මව් පදවිය ලැබීමට සිහින දකින කාන්තාවක් පැලඳිය යුතු මැණික් වර්ග

ඇක්වාමරීන් ඉතාමත් ශක්තිමත්ව ගර්භණීභාවට මුහුණදීමේ හැකියාව වඩවයි
ඔක්තෝබර් 27, 2021

 

අම්මා, නැතිනම් මව යන ලෝකයේ ඇති උතුම් ම පදවිය ලැබීමට වාසනාව ඇත්තේ කාන්තාවකට නැතිනම් ගැහැනියකට පමණි. කාන්තාවකගේ ජීවිතය බැබලෙන්නේ ආදරය, කරුණාව හා මාතෘත්වය හේතුවෙනි. එහෙත් ඇයට මේ උතුම් පදවිය ලබා ගැනීමට නම් පිරිමියකුගේ සහාය අවශ්‍ය වෙයි. ඒ නිසාම තමන්ගේ පෙම්වතාගේ, සහකරුගේ ආදරය, විශ්වාසය, ආකර්ශනය දිනාගැනීමට කාන්තාවක් දක්වන්නේ ඉමහත් උනන්දුවකි. ජීවිතයේ උතුම් පදවිය වන මාතෘත්වය ලබාගැනීම බිරියකගේ එකම සිහිනයයි. එසේම කාන්තාවන් තම සුන්දරත්වය ඔප කරගන්නට විවිධ ආභරණ පලඳින අතර, ඒ අතරට විවිධ වර්ගයේ මැණික් ද භාවිත කරනවා. ජීවිතයක් සාර්ථක කර ගැනීමට උපකාරීවන පෙම්වතාගේ හෝ සැමියාගේ ආදරය දිනාගෙන ජීවිතයේ සිහින සැබෑ කරගන්නට උපකාරී වන මැණික් වර්ග කිහිපයක් ගැන අද අප ඔබව දැනුවත් කරන්නයි මේ සූදානම.

ඇක්වාමරීන් නම් වු මේ මැණික් වර්ගය පැලඳීමෙන් හිතෙහි සැනසුම වැඩෙයි. කාන්තාවක් ගර්භණීභාවයට පත් වීමත් සමඟ ස්වභාවයෙන් සිතෙහි හටගන්නා සැකසංකා මනසෙන් මකා දමයි. ගර්භණීභාවය නිසා සිතෙහි හටගන්නා බිය දුරු කරයි. ඉතාමත් ශක්තිමත්ව ගර්භණීභාවට මුහුණදීමේ හැකියාව වඩවයි. එසේම මවක් වීමට පෙරුම්දම් පුරන කාන්තාවක් තුළ ඇතිකරන්නා වූ බලාපොරොත්තු සහගත බවෙහි තෘප්තිය සතුට වර්ධනය කරනු ලබයි. එසේම කාන්තාවන් බලවත් සේ පීඩාවට පත් කරන දරුඵල අහිමි වීම, ගබ්සා වීම වැනි කාරණා වැලැක්වීමට උපකාරීවෙයි. Aquamarine යනු වාසනාවන්ත මාතෘත්වයකට මඟ පාදන පාෂාණ විශේෂයකි.

Lepidolite ගර්භණී කාන්තාවකගේ පෝෂණය සහ මනසෙහි සැහැල්ලු හා සිතෙහි සාමය වඩවා ලීමට උදව් වන පාෂාණ විශේෂයකි. මෙම පාෂාණය පැලඳ සිටින විට ලෙපිඩොලයිට් නම් වූ මනෝභාවය වැඩිදියුණු වෙයි. මවක් වීමත් සමඟ තමන්ගේ ජීවිතයට උදාවෙන නව කාලපරිච්ජේදය ඉතාමත් සතුටින් ගෙවීමට උපකාරී වෙයි. ප්‍රසූතිය පිළිබඳ බිය දුරුකරන අතර ප්‍රීතිමත් මවක ලෙස කල් ගෙවිමේ භාග්‍ය ලෙපිඩොලයිට් පාෂාණය පැලඳීමෙන් ඔබට උදාකරගත හැකි වනු ඇත.

අතීතයේ පටන් සාම්ප්‍රදායික අභරණ වලට යොදාගත් පාෂාණ විශේෂයක් ලෙස අගස්තිය දැක්විය හැකිය. මිලදී ගැනිමේදී ඉතා ඉහළ මුදලක් ගෙවීමට සිදුනොවන අගස්තියෙන් ජීවිතයට ඇතිකරන ප්‍රතිලාබය අතිමහත්ය. අගස්ති සෞඛ්‍ය වැඩි දියුණු කරන පාෂාණ විශේෂයකි. හිතේ ඇතිවන කම්පාවන්, කලකිරීම්, පසුතැවීම් නැතිකර හිත ශකිත්මත් කරන අගස්ති කෙනකු බාධක බිඳ දමමින් තමන්ගේ අරමුණ වෙත ළඟාවීම සඳහා ගින්දරක් සේ බලවත් කරයි. පුද්ගලයකු ඉදිරියට රැගෙන යෑම සමාජයේ ගරුබුහුමන් ලැබෙන තැනකට පත්කිරීමේ හැකියාවක් අගස්ති වලට ඇත. එබැවින් නිවැරැදි උපදෙස් මත අගස්තියක් පැලඳීමට සැලකිලිමත් වන්න.

මෙම පාෂාණයෙහි විශේෂත්වය වන්නේ කාන්තාවකට දරු පිළිසිඳ ගැනීමකට වුවමනා පසුබිම සකස් කර දීමට පිටුබලයක් සැපයීමයි. දරුපල බලාපොරොත්තුවෙන් සිටින විට එම අරමුණ වෙත ළගා වීමට ආසාව සහ ශක්තිය වර්ධනය කරයි. ලිංගික ආශාවන් වැඩි කරමින් තම සහකරු සමඟ ගැඹුරු සබඳතාවකට මඟ පාදා දෙනු ලබයි. තමන්

පිළිබඳ ආදරය තමන්ගේ ජීවිතය හා ජීවිතය හා බැඳුණු බලාපොරොත්තු වෙත ළඟාවීමේ වුවමනාව වැඩි දියුණු කරයි. මාතෘත්වය බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට පැලඳීමට ඉතා හොඳ පාෂාණ වර්ගයක් ලෙස රෙඩ් ටයිගර්ස් අයි දැක්විය හැකිය.

පුද්ගලයකුගේ ධෛර්යය, ශක්තිය වැනි ධනාත්මක කාරණා වැඩි කිරීමේ හැකියාවක් ගෝමේදයට ඇත. ගෝමේදයක් පැලඳි විට ඔබගේ මූලාධාර චක්‍රය සමඟ ගෝමේදය සම්බන්ධ වන බැවින් ඔහුගේ හෝ ඇයගේ ශක්තීන් වල ආරක්ෂාකාරී බව තීව්‍ර වෙයි. ලිංගික සබඳතා වලදී ප්‍රබෝධමත් බවක් සහ ආකර්ශනීය බවක් ඇති කරයි. ආදර සබඳතා වලදී තමන් පිළිබඳ විශ්වාසය ඇති වෙයි. මෙම කාරණා නිසා ආදර බැඳීමක සුන්දරත්වය වැඩි වැඩියෙන් අත්විඳීමේ හැකියාව ගෝමේදයක් පැලඳ ගැනීමෙන් ලබාගත හැකිය.

 

උපදෙස්

සළුවඩන ජෙම් ඇන්ඩ් ජුවලරි ආයතනයේ

අධිපති සළුවඩන බණ්ඩාර