වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
සෙනසුරු මාරුවෙන් ජීවිතයම මාරු කරගන්න උපදෙස්

කුම්භ ලග්න හිමියන්ට ඉතිරි කළ ධනය වැයවන කාලයකි.
වෘශ්චික විවාහ අපේක්ෂකයින්ගේ කටයුතු ස්ථිර වෙයි.
මේෂ
වසර 7 1/2ක ඒරාෂ්ඨක කාලයක් ආරම්භ වෙයි. හැකිතාක් වියදම් මඟ හැර ඉතිරියක් කරගන්න. ධන හානි නිතර ගෙදර අය නුරුස්සන ගති, රැකියාවේ ප්‍රශ්න ඇති වී රැකියාව එපා වන කාලයකි. ව්‍යාපාර දියුණුව අඩු වෙයි. ස්නායු පීඩා, මානසික පීඩා ඇති වෙයි.
වෘෂභ
හදිසි වාසනා ගෙනදෙන කාලයකි. ආවේගශීලී තත්ත්ව මඟහරවා ගත යුතුයි. විවාහ අපේක්ෂකයින්ට සුබයි. ප්‍රේම සම්බන්ධතා සාර්ථක වේ. ආදායම්වල ගැටලු මතු වෙයි. උසස් අධ්‍යාපනයට සුබ වේ. හෘදගත නහර රෝග පීඩා ඇති වේ.
මිථුන
ගෘහ ජීවිතයේදී එපා වීම්, කලකිරීම් ඇතිවෙයි. නීති ප්‍රශ්න හටගන්නා කාලයකි. රැකියාවේ වෙනස්කම් අැතිකරයි. ව්‍යාපාර අයෝජනවලදී සැලකිලිමත්ව කටයුතු කරන්න. උෟෂ්ණ රෝග, හෘදරෝග හටගන්නා කාලයකි.
කටක
මානසික පීඩා අවම වෙයි. යහපත් ක්‍රියාවල යෙදේ. මෙතෙක් පැවති විවාහ ගැටලු විසඳෙයි. ගෙදර දොර සාමකාමී වෙයි. අධ්‍යාපන කටයුතු සුබ වෙයි. ස්නායු, අස්ථි සම්බන්ධ රෝග පීඩා හටගන්නා කාලයකි.
සිංහ
ගෘහ ජීවිතය කරදර, පීඩා සහිත වෙයි. ශාරීරික දුර්වලතා, ලෙඩ දුක් වැඩිවෙයි. සෙනසුරු සහකාරියට අපල ගෙන දෙයි. රැකියා අහිමි වෙන ලකුණු යෙදෙයි. නමුත් උත්සාහයෙන් කටයුතු කරයි. කෙසේ හෝ ධනය ඉතුරු කරගන්නා කාලයකි.
කන්‍යා
ගෘහ ජීවිතය තරමක් අසතුටු වෙයි. දෙදෙනා අතර බහින්බස්වීම් ඇති වෙයි. පවුල් ව්‍යාපාර ද බිඳ වැටෙයි. නිතර ඉවසීමෙන් කටයුතු කරන්න. විද්‍යා අංශවලින් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ගැස්ට්‍රයිටිස් වැනි උෂ්ණ රෝග වැඩිවන කාලයකි.
තුලා
ගෘහ ජීවිතයේදී දරුවන් ගැන ප්‍රවේසම් වන්න. ගෙදර, අවුල්සහගත තත්ත්ව ඇතිවෙයි. සතුරු කරදර එන කාලයක් වෙයි. අධ්‍යාපනයේ ඉදිරි දියුණුව අැතිවෙයි. ව්‍යාපාරවලින් ලාභ අත්වෙයි. උදරාබාධ, මූත්‍රා ආශ්‍රිත රෝග හටගන්නා කාලයකි.
වෘශ්චික
බලාපොරොත්තුසහගතව සිටි විවාහ අපේක්ෂකයින්ගේ කටයුතු ස්ථිර වෙයි. දරුවන්ගේ කටයුතුවලට වෙහෙස මහන්සිවන කාලයකි. දේපළ ප්‍රශ්නයක් නිරාකරණය වෙයි. අධ්‍යාපනයට සුබ වෙයි. අලස ගති, නිදිමත ගති, ශාරීරික දුර්වලතා ඇතිවන කාලයකි.
ධනු
අලුත් දේපළක් විකුණා ගැනීමට හෝ දේපළක් මිලදී ගැනීමට හැකි වෙයි. උද්යෝගිමත්ව කටයුතු කරන කාලයකි. අධ්‍යාපනයට එතරම් සුබ නැත. හිතේ කනස්සලුබව ද මානසික පීඩා ද ඇති වෙයි. හෘදය සම්බන්ධ ලෙඩ දුක් ඇතිවන කාලයකි.
මකර
හිත් රිදීම් ඇති වෙයි. ධනය ආරක්ෂා කරගත යුතු කාලයකි. ව්‍යාපාර රැකියා ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ගෙදර දොර කටයුතු යහපත් ලෙස වුවද තරමක් අලස ගති, නිදිමත ගති ඇති වෙයි. බෙල්ලෙන් උඩ රෝග පීඩා මතු වන කාලයකි.
කුම්භ
ඉතිරි කළ ධනය වැයවන කාලයකි. දේපළ හානි ඇතිවේ. සොර සතුරු කරදර හා රැස්කරගත් ධනය නිකරුණේ වැයවේ. අධ්‍යාපන කටයුතු සුබ වෙයි. උත්සාහය උනන්දුව ඇතිව සෑම වැඩක්ම කරගත යුතු වේ. හිසේ රෝග, උරහිස්, හන්දිපත් රෝග පීඩා ගෙන දේ.
මීන
ලග්න එ්රාෂ්ඨක කාලයකි. විවාහයේ අඩදබර ඇතිවෙයි. දෙදෙනා අතර නිතර ප්‍රශ්න ගැටලු, ව්‍යාපාරවල අසාර්ථක තත්ත්ව, පාඩු හානි ඇති වෙයි. රැකියාවේ පීඩාකාරී තත්ත්ව මතු වෙයි. ඉහළ නිලතලවලින් ගැටලු මතුවෙයි. හිසරදය හා මානසික පීඩා, චිත්ත පීඩා ඇතිවන කාලයකි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි සංගීතා වික්‍රමසිංහ