ඇඳුමෙන් පැලඳුමෙන් සහ වර්ණ වලින් ගතිගුණ දැනගනිමු

අප්‍රේල් 7, 2021

 

ඇඳුම් වලට ප්‍රිය කරන අය අතර කාන්තාව මුල්තැන ගනී. පිරිමි දරුවකු මෙලොවට බිහි වූ විට නග්න නිරූපිතව මුළු දවසම ගෙවීමට හැකි වුවත් ගැහැනු දරුවකු නිරුවතින් තැබීම අපහසු වේ. මේ නිසා නිතරම ගැහැනු ළමයින් වැඩි ඇඳුම් ප්‍රමාණයක් අඳින අතර රූපය ගැන වැඩිපුර සිතන නිසාම ඇය වඩාත් අලංකාර ලෙස ඇඳුම් පැලඳුම් තෝරාගන්නට පෙළඹෙන්නීය. කෙනකු අඳින ඇඳුම මෙන්ම තෝරාගන්නා වර්ණ ආදිය හොඳින් නිරීක්ෂණය කිරීමෙන් ඇගේ ගතිගුණ කියන්නට හැකිය.

 

ඇඳුම් වල වර්ණ ගැන කතා බහේදී එකී වර්ගයේ විවිධ ඇඳුම් අඳින කාන්තාවන්ගේ මානසිකත්වය හැසිරීම ගැන නිරීක්ෂණය කිරීමෙන් සිරුරේ භාෂාව හඳුනාගත හැකිය.

මුළු සිරුරම වසා අඳින කාන්තාවන් අතර මුල් තැනක් හිමි වන්නේ ඉස්ලාමීය කාන්තාවහටය. එය ඔවුනට ආගමික පරිසරයකින් පැමිණි නීතියකි.

සුදු පැහැයට ප්‍රිය කරන්නේ කාන්තාවන්ගෙන් සුළු පිරිසකි. එයින් බොහෝදෙනකු ඉතා චාම් දිවිපෙවෙතකට ප්‍රියකරන අයයි. එසේ වුවත් එයින් බොහෝ දෙනකු සිය සැමියන්, දරුවන්, මව්පියන් වැනි ළඟම ඥාතියකු මියගිය පසු සුදු අඳින බව පෙනේ. එසේම සංවරශීලී, චාම් දිවියකට ඇය නෑකම් කියයි.

තද රතු පැහැයට ප්‍රිය කරන අය බොහෝවිට අඳින්නේ අධික රාගී බව දුස්මතු වී පෙනෙන අයුරිණි. එසේම කාම හැඟීම් වලට තදින්ම ඇළුම් කරන බව ඉස්මතු වී පෙනේ. රතු පාටට අධිකව ප්‍රිය කරන කාන්තාවන් කයින් මනසින් තෘප්තිමත් කිරීම ඉතාම අපහසුයි.

විශේෂයෙන්ම අඩ නිරුවතින් සිටින කාන්තාවන් පිරිමින් තමාවෙත ආශාව යොමුකර ගැනීමට දමන ඇමකි.

අළු පැහැති ඇඳුම් ඇඳීමට ප්‍රියකරන්නා කාර්යය ශූරත්වයෙන් තරමක පසු බෑම් ඇති එහෙත් යථාර්ථය මනාව තේරුම් ගත් අයෙකි. ප්‍රකට ලේඛකයින් අළු පැහැයට ප්‍රිය කළ බව පෙනේ.

ගුරු (දුඹුරු) පැහැයද තරමක ඉදිරිපත් වීමේ ක්‍රමවේදයෙන් ඉවතට ගිය මානසිකත්වයත් ප්‍රදර්ශනය කරයි.

ගුරු පැහැය ප්‍රිය කරන්නා බොහෝවිට කිසියම් දෙයකදී ඉදිරියට නොව පසුපසට වී සිටීමට ප්‍රිය කරයි. කොළ පැහැය දෙඇස් ආරක්ෂා කරන මුරපල්ලෙකි. පෑස්සුම් කරවන්ගේ මුහුණු ආවරණයද කොළ පැහැයෙන් යුක්ත වේ. ඇස් නීරෝගි වී දුෂ්ඨිය, පෙනුම වැඩි වන්නේ කොළ පැහැති ආහාර වර්ග වලිනි.

පාරජම්බුල පැහැය නැතිනම් දම් පැහැය (ඇල්ට්‍රාවයලට් ) උදේ කාලයේ හිරු රැස් වලින් ලැබේ. බීජ ඇට පැළ වන්නේද දම් පැහැයෙනි.

කාන්තා සිරුරෙන් නිල් පැහැයද, පුරුෂ සිරුරෙන් රතු පැහැයද දෙදෙනාම එක් වූ විට දම් පැහැය නිර්මාණ වීම හරහා ආලය, ආදරය, ප්‍රේමය, ලෙන්ගතුකම මෙන්ම සියුම් කාම හැඟීම්ද උද්දීපනය වන බව විද්‍යාඥයින් සොයාගෙන තිබේ.

උරහිස් වලට හීන් පටි දෙකක් යෙදූ ඇඳුම් පිටතට පෙනෙන ලෙසත් පපු පෙදෙස කැපී පෙනෙන අයුරින් ගවුම් අඳින්නේ නම් ඇය කාමයට ප්‍රිය පිරිමින්ගේ අපවාද වලට හසු වෙන්නියක් වේවි.

පිට විශාලව පෙනෙනසේ අඳින කත අන්‍යයන්ගේ සිත තමා වෙත යොමු කර ගැනීමට මාන බලා ඇමක් දැමීමක් වැනි දෙයක් කරන්නීය.

පියයුරු අතර ඇති හිදැසද, උදරය හා නාභිය පෙනෙන සේ අඳින කත අශාවන්ගෙන් තෘප්තියට පත් නොවන බව කියන කාම දුගියකි. අවසර ලත් තැන රහසේ බැඳෙනු ඇත.

අත් කොටට කිහිලි පෙනෙන සේ මෙන්ම උඩුකයද අඩ නිරුවත්ව අඳින කාන්තාව විකෘති පැත්තට සිය මනස රහසේ හසුරවමින් මානසිකව සතුටක් ලබනු ඇත.

මනා ලෙස සාරියකින් හෝ ඔසරියකින් සැරසී බෝරිච්චි අත් දිග හෝ කොටට අඳින්නේ නම් ඇය ඉතාම ගුණයහපත් චාම් ජීවිතයක් ගත කිරීමට කැමැති යහපත් දිරිය කතක් වනු ඇත.

වැසිය යුතු තැන් විවෘත කර කිසිදු ලැජ්ජාවක් බියක් සැකයක් නොමැතිව ජනයා අතර ඔබ මොබ යන යුවතියන් කුඩා කෘමී සතුන් අල්ලාකන බඳුරා මල් වැනිය.

වැරහැලි වැනි ඇඳුම් අඳිමින් යාචකයින් සේ සිටින කතුන් ද මානසිකව අන්ත අසරණ බවට පත් වූ නිසාම එසේ සිටිනු ඇත.

කොයි තරම් හොඳ ඇඳුම් අඳින්නට හැකියාව තිබුණත් අඳින ඇඳුම් වලට අණ්ඩ දමා නිරන්තරයෙන් අඳින අය කිසිදු ස්ථාවරත්වයක් නැති සැක සහිත සිතන පතන ලෝභී පරිත්‍යාගශීලී නොවන කුහකත්වයෙන් පිරුණු චරිතයන් වේ. නිතරම අන්‍යයන්ගේ දොස් දකී . පලිගනී.

තමා ඇඳ සිටින ඇඳුම් පැලඳුම් වල කුණු තවරාගෙන ඉරාගෙන පිහිවලින් කපාගෙන වේගයෙන් කෑ ගසන අය ගැන වඩාත් සෝදිසියෙන් ඉන්න.ඔහු හෝ ඇය සමාජයට වහා විපත් කරයි. පිළිලයක් විය හැකි අයය. මානසික රෝගී ලක්ෂණයකි.

මහා ධන කුවේරයින්, කුවේරියන්ද වැරහැලි අඳිමින් ගෙවන ජීවිතය අතෘප්ති කර මානසිකත්වයකින් හෙබි, හිංසාවාදී, කුහක, සංවේදී නොවූ චරිතයකි. ඊර්ෂ්‍යා සහගත හදවතක් ඇත.

ළා නිල් සහ දම් පැහැයන් ප්‍රිය කරන දෙපක්ෂයම කලාත්මක හැඟීම් ඇති සංගීත, චිත්‍ර වැනි දේ ප්‍රිය කරන ඒවායෙහි දක්ෂ සෞන්දර්යවාදීන් ය. ඔවුන් ඉතාම සංවේදී ජනතාහිතවාදීන්‍ ය. මානව භක්තියෙන් පිරිපුන්ය.

ඇඳුම්වල වර්ණයෙන්, අඳින ඇඳුම් විලාසිතාවන් පිළිබදව නිරීක්ෂණය කිරීමේදී විශේෂයෙන්ම සිය සහකාරිය හෝ සහකරු බුද්ධිමත්ව තෝරා ගැනීමට පහසු වේ.

 

 

ප්‍රවීණ ජොතීර්වේදී

ටී. හෙන්රි බෙම්මුල්ල