අගෝ 04 සිට අගෝ. 10 දක්වා

අගෝස්තු 4, 2025

කන්‍යා ලග්න ආගම දහමට බර වෙයි.

වෘෂභ ලග්න හිමියන්ගේ වාසනාව ඉස්මතුවන සතියකි.

 

මේෂ

වෙළෙඳ ව්‍යාපාරවලට ඉතා සුබදායකයි. ලොතරැයි දිනුම් වාසනා උදාවිය හැකියි. පවුල තුළ සියලු සැප සම්පත් ළඟා කර ගනී. ලැබීම් සමඟ වියදම්පස ද ඉහළ යයි.

 

වෘෂභ

වාසනාව ඉස්මතුවන සතියකි. මෙතෙක් තිබූ බාධා ඉවත් වී යයි. රැකියාවේ ඉහළ තත්ත්ව උදාවෙයි. කල්ගත වූ බලාපොරොත්තුවක් ඉෂ්ට වේ. සෞන්දර්යයට බර වෙයි.

 

මිථුන

නොසිතා කරන වැඩ නිසා නින්දා අපහාස ලබන යෝග ඇත. තරමක් සමාජයේ අර්බුදකාරී තත්ත්ව මතුකරයි. තමාට තරමක් අහිතකර සතියකි.

 

කටක

වාසිදායක තත්ත්ව මතු වුවත් ඒවා යෝග්‍ය නොවන කටයුතු විය හැකියි. අද ගන්නා තම තීන්දු තීරණ නිසා අනාගතයේ කරදර විය හැකියි. නමුත් ආදායම් තත්ත්වය ඉහළ යයි.

 

සිංහ

ආශ්‍රය කිරීමට හොඳ අය හිමි වේ. උසස් අයගේ සහාය ලබයි. උගත්, උසස් අයගේ උපකාර හිමි වෙයි. ව්‍යාපාරවලට සුබ වෙයි. විදේශ සබඳතා ඇති ව්‍යාපාර දියුණු වෙයි.

 

කන්‍යා

ආගම දහමට බර වෙයි. වන්දනා ගමන් යා හැකියි. සිත සතුටුවන සතියකි. සමාජයේ ප්‍රසිද්ධිය ලබයි. විදේශගත වන යෝග ඇත. නීති ගැටලුවලින් නිදහස් වේ. ලැබීමට සුබවේ.

 

තුලා

 

පෙර පැවැති රෝගී තත්ත්ව සුවවේ. තෑගි භෝග වස්තුව හිමිකරයි. පෙර පැවති කරදර ප්‍රශ්න සමනය වන සතියකි. නැති වූ දෙය හිමි වන තත්ත්වයක් උදා වේ.

 

වෘශ්චික

ලැබීම් දියුණුව ඇතිවේ. මංගල කටයුතුවලට සුබ වේ. විවාහයට මඟ පාදයි. තරග විභාගවලින් ජය ලැබේ. එක් අවස්ථාවක් නිසා එක් රැයින් ජනප්‍රියවන යෝග ඇත. අලුත් දේවල් ලබන යෝග ඇත.

 

ධනු

තමා ළඟ වැඩ කරන අයගෙන් කරදර ඇතිවේ. රැකියාවේද ගෙදර අයට ද කරදර මතුවේ. තරමක් නොරුස්සන ගති මතුවෙයි. මේ කාලයේ ලේ විසවීම් මෙන්ම නීති ප්‍රශ්න මතුවේ.

 

මකර

උත්සව කටයුතු උදාවේ. ක්‍රීඩා කරන අය තරමක් ප්‍රවේශම් වන්න. තම උත්සාහයෙන් මුදලක් ලබන යෝග ඇත. පවුලේ බාධා මඟහැරී යයි. වෘත්තීය දියුණු වේ. ඉගෙන ගන්නා අයට සුබවේ.

 

කුම්භ

තම රූපය ගැන තරමක් සිතන සතියකි. ගෙවත්ත අලංකාරයට කටයුතු කරයි. මවුපියන්ගේ ලැබීම් මතුවේ. සතුට රජයයි. වාහන ලාභ හිමි වේ. අගයක් ඇති දේවල් හිමිවන සතියකි.

 

මීන

ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඔබට ඉතා සුබ සතියකි. තරග කටයුතුවලට සුබයි. බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් සුබවේ. ගෙදරදොර උත්සව කටයුත්තක් සඳහා වෙහෙස මහන්සි වේ.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී සංගීතා වික්‍රමසිංහ