වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
මැයි 05 සිට මැයි 11 දක්වා

වෘෂභ ලග්න හිමියන් පිනට දහමට සිත යොමු වේ
කන්‍යා ලග්න හිමියන්ට හෘදය ආශ්‍රිත රෝග මතුකරයි
මේෂ
රැකී රක්ෂා කටයුතු, ව්‍යාපාර කටයුතු වෙනදාට වඩා දියුණු වේ. විදේශගත වීම් සාර්ථක වේ. ගෙදරදොර වැඩ රාජකාරි වැඩිවේ. බෙල්ලෙන් උඩ රෝග ඇති කරයි.
වෘෂභ
පිනට දහමට සිත යොමුවන කාලයකි. හදිසි ලැබීම්වලට ඉඩ යෙදේ. පිරිස සමඟ විනෝදයෙන් සිටිය හැකි කාලයකි. සෙම් රෝග අධික වන කාලයකි.
මිථුන
විවාහ මංගල යෝග උදාවන කාලයකි. ව්‍යාපාර රැකියාවල පැවති බාධා මඟහැරී යයි. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ උදා කරයි. හන්දිපත් රෝග ලක්ෂණ මතුකරයි.
කටක
අලුත් රැකී රක්ෂා ලබන කාලයකි. පින්දහම් කටයුතුවලට සම්බන්ධ වේ. නීති ප්‍රශ්නද හට ගැනීමට යෝග ඇත. ලේ ආශ්‍රිත රෝග ලක්ෂණ මතුවේ.
සිංහ
ඉදිකිරීමේ අංශවල ඉන්නා අය සහ නව ඉදිකිරීම් කිරීමට බලාපොරොත්තු වන අයට ශුභ කාලයකි. තම පවුලෙන් හා සමාජීය වශයෙන් තම කටයුතුවලට සහාය ලැබෙයි. කලක් පැවති රෝගී තත්ත්ව අඩුකරයි.
කන්‍යා
විවාහ ජීවිතය තරමක් අවුල්සහගත වෙයි. නවතා තිබූ වැඩකටයුතු ආරම්භයට ශුභ වූ කාලයකි. රැකී රක්ෂා කටයුතුවල වගකීම් අඩුවන කාලයකි. හෘදය ආශ්‍රිත රෝග මතුකරයි.
තුලා
විදේශගත වීමට භාග්‍ය උදාවෙයි. සහෝදර පිරිසගෙන් උපකාර හිමි කරයි. රැකියාව සහ ගෙදරදොර වැඩ අධික වන කාලයකි. උදරය ආශ්‍රිත රෝග මතුවේ.
වෘෂ්චික
මුදල් වියපැහැදම් කිරීමේදී ඉතා කල්පනාකාරී වන්න. පාඩු හානි සිත් තැවුල්, මානසික පීඩා ඇතිවන කාලයකි. නමුත් ව්‍යාපාරවල සුළු වෙනසක් සිදුවෙයි. ගෙදරදොර සතුට සැපත වර්ධනය වේ. කොන්ද ආශ්‍රිත අර්ශස් වැනි රෝගී තත්ත්ව මතුකරයි.
ධනු
නව මංගල යෝග උදාවෙයි. ප්‍රේම සබඳතා සාර්ථක වෙයි. ගෙදරදොර ප්‍රීතිය ගෙන දෙන කටයුතු ඇතිවෙයි. හවුල් ව්‍යාපාරවලින් සාර්ථකත්වය ඇතිවෙයි. මිලදී ගැනීමක් හෝ විකිණීමක් සාර්ථක කර ගත හැකියි. මුත්‍රාශ ගත රෝග, පෙනහළු ආශ්‍රිත රෝග මතුවේ.
මකර
ණය දීමට හෝ ණය අරගැනීමේදී තරමක් කල්පනාකාරි විය යුතු වෙයි. හුදකලාවේ කාලය ගත කිරීමට ආශා කරයි. පෙර පැවැති රැකියාවේ ප්‍රශ්න, ව්‍යාපාරවල ප්‍රශ්න තරමක් නිරාකරණය වන කරුණු යෙදේ. නහරගත රෝග ස්නායු රෝග ඇතිවිය හැකිය.
කුම්භ
අධ්‍යාපන කටයුතුවලට වෙනදාට වඩා වෙහෙස වීමට සිදුවේ. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. රැකියාවේ වෙනසක් සිදුවේ. ගෙදරින් පිට ගමන් බිමන් නිතර වේ. උෂ්ණ රෝග සෙම් රෝග මතුකරයි.
මීන
නව ව්‍යාපාර නව රැකියාවලට සිත යොමුවේ. ගෙදරදොර සමගිය අඩුවේ. වැඩ රාජකාරි වැඩිවන කාලයකි. ශාරීරික අප්‍රාණිකතා නිදිමත ගති ඇතිවේ.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි සංගීතා වික්‍රමසිංහ