වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
මැයි 12 සිට මැයි 18 දක්වා

කන්‍යා ලග්න හිමියන්ට විදේශ ගමන් සුබයි.
කුම්භ ලග්න හිමියන්ට හදිසි ධන ලාභ ඇති වේ.
මේෂ
වියදම තරමක් අධික වන කාලයකි. වංචනිකයන්ට හසුවීම නිසා ධනය නාස්ති වේ. සැලකිලිමත්වන්න. අධ්‍යාපනය තරමක් යහපත් වෙයි. රැකියා මාරු, විදෙස් ගමන් යෙදේ. ස්නායු රෝග, අස්ථි රෝග සාදයි.
වෘෂභ
ආර්ථික ලාභ හා ධන ලාභ ලැබිය හැකි කාලයකි. රැකියාවේ සුළු සුළු ව්‍යාකූල තත්ත්වවලට හේතුවේ. ස්වයං රැකියා සුබයි. අධ්‍යාපනයට සාර්ථක ප්‍රතිඵල ඇත. මේ සතිය ශරීර සෞඛ්‍යයට සුබ වේ. මංගල සීනු හැඬවෙන කාලයකි.
මිථුන
ආර්ථික වශයෙන් මිශ්‍ර පල ලැබේ.
රැකියා අංශයන් සුබ වේ. කලාවට යොමු වූ ඔබට සුබ කාලයකි. බාධා මඟහැරී අධ්‍යාපනය සාර්ථක වේ. හෘද රෝග, උදර රෝග ඇති අයට සුව තත්ත්වයක් උදා කරයි.
කටක
අධ්‍යාපනයට බාධා කරදර අලාභ මතුවේ. උනන්දුව උත්සාහය අඩු වෙයි. ආර්ථික තත්ත්වය ඍණ මට්ටමකට යයි. කතාව නිසා ප්‍රශ්න මතුකරයි. අක්ෂි සම්බන්ධ හා උදර රෝග හා අස්ථි රෝග සෑදේ.
සිංහ
මිශ්‍ර පල ලබන සතියකි. රැකියාවේ සුබ තත්ත්ව හා උසස් වීම් ඇති වේ. තරග විභාගවලට, සුබවේ. විදෙස් ගතවීම්වලට සුබයි. මේ කාලයේ අධ්‍යාපනයේ ප්‍රගතියක් හිමි වේ. ස්නායු හා නහරගත ආබාධවලින් ප්‍රවේශම් වන්න.
කන්‍යා
විදේශ ගමන්වලට සුබදායක වේ. විවාහයේ ගැටුම් නිරාකරණය වී සමනය වන අතර අධ්‍යාපනය දියුණු වේ. උෂ්ණ රෝග, ඇස් රෝග සාදයි. ආර්ථික තත්ත්වය, තරමක් වියදම් වැඩි වේ.
තුලා
ගෙදර පියාට, ස්වාමියාට උසස් තත්ත්වයක් කාලයකි. ගමන් බිමන් වැඩිවේ. පිනට දහමට ළැදි වේ. ආමාශගත රෝගී තත්ත්වයන් වැඩිවෙන කාලයකි. ව්‍යාපාරවල දියුණුවක් ඇත.
වෘශ්චික
රැකියාවේ ප්‍රධානීන් අතර මත ගැටුම් ඇතිවේ. ව්‍යාපාර කරන අයට ලාභ ඇති කරයි. අධ්‍යාපනයේ අලස උදාසීන තත්ත්ව, ප්‍රමාදවීම් ඇතිවේ. අක්මාව හා පෙණහලු රෝග සාදයි.
ධනු
අලුත් නිෙවසක්, වාහනයක් ගැනීමට හෝ විකිණීම වැනි කටයුතු සාර්ථක වේ. උසස් අධ්‍යාපනයට යහපත් වේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ. ශ්වසන හා පෙණහලු ආශ්‍රිත රෝග, රුධිරගත රෝග සාදයි.
මකර
බුද්ධිය මෙහෙයවා රැකියාව කරන අයට සාර්ථකත්වය ඇතිවේ. ගෘහය හා විවාහයේ මත ගැටුම් මතුවේ. අධ්‍යාපනයට යහපත්ය. ආර්ථිකය සුබ සාමාන්‍ය වන අතර අලුත් වැඩ ආරම්භයට සුබයි.
කුම්භ
ආර්ථිකය දියුණු වන ලෙස කටයුතු කරන කාලයකි. හදිසි ධන ලාභ ඇතිවේ. වියදම යහපත් වේ. සතියේ අවසාන කාලයේ අධ්‍යාපනයේ උසස් ප්‍රතිඵල ඇත. වාසනාවන්ත දරු උපත් ලබයි.
මීන
මානසික පීඩා, චිත්ත පීඩා ඇති වේ. රැකියා ප්‍රශ්න ඇතත් ඒවා විසඳාගත හැකියි. රැවටීම් මුළාවට ලක් වන යෝග ඇත. ලේ ආශ්‍රිත රෝග හට ගනී. යාන වාහන මිලට ගැනීම් සිදුවේ. අලස ගති නිතර මතුකරයි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි සංගීතා වික්‍රමසිංහ