ යාමක් ඇති වේ.
කුම්භ
පෙර පැවති අසුබ තත්ත්ව මඟහැරී සුළු ලෙස යහපත් වන කාලයකි. යුග ජීවිතයේ පැවති ප්‍රශ්න ටිකෙන් ටික අඩු වි යයි. සිත් පීඩා ඇති කරයි. ප්‍රේම සබඳතා හා මංගල කටයුතුවලදී ප්‍රවේසම් විය යුතු වේ. නොගැළපෙන දෙය ලැබෙන කාලයකි. අධ්‍යාපනයට සුබ වේ. උසස් අධ්‍යාපන යෝග හිමි වේ. වෘත්තියේ නොසැලකිල්ල නිසා බාධා මතු වේ. කල්පනාකාරී වන්න.
මීන
ඉතා බුද්ධිමත්ව ධනාත්මක සිතුවිලිවල සිටින අයට ජය උදා කරයි. ධනය හා රැකියාවේ යම් දියුණුවක් ඇති වෙයි. සිතුවිලි දුක් සහගත වුවත් ශක්තිමත්ව සතුට ළඟා කරගත හැකි සතියකි. ව්‍යාපාරවල තරමක සහනයක්, දියුණුවක් ලබයි. විවාහයේ ප්‍රශ්න ඇතත් බේරී යා හැකියි. අධ්‍යාපනයේ බාධා වුවත් සුබ ප්‍රතිඵල ලැබේ. ස්නායු හා පාද ආශ්‍රිත රෝග ඇති වේ.