වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
කුස්සියට වාසනාව ගෙනෙන පුදුම සාත්තරේ

නිවෙසක හෘදය ලෙස මුළුතැන්ගෙය හැඳින්විය හැකිය. නිවෙසක වාසය කරන සියල්ලන්ගේම ශරීර සෞඛ්‍ය මානසික සෞඛ්‍ය පවත්වාගෙන යාමට වටිනාකමක් ලබා දෙන්නේ මුළුතැන්ගෙය නිසියාකාර ලෙස පවත්වාගෙන යාමෙනි. ආහාර පිළියෙල කරන නිෙවසේ මුළුතැන්ගෙය වාස්තු විද්‍යාත්මකව සාදා ගැනීම නිවෙසේ සෞභාග්‍යයට ඉතා වැදගත් වේ.
මුළුතැන්ගේහි කරන දේවල් ධනයට වාසනාවට බලපාන බව ඔබ දන්නවද?
කොපමණ හම්බ කෙරුවත් ඉතුරුවක් නැද්ද, නිතරම රෝගවලින් පීඩා විඳිනවාද එහෙනම් ඔබේ මුළුතැන්ගෙයි අඩුපාඩු තිබෙන්නට පුළුවනි.
ඔබව හිඟන්නෙක් කරවන ගෙදර මුළුතැන්ගෙය නිෙවසට කිරි උතුරන තැනක් ලෙසට පත් කරගන්නා ආකාරය පහත පරිදි දැක්විය හැකිය.
මුළුතැන්ගෙය මෙහෙම නම් නිවෙසටම කිරි උතුරයි
නිවෙසක මුළුතැන්ගෙය හා එහි පිහිටීම එම නිවෙසේ දියුණුවට මෙන්ම එහි වෙසෙන නිවැසියන්ගේ සමගිය, සමාදානය, නීරෝගිභාවය යන කරුණුවලට හේතු සාධක වේ. අග්නි දේවතාවාට අයිති දිශාව ගිනිකොන දිශාව බැවින් කුස්සිය නිවෙසක ගිනිකොන දිශාවේ සෑදිය යුතුයි. මෙම දිශාවේ කුස්සිය ඉදිකිරීම තුළින් ගෙහිමියන්ට සැප සම්පත් නොඅඩුව ලැබෙන බව පිළිගැනෙයි.
කුස්සියට වඩාත් උචිත දිශාව කුමක්ද?
කුස්සියට වඩාත් උචිත දිශාව ලෙස ගණන් ගැනෙන්නේද ගිනිකොන දිශාවයි. එහි ළිප බැඳීම හෝ නූතන ක්‍රමයට ගෑස් ළිප් හෝ විවිධ උදුන් වර්ග තැබිය යුතුය. එම ලිප් ද ගිනිකොන දිශාවේම තැබිය යුතුය. ඒ සඳහා කුස්සියේ ඇතුළතින් සාදන ලද වේදිකාවක් භාවිත කළ හැකියි. නමුත් බඳිනා ළිප හෝ ගෑස් ළිප කිසිවිටකත් බිම නොවිය යුතුයි. පෝරණුවක් සාදා ඒ තුළ ළිප බැඳීම හෝ ගෑස් ළිප තැබීම සිදුකරන්නේ නම් එම සාදන පෝරනුව මුළුතැන්ගෙයින් පිටතට පන්නා සෑදීම තුළින් නිවෙස පොරව බවට පත්වීමේ මහා වස්තු දෝෂය ඇතිවෙනු ඇත. නිවෙසක් පොරව වූ විට එම නිෙවසේ සෞභාග්‍ය පලා යන අතර ආර්ථික අපහසුතා ද ඇති කරයි.
ගිනිකොන දිශාවේ නොමැතිව අනෙක් දිශාවන්වල කුස්සිය පිහිටීමෙන් ඔබේ පවුලේ සෞභාග්‍යය අහිමි වේ. ගිනිකොන දිශාව නොමැති නම් දෙවන පියවර ලෙස වයඹ දිශාව තෝරාගත හැකි වේ.
නිවෙසක මුළුතැන්ගෙය උතුරු දිශාවට දිශාගත වුවහොත් එහි වෙසෙන නිවැසියන්ගේ පවුෙල් සමගියට බාධා හටගනී. නිතර අඹු සැමියන් අතර මත ගැටුම් ඇති කරයි. ළමුන් ද දෙමාපියන් කියන දේ පිළිනොගනී. යම් නිවෙසක දකුණට මුළුතැන්ගෙය පිහිටියේ නම් එම නිෙවසේ නිවැසියන් දිනෙන් දින දුප්පත් වේ. ඔවුන්ගේ ආදායම් මාර්ග, රැකියා ආදිය නැති වී යයි. එමෙන්ම යම් නිවෙසක බටහිර දිශාවේ මුළුතැන්ගෙය හෙවත් කුස්සිය පිහිටියේ නම් එම නිවෙසේ වෙසෙන නිවැසියන් එකිනෙකා සමඟ කලකෝලාහල ඇතිකර ගනී, එකිනෙකා නොරුස්සන ගතියෙන් පසුවේ. කිසිදින උයාගත් දෙයක් හැමෝම එකට වාඩි වී කෑමක් නැත. නැඟෙනහිර දිශාවට මුළුතැන්ගෙය පිහිටියේ නම් එම නිවෙසේ ගෘහිණිය නිතර කලකිරීමෙන් පසුවේ. මුළුතැන්ගෙය සෑදීමට වයඹ, ඊසාන හා නිරිත යන දිශා ද ඉතා අශුභ වේ. මුළුතැන්ගෙය වයඹ දිශාවේ පිහිටි විට ගින්නෙන් හානි සිදුවිය හැකි අතර ඊසාන දිශාවට මුළුතැන්ගෙය පිහිටීම තුළින් නිෙවසේ වෙසෙන පිරිමි දරුවන්ට නොයෙකුත් අනතුරුඅපල උපද්‍රව ඇතිවීම සිදුවිය හැකියි. පිරිමි දරුවන්ගේ ජීවිත හානියක් වුවද සිදුවිය හැකියි. නිරිත දිශාවට මුළුතැන්ගෙය පිහිටියහොත් නිවැසියන්ගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපායි. නිවැසියන් නිතර කල්පවතින රෝගවලින් පෙළෙනු දැකිය හැකිය.
ජ්‍යොතිර්වේදිනි
මංජුලා පුෂ්පරාංගනී