ලග්න පලාපල

ජූලි 21, 2021

 

මේෂ ලග්නය

ආර්ථික ප්‍රතිලාභ

මේෂ ලග්නයට අනුව මේ සතියේ ඔබට ආරම්භක දින දෙක තුන අභියෝගාත්මක වුවද ඉන් පසු සතිය අවසන් වනතුරු සුබදායි වෘත්තීය ජයග්‍රහණ කීපයක් සමඟ ආර්ථික ප්‍රතිලාභද හිමි වෙයි.

චන්ද්‍රයා 08, 09, 10, 11 යන ස්ථානවල ගමන් ගන්නා නිසා සිතට සවිය දේ.

 

වෘෂභ ලග්නය

දේපළ උරුමකම්

වෘෂභ ලග්නයට අනුව මේ සතිය ඔබ කේන්ද්‍රය ප්‍රබලතා රැසකි.

ඒ අනුව අවිවාහක අයට මංගල යෝග හා තරුණ තරුණියන්ගේ අදහස් සඵලවීම මෙන්ම එකමුතුව වැඩ කිරීමේ හැකියාව, පිරිස්බලය නොඅඩුව ලැබෙනු ඇත.

පෙර පිං මහිමය මතු කිරීමෙන් විවිධ දේපළ උරුමකම්ද සහිත වෙයි.

 

මිථුන ලග්නය

නො කළ වරදකට චෝදනා

මිථුන ලග්නයට අනුව මේ සතිය මුල් දින දෙක තුන මෙන්ම අග භාගය යම් යම් ගැටලුවලට මුහුණදීමට සිදුවෙයි. ඒ තම ආත්ම අභිමානයට කැළැල් සිදුවන අයුරිනි. සමාජසේවා කටයුතුවලදී කල්පනාකාරී වන්න.

තමා නොකළ වරදකට චෝදනා අසන්නට සිදුවේ.

 

කටක ලග්නය

වාසනාවන්ත දරු සම්පත්

කටක ලග්නයට අනුව මේ සතිය ඔබට සුබයි. චන්ද්‍රයා 05, 06, 07, 08 යන ස්ථාන පසුකර යාම නිසා තමා බලාපොරොත්තු වූ දරුඵල තමාට හිමිවේ. නව ආර්ථික ආයෝජන කටයුත්තකට අත ගැසීමට මෙන්ම තම දරු මුණුපුරන්ගේ කටයුතු කෙරෙන් සමාජ ප්‍රසාදය හිමිවනු පෙනේ. කුස ආශ්‍රිත උවදුරු, සැර උෂ්ණ ගති නිසා ශාරීරික අපහසුතා දැනෙන්නට පටන් ගනී.

 

සිංහ ලග්නය

අරමුණු රැසක ජයග්‍රහණ

සිංහ ලග්නයට අනුව මේ සතිය තම ජීවිතයේ තීරණාත්මක තීන්දු රැසක් ගැනීමට මුල්වන සතියකි.

තම පදිංචිය වෙනස්විය හැකි අතර අලංකාර නිවාස හිමිකම මෙන්ම වෘත්තිය මට්ටමේ ජයග්‍රහණ රැසකට හේතුවෙයි.

තමා කලක සිට අපේක්ෂා කළ අරමුණු රැසක ජයග්‍රහණ හිමිවේ.

 

කන්‍යා ලග්නය

ඥාති සබඳතා තර වේ

කන්‍යා ලග්නයට අනුව මේ සතිය තුළ චන්ද්‍ර රාශි සංක්‍රමණය 03, 04, 05, 06 යන ස්ථාන පසුකර යන නිසා දේපළ උරුමකම් දරු සම්පත් මෙන්ම පැවැති නීති ගැටලුවකට විසඳුම් ලැබෙනු ඇත.

ඥාති සබඳතා තරවන අතර පොදු කටයුතුවලදී සෙසු සහය මත ජයග්‍රහණ රැසක හිමිකම ඔබට ලැබේ.

තුලා ලග්නය

ඉදිරිගමටන ශක්තිමත් පසුබිමක්

තුලා ලග්නයට අනුව මේ සතිය ඔබට ඉතා සුබයි. ධන සම්පත් අතින් උසස්වේ. චන්ද්‍රයා 02, 03, 04, 05 යන ස්ථාන පසුකර යන මේ ගමනේදී සිතට සතුට අභිවෘද්ධිය මෙන්ම සමාජයේ කැපී පෙනෙන තත්ත්වයකට පත්වෙනු ඇත. කෙසේ නමුදු ඔබ කිසියම් පැහැදිලි සූදානමක සිටින්නේ නම් ඉදිරි ගමනට හොඳ ශක්තිමත් පසුබිමක් වැටෙනු ඇත.

 

වෘෂ්චික ලග්නය

මනසේ ව්‍යාකූල බවක්

වෘෂ්චික ලග්නයට අනුව සිතට කටයුතු බහුල වන මනසේ ව්‍යාකූලතාව මතුකරන තත්ත්වයක් පල කළද දිරිය ශක්තිය මතුකර ගැනීමෙන් ඔබට යහපත් ගමනකට ශක්තිය ලැබෙයි. ධනය නිලය අතින් සතිය මැද භාගයේ සිට ඔබට අවස්ථාව උදාවන අතර සෙසු අය සමඟ කටයුතු කිරීමේදී අවධානයෙන් සිටින්න. රැවටිලිවලට හසුවේ.

 

ධනු ලග්නය

පිටරට යෝග පලදේ

ධනු ලග්නයට අනුව චන්ද්‍රයා 12, 01, 02, 03 යන ස්ථාන පසුකර යාමේදී මුලින්ම ඔබට වාසස්ථානයෙන් දුරස්ව යාමට සිදුවේ. වෘත්තිය මට්ටමේ කාර්ය බහුලතාවයක් සිදුවෙයි. කලින් ඉල්ලුම් කර තිබුණානම් පිටරට ගමනකටද හේතු වනු ඇත. තම සමීපතමයන් දුරස්වන ලකුණු පෙනේ.

 

මකර ලග්නය

හදිසි ලොතරැයි ජය

මකර ලග්නයට අනුව මේ සතිය ඔබට හදිසි ආර්ථික ප්‍රතිලාභ සහිතයි. ලොතරැයි ජයග්‍රහණයක් වුවද හිමිවන ලකුණු පෙනේ. තමා ආයෝජනය කර තිබූ මුදලක ප්‍රතිලාභ හිමිවීමට පටන් ගනී. මුලින් මුලින් වියදම අධික වුවද එය සකසුරුවම් කර ගතහොත් ඉදිරිය සුබවාදී වෙයි.

 

කුම්භ ලග්නය

අභිමානවත් ජීවන රටාවක්

කුම්භ ලග්නයට අනුව මේ සතියේ ජීවිතයේ අභිමානවත් තත්ත්වයකට ඔබ ගෙන යයි. වෘත්තීය මට්ටමේ තිබූ ගැටලු නින්දා අපහාස චෝදනා මඟ හැරේ.

තමාට ලැබෙන්නට තිබු මුදලක් තමා අතට පත්වේ.

එදිනෙදා ජීවිතයේ කොයිකා අතරත් කැපී පෙනෙන ලකුණු පලවේ.

 

මීන ලග්නය

පිං දහම් රැසක නියැ‍ෙළ්

මීන ලග්නයට අනුව චන්ද්‍රයා මේ සතියේ ගමන් අරඹන්නේ 09, 10, 11, 12 යන ස්ථානවල නිසා ඉතා වාසනාවන්ත සතියකි.

ආගමික මුහුණුවරකින් ඇරැඹෙන සතිය පුරාවට පිං දහම් කටයුතු රැසකටද සහභාගිවීමට ඔබට හැකිවේ.

තම ආර්ථික සහජීවනය අධ්‍යාත්මික දියුණුව මුවහත් කරන උත්සව සංවිධානය කිරීමෙහිලා ඔබ ප්‍රමුඛ ස්ථානයක සිටී.

 

 

සුබසෙත

ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි