ලග්න පලාපල

මැයි 31, 2021

 

මේෂ ලග්නය

 

හදිසි ධන හානි

මේෂ ලග්නයට අනුව ඔබට තම ජීවිතයේ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවෙයි. සතිය ආරම්භයේදීම චන්ද්‍රයා 08 හි නීචවීම තත්ත්වය සතුටුදායක නැත. හදිසි ධනහානි, තුනටියේ උගුරේ ආපදා හටගනු ඇත. අන් අය වෙනුවෙන් මුදල් වියදම් කිරීමටද සිදුවේ.

 

වෘෂභ ලග්නය

අවිවාහක අයට මංගල යෝග

වෘෂභ ලග්නයට අනුව මෙම සතියේ ඔබට විවාහ ස්ථානගත අභිවෘද්ධිය උදාවේ. සතුටුදායක ලෙසින් ගෘහ ජීවිතය සකස්වන අතර නි‍ෙවසේ උත්සවශ්‍රීයක් ද උසුලනු පෙනේ. අවිවාහක අයට මංගල යෝගද තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු ඉටුවන බවද පෙනෙන්ට තිබේ. හිතේ සතුට සැනසුම උදාවේ.

 

මිථුන ලග්නය

කාර්යබහුල සතියක්

මිථුන ලග්නයට අනුව මෙම සතිය ඔබට ඉතා සුබයි. චන්ද්‍රයා 06, 07, 08, 09 යන ස්ථානවල ගමන් කිරීම නිසා සතිය ආරම්භය බාධක සහිත වුවද සතිය මැද භාගයේ සිට වාසනාව උදාවේ. තම එදිනෙදා කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවස්ථාව උදාවේ. තම දූ පුතුන්ගේ කටයුතු නිසා සතිය කාර්යබහුල එකක් වනු ඇත.

 

කටක ලග්නය

ආර්ථික ලාභ

කටක ලග්නයට අනුව මෙම සතිය ඔබ කේන්ද්‍රයේ ලෙස විවිධ අංශ කෙරේ යොමුවේ. ඒ අනුව ආර්ථික ලාභ ගෙනෙයි. චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයට අනුව 05, 06, 07, 08 යන ස්ථාන පසුකර යාම නිසා දූ දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට සිදුවන අතර වැය ශීර්ෂයද ඉහළ යනු ඇත.

 

සිංහ ලග්නය

නව ආයෝජනයකට ඉඩ

සිංහ ලග්නයට අනුව මම සතිය ඔබට තම වෘත්තීය මට්ටම උසස් වන අතර ආර්ථික ප්‍රතිලාභ ද පෙන්වයි. තමාට වාහනයක් පිළිබඳව තිබූ සිහිනය සැබෑ වන ලකුණු පෙනේ. ඒ සඳහා බොහෝ සමීපතමයන්ගෙන් ඇප උපකාර සහාය ලැබේ. තම ජීවන ගමනට නව ආයෝජන එක්වන සතියකි.

 

කන්‍යා ලග්නය

උසස් ආර්ථික ප්‍රතිලාභ

කන්‍යා ලග්නයට අනුව මෙම සතිය ඔබට ඉතා සුබයි. චන්ද්‍රයා 03, 04, 05, 06 යන ස්ථාන පසුකර යද්දී දේපළ, වාහන, නිවාස ඇතුළු භෞතික සම්පත් උරුමයන් ගෙන දෙයි. රැකියා අභිවෘද්ධිය එදිනෙදා කටයුතුවලට පැහැදිලි බවක් දක්නට ලැබෙන අතර උසස් ආර්ථික ප්‍රතිලාභ පෙන්වනු ඇත.

 

තුලා ලග්නය

ධන හානි

තුලා ලග්නයට අනුව මෙම සතිය ඔබ ජීවිතයේ හදිසි තීන්දු තීරණ මත ධන හානි පෙන්වයි. අපරික්ෂාකාරී වැඩ නිසා එබඳු අපහසුතා එළඹීමට සිදුවෙතත් ප්‍රවේසමෙන් කටයුතු කළහොත් උසස් ප්‍රතිලාභ ලබන තත්ත්වයේ හැකියාවක් ද ඇත. චන්ද්‍රයා 02, 03, 04, 05 යන ස්ථානවල ගමන් කිරීම ආරම්භයට වඩා සතිය මැදභාගයේ සිට යහපත්ය.

 

වෘෂ්චික ලග්නය

හිතේ කලකිරීමක්

වෘෂ්චික ලග්නයට අනුව මෙම සතිය දැඩි සිත් කලකිරීමකට තුඩුදෙන කාරණාවක් එළඹෙනු ඇත. පසුතැවීමට ලක්වන සතියක ආරම්භයකි. තම වෘත්තීය ගරුත්වය කෙලෙ‍සෙන ආකාරයේ සිදුවීමක් නිසා සිතට කනගාටුව මතු කෙරේ. එදිනෙදා කටයුතු කාර්ය බහුල වන අතර සතිය මැද සිට සතුටුදායක තත්ත්වයක් උදාවේ.

 

ධනු ලග්නය

රැකියා ගැටලු

ධනු ලග්නයට අනුව මෙම සතිය ඔබට සතිය ආරම්භයේ වාසස්ථානයෙන් දුරස්ව යාමට සිදුවේ. වෘත්තීය වගකීම් වැඩිවන අතර කාර්ය බහුල තත්ත්වයක් උදාවේ. පෞද්ගලික කටයුතු අඩාල වන අතර ආර්ථික පසුබෑමකට ද හේතුයි. ර මතු කෙරේ.

 

මකර ලග්නය

අත්හැර දමා තිබූ ව්‍යාපාරයක් යළි අරඹයි

මකර ලග්නයට අනුව මම සතිය හදිසි ධන ලාභ පෙන්වයි. අත්හැර දමා තිබූ ව්‍යාපාරයක් යළි ඇරැඹීම නිසා සතුටුදායක ගමන් මඟකට පිවිසීමට හැකිවේ. තම දූ දරුවන් හා තම සහකරු හෝ සහකාරිය අතර සුහදතාව ගොඩ නැගේ. ඒ නිසාම සතිය පුරා සතුටුදායකවේ.

 

කුම්භ ලග්නය

ප්‍රධානින්ගේ ප්‍රසාදය

කුම්භ ලග්නයට අනුව මෙම සතිය තම රැකියාවේ වෙනසක් සුබවාදී ලෙස සිදුවේ. ප්‍රධානින්ගේ ප්‍රසාදය හා තමා කලකට පෙර සිට ඉදිරිපත් කර තිබූ යෝජනා මාලාවක් නිලධාරින්ගේ ප්‍රසංශාවට ලක්වෙමින් එය ක්‍රියාත්මක කිරීමට තීන්දු තීරණ ගනී. ඒ නිසාම ආයතන අභිවෘද්ධිය සැලසේ.

 

මීන ලග්නය

අන් අයගේ ඇප උපකාර

මීන ලග්නයට අනුව මෙම සතිය තුළ චන්ද්‍රයාගේ ගමන් මඟට අනුව ආගමික සහජීවනය සිතට දැනෙනු ඇත. තම එදිනෙදා කටයුතු ආගමික මුහුණුවරක් ද දක්නට ලැබේ. තම සිතේ මතු කෙරෙන තීරණාත්මක කුසලතාවලින් පල උදාකර ගනී. තමාට බොහෝ අයගේ ඇප උපකාර ලැබෙන්නට පටන් ගනී.

 

 

 

 

 

සුබසෙත

ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි