වසර 30කට පසු කර්ම තීන්දු දෙන්න සෙනසුරු එයි

මාර්තු 31, 2025

 

(මෙම ලිපියෙහි පළමු කොටස පසුගිය සතියෙහි පළවුණි.)

 

මීන - හදිසි දේපළක්, ධනයක් හිමිවීමේ භාග්‍ය තිබුණද ඒවායින් ශාරීරික සුවය, මානසික සුවය නොමැති කාලයකි. චිත්ත පීඩාවලට ගොදුරුවීමට ශීර්ෂයේ හා ඇස්වල රෝගවලට හසුවීමට පුළුවන. නෑදෑයන්ගේ සතුරු කරදර, බාධා ඇති වේ. වැඩ වැඩි වන කාලයකි.

 

වෘෂභ - නිවාස අලුත්වැඩියා කටයුතු සහ නව නිවාස, නව රථ වාහන ලැබෙන කාලයකි. විදේශගත වීමට ඉතා යහපත් කාලයකි. රැකියාවල නියුතු අයට සාර්ථකත්වයක් ලැබේ. සුළු සුළු අසනීප තත්්ත්වයන් ඇති වේ. කාලයක් තිස්සේ සිතා සිටි කරුණු කාරණා ඉෂ්ඨ වෙයි. ධන ලාභ ලැබෙන කාලයකි.

 

 

 

කටක - නව ව්‍යාපාර හෝ නව රැකියා ලැබෙන කාලයකි. කාලයක් පුරා බලා සිටි බලාපොරොත්තු ඉටු වේ. විදේශ ගමන් සාර්ථකයි. ව්‍යාපාර කටයුතුවල ‍ෙයදෙනවානම් එයින් දියුණුවක් ඇති කරයි. විවාහ කටයුතුවලට සාර්ථක ප්‍රතිඵල ලැබේ. ණයට මුදල් දිමෙන් වළකින්න.

 

කන්‍යා - හවුල් ව්‍යාපාර බිඳ වැටෙන කාලයකි. රැකියාවේ දියුණුවක් ඇති කරයි. නමුදු විවාහක නම් එහි ගැටලු ඇතිවීමට ඇත. මිශ්‍ර ලෙස සුබ අසුබ ප්‍රතිඵල ලැබේ. හිත් රිදවීම් ඇතිවේ. ඔබේ වටාපිටාවේ සිටින අයගෙන් පරිස්සම් විය යුතුයි. මිතුරුවෙසින් පැමි‍ෙ‍ණන සතුරුන් වැඩියි.

 

තුලා - මෙතෙක් රැකියා අපේක්ෂකයන්ට රැකියා ලාභ උදාවෙයි. ස්වයං රැකියාවල සිටින අයට ඉතා යහපත් කාලයකි. අධ්‍යාපනයේ හොඳ සාර්ථකත්වයක් ලබාගැනීමට පුළුවන. විදේශ ගමන් සාර්ථක කරගැනීමට පුළුවන. නොසිතූ ලෙස සතුරන්ගේ ක්‍රියාවලට හසුවීමට ඉඩ ඇත.

 

වෘශ්චික - අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වය ඇති කරයි. විවාහය සඳහා බලාපොරොත්තුවෙන් සිටිනවා නම් එය ද යහපත් වේ. රැකියා කටයුතුවල දියුණුවක් ලබාගත හැකියි. හදිසි ධන ලාභ ගෙනදෙයි. දේපළක් සම්බන්ධව ස්ථිර තීන්දු ගන්නා කාලයකි. දරුවන්ගේ දියුණුවට වෙහෙස මහන්සි වන සහ මුදලක් වැය කරන කාලවකවානුවක් වෙයි.

 

මකර - ගෘහ ජීවිතය වෙනදාට වඩා සමකාමී වෙයි. විදේශ ගමන් උදාවෙයි. රැකියාවෙහි සාර්ථකත්වය ලැබේ. අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වය ලබා ගනීවි. හදිසි ධන ලාභ ප්‍රයෝජන උදාවේ. දරුවන්ගෙන් ලැබීම් ඇති කරයි. දරුවන්ගේ දියුණුව ඇතිවන කාලයකි. පොදුවේ ලග්න 12ටම තමන්ගේ ජීවිකාව යහපත් ලෙස පවත්වාගෙන යන්නේ නම්, සිත කය වචනයෙන් තමාටත් අනුන්ටත් අයහපතක් නොවන අන්දමින් සංවර කරගන්නේ නම් තමන්ගේ මේ අසුබ මොහොත සුන්දර වේ. සෙනසුරු අපලය සඵල කරගත හැකි වතාවත් සිදුකිරීමට ප්‍රථමයෙන් බෝධි පූජාවක් තබන්න. නිල් පාට මල්, පිච්ච මල් නිතර පූජා කරන්න. කපුටන්ට ආහාර පිණිස ගිතෙල් මිශ්‍ර කිරිබත් දෙන්න.

 

සෙනසුරාදා දිනවල විෂ්ණු දෙවියන් උදෙසා පුද පූජා තබන්න. දුගී මගී, යාචක, ආබාධිත, මහලු අයට නිල් පැහැති වස්ත්‍ර, දාන මාන තමාට හැකි පමණින් දන් දෙන්න. සෙනසුරාදා දිනවල එළිඟිතෙල් පහනක් දල්වා සෙනසුරු දෙවියන්ට වන්දනාමාන කරන්න. ඔබට සුබපල ලැබේවි.