සිංහල අලුත් අවුරුදු ලග්න පලාපල

මේ අලුත් අවුරුද්ද ඔබට කොහොමද?
අප්‍රේල් 3, 2023

 

මේෂ ලග්නය

හදිසි ධන ලාභ

 

 

මේෂ ලග්නය හිමි ඔබට ධන සම්පත් උරුම වීමේ වාසනාව පවතී. ව්‍යාපාර දියුණුව මෙන්ම වෘත්තීය ජයග්‍රහණ මෙහිදී වැදගත් වෙයි. තම ආත්ම අභිමානය දැනවෙන අතර රැකියා ස්ථානයේ කැපී පෙනෙන තත්ත්වයක් මතු කරයි. පිටරට යෝග හා හදිසි විදේශ ගමන් යෙදෙනු ඇත. අඩුතරමින් විදේශ රටක සිට පැමිණි අයකු නිසා ඒ මඟින් ආර්ථික වාසියක් හිමිවේ.

 

නව ව්‍යාපෘතියකට අත ගසන අතර ගෘහ ජීවිතය කාර්යබහුල වනු ඇත. තම අධ්‍යාපන කටයුතුවල සැලකිය යුතු ප්‍රවර්ධනයක් මෙන්ම අලුත් අලුත් විෂයයන් ඉගෙනීමට යොමු වනු ඇත. වාහන පල නව නිවාස පල මෙන්ම අසල්වාසි හිත මිතුරන්ගෙන් ප්‍රසාදය හිමි වේ. නි‍ෙවසේ කටයුතු අතර ආගමික උත්සවයක් පිළිබඳ කතිකාවක් ගොඩ නැගෙනු ඇත. තම වැඩිහිටි පාර්ශ්වයෙන් උදාවන විරෝධතා නිසා කිසියම් දේපළක් පිළිබඳ තිබූ බලාපොරොත්තුව අත් හැරීමට සිදුවේ. ශරීර සෞඛ්‍යය අතින් ප්‍රවේශම් විය යුතු කාරණාව නම් උරහිස ආශ්‍රිත හදිසි ආපදාවකට ඉඩ තිබෙන නිසයි. හිසට වද දෙන කරුණක් නිසා අධික රුධිර පීඩනය මතු වීමටද ඉඩ ඇත. තමා අදහන සිය ආගමික කටයුතුවලට වඩ වඩාත් යොමුවීම සුබයි.

-----------------

වෘෂභ ලග්නය

විලාසිතාවලට පෙලඹේ

 

ඉතා සුබ වකවානුවකි. තම ආදර සබඳතා පුළුල් වේ. අවිවාහක අයට මංගල යෝග ද විවාහකව සිට ගැටලුවලට මුහුණ දී සිටි ඔබට සුවිශේෂි ලෙස ගැටලු දුරුවෙයි. කාන්තා පාර්ශ්වයේ අය හුදෙක්ම විලාසිතාවලට වඩ වඩාත්ම යොමුවේ. ඒ සඳහා විවිධ මාර්ගවලින් ආර්ථික ප්‍රතිඵල ලැබේ. පිටරට ගමන් පිළිබඳ අදහස් කර සිටි අයට එම අදහස් සඵලවේ. නව නිර්මාණකරණය එනම් ඡායාරූප, නාට්‍ය හා රංගනය, සාහිත්‍ය පුවත්පත් කලාව පිළිබඳ උනන්දුවක් ඇති අයගේ අරමුණු ඉටුවේ. රටේ ජනප්‍රිය භාවයට මෙන්ම කා අතරත් ආදර කරුණාවට භාජනය වේ. ගෘහ ජීවිතයේ බොහෝ අඩුපාඩු සපුරා ගැනීමට හැකි වන අතර විවිධ ආකාරයේ පරිත්‍යාග හිමිවේ. වෘත්තීය මට්ටමේ විවිධ පීඩාකාරි අවස්ථා මතු වුවද නොබියව පෙරට යාමට දරන ප්‍රයත්නය සඵලවේ. නිවෙසේ ආගමික කටයුත්තකට මුල් තැනදෙන අතර නව ව්‍යාපෘතියකට මුල පිරේ. ශරීර සෞඛ්‍ය අතින් ප්‍රවේශම් විය යුත්තේ උගුර - කන - නාසය පිළිබඳ උවදුරු පැමිණෙන නිසාය. කිසියම් ආකාරයක පපුවට බලපාන සෙම් තත්ත්වයක් නිසා කලක් ප්‍රතිකාර ගැනීමටද සිදුවේ. තම අධ්‍යාත්මික දියුණුව පිළිබඳවද සිතයි.

------------------

මිථුන ලග්නය

රැකියා අභිවෘද්ධිය

 

 

ඉතා වාසනාවන්ත ලෙස රැකියාවේ ගැටලු විස‍ඳේ. ආර්ථික ප්‍රතිලාභද හිමිවේ. නව ව්‍යාපාරයකට අත ගසයි. අලුත් විදියට සිතා තම ආදායම් මාර්ගය නව මුහුණුවරකින් පවත්වාගෙන යාමට සිතයි. බොහෝ මිත්‍ර සංගම් නිසා තම අභිවෘද්ධිය සැලසේ. පිටරටක පදිංචියට පවා වාසනාව පවතී. තම ආගමට වැඩි නැඹුරුවක් හා නිවසේ ආගමික කටයුතු රැසක් සිදු වනු ඇත. සමාජ සේවා කටයුතු කෙරෙන් ප්‍රසාදයට ඇගැයීමට ලක්වනු ඇත. ගෘහ ජීවිතයේ යහපත් ප්‍රතිලාභ හිමිවේ. නව යොවුන් වියේ පසුවන අයට අභිවෘද්ධිය උදාවේ. නව ආර්ථික ක්‍රමෝපායන් සැලසේ. දුර බැහැර ගමන් බිමන් යෙදෙන අතර හදිසි වියදම් පැත්තක් ද පවතින නිසා සකසුරුවම අරපිරිමැස්ම හුරු විය යුතුය. ජීවිතයේ පැවති බොහෝ ආර්ථික ගැටලු රැසකට විසඳුම් ලැබේ. නව බලාපොරොත්තුවකට අනුව අලුතින් අරඹන ව්‍යාපාරයක ලාභ ප්‍රතිශතය ඉහළ යයි. ශරීර සෞඛ්‍යය අතින් ඉතා සැලකිලිමත් විය යුතුය. හිසට තුනටියට අගුණ වන අතර ගින්දර, විදුලිය ආශ්‍රයෙන්ද ප්‍රවේශම් විය යුතුය. යම් විදියක හිතට දැනෙන ආවේග පාලනය කරගත යුතුය. නැතහොත් සතුරන් ඇතිවේ.

 

-------------------

කටක ලග්නය

සතුරු පීඩා ජය ගනී

 

 

ඉතා වාසනාවන්ත වෙයි. ආර්ථික වශයෙන් උසස් වේ. නව ආයෝජනයකට පසුබිම වැටේ. පිටරට ගමන් මෙන්ම යම් කිසි ව්‍යාපෘතියකට යොමුවීමට වාසනාව උදාවේ. රැකී රක්ෂා දියුණුව මෙන්ම පැවති බාධා දුරු වී සතුරු පීඩා ජය ගැනීමට හැකිවේ. ගෘහ ජීවිතයේ කටයුතු අඩාළ වන්නේ තමා කාර්යබහුලවීම නිසාය. පිටරටක නොයනවා නම් සිය ගම්පියසින් වාසස්ථානය වෙතින් ටික කලකට දුරස්ව යාමට සිදුවනු ඇත. සොර සතුරු බලවේග මැඩ පැවැත්වීමට ශක්තිය උදාවේ. තමා විසින් යෝජනා කළ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම නිසා රැකියා ස්ථානයේ ඇතිවන අභිවෘද්ධිය හේතුකොට ගෙන තමාට සිය ප්‍රධානීන්ගේ ඇගැයීමට ප්‍රසාදයට ලක්වීමට වාසනාව ඇතිවේ. අධ්‍යාපන කටයුත්තක යහපත් ප්‍රතිඵල උදාවේ. ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් නැත. ඒ තුනටිය, දණහිස ආශ්‍රිත උවදුරු විය හැකි නිසාය. නව ආදර සබඳතා මතු කෙරේ. එහෙත් සුපරීක්ෂාකාරි විය යුත්තේ විටින් විට තම ජීවිතයට විවිධ නින්දා අපහාස චෝදනා මතු වීමට ඉඩ තිබෙන නිසාය. සිය මවු පාර්ශ්වයේ අයකුට එළඹෙන උවදුරක් නිසා වෙහෙසකාරි වීමට ඉඩ ඇත.

----------------------

වෘශ්චික ලග්නය

තාරුණ්‍යයට හොඳ කලක්

 

 

දේපළ ඉඩකඩම් හිමිවේ. පැවති නීති ගැටලුවකින් නිදහස් වේ. දරු සම්පතකට වාසනාව උදා වේ.

නිවෙසේ ගැලවුම්කරුවා වීමට වාසනාව උදාවේ. ආලය, ආදරය වැනි කටයුතු නිසා සිතට නිතර නිතර සහනය ලැබේ. හැරගිය පෙම්වතා හෝ පෙම්වතිය නැවත තමා කරා එනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා ද තරුණ තරුණියන්ගේ සබඳතාවලට හොඳ කලක් යාමටද බලපායි. නිවෙසේ කටයුතු ඉතා සාමකාමිව කරගෙන යාමට හැකිවීමද ගෘහ ජීවිතයේ ඕ‍ෙන එපාකම් රැසක් සපුරා ගැනීමට ද හැකිවේ. තමා මුහුණ දී සිටි විශාල ආර්ථික ගැටලුවකට විසඳුම් ලැබේ. අධ්‍යාපනික මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිවන අතර වෘත්තීය මට්ටමෙන් මුහුණ දී සිටි සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල සතුටුදායක වේ. දරුවන් බලාපොරොත්තු වූ අයට වාසනාවන්ත පුත්‍ර ඵලයකට හේතු වේ. උසස් ව්‍යාපාරවල මෙන්ම සිතට සතුට දැනෙන කටයුතුවලට නිතර නිතර සහභාගි වීමට අවස්ථාව උදාවේ. මවුපිය සබඳතා තර වේ. නව ව්‍යාපාරයකට අවශ්‍ය ආම්පන්න එක්රැස් කර ගැනීමට හැකි වේ. ශරීර සෞඛ්‍ය අතින් පපුවේ සෙම හතියට බලපායි. ශ්්වසන ආපදා බහුල වේ. තුනටියේ, උගුරේ ආපදා තත්ත්වයක් මතු කෙරේ. උඩ නැඟීම්, බිම පැනීම් හා ගින්දර ආශ්‍රිත කටයුතු කෙරෙහි ප්‍රවේශම් විය යුතුය.

 

-------------------

සිංහ ලග්නය

ව්‍යාපාර ලාභ

 

 

ව්‍යාපාරවලින් ලාභ ලැබේ. තම අභිවෘද්ධිය සඳහා සෙසු අයගේ සහාය හිමිවනු ඇත. විසිතුරු වෙ‍ෙළඳාම්වලින් ප්‍රගතියක් උදාවේ. නව සිතිවිලිවලට අනුව වෘත්තීය මට්ටමේ වෙනස් කිරීමේ ප්‍රතිපල දායක වනු ඇත. තමා මුහුණ පා සිටි ආර්ථික ගැටලුවකට පිළිතුරු ලැබේ. ඉල්ලුම් කර තිබූ බැංකු ණය මුදලක් හිමිවීම නිසා අලුත් සැලසුමකට අනුව කටයුතු වෙනස්කර ගත හැක.

නව මිත්‍ර සංගම් ඇතිවේ. පවුලට නව සාමාජිකයකු එකතු වේ. කොහොම බාධා පැමිණුන ද අධිෂ්ඨානයෙන් පෙරට යාමේ ගතිය පළවනු ඇත. ගෘහ ජීවිතය කාර්ය්‍ය බහුල වේ. අධ්‍යාපනික මට්ටමේ විවිධ ජයග්‍රහණද බාහිර ඉගෙනුම් ප්‍රතිඵල ද උසස් වනු ඇත. තමාට කලකට පසු මුණගැසෙන අයකුගේ උපකාරයෙන් නව ආර්ථික ක්‍රමයක් අනුගමනය කිරීමට සිදුවීම නිසා සිතට සතුට අභිවෘද්ධිය උදා වේ. පවුල් ජීවිතයට යම් යම් පුද්ගලයින්ගේ අත පෙවීම නිසා සිත් තැවුල් කම්කටොලු මතුවීමෙන් ඉදිරි ගමනට යම් බාධක තත්ත්වයක් උදාවේ. ශරීර සෞඛ්‍යය අතින් මුත්‍ර දෝෂ, වකුගඩු හා මුත්‍ර ගල් අවදානම මතු කිරීමෙන් ශල්‍යකර්මවලට පවා මුහුණ දීමට සිදුවේ. සිය ආගමික කටයුතුවල නිරතවීමෙන් සිත ශක්තිමත් කරගන්න.

-----------------

කන්‍යා ලග්නය

 අධිෂ්ඨානය ජයගනී

 

 

 

 

ආර්ථික ප්‍රතිලාභ සහිතයි. අධිෂ්ඨානය ජය ගනී. වෘත්තීය ජයග්‍රහණ මෙන්ම ව්‍යාපාර ලාභ ද ඒ අතර වෙයි. අවිවාහක අයට මංගල යෝගද විවාහ වී ගැටලුවලට මුහුණ දී සිටි අයට යහපත ද මානසික සුවය ද උදාවේ.

පවුලට නව සාමාජිකයකු එකතුවන අතර තම දූ, දරුවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණයන් උසස් ලෙස භුක්ති විඳීමට හැකිවේ. නි‍ෙවසේ උත්සවශ්‍රියක් මතු කෙරෙන අතර, ආගමික උත්සවයක් හෝ ප්‍රියසම්භාෂණ කටයුත්තක් සිදුවනු ඇත. සිතට දැනෙන සැනසීම නිසා කලා නිර්මාණ බිහි කිරීමට වාසනාව උදා වේ. ගායනය, වාදනය, නර්තනය යන අංශවල නිරත අයට සුබවාදී ප්‍රතිඵල උදාවේ. රටේ යම් ජනප්‍රියතාවකට පත්වේ.

සතුරු පීඩාවලින් නිදහස් වීමට ද කලක් තිස්සේ තමාට අහිමි වී තිබූ දේපළක් පිළිබඳ නීති ගැටලු ලිහිල් වීමක් ද සිදු වේ. තම එදිනෙදා කටයුතු බහුල වීම නිසා යම් සිත් තැවුල් කම්කටොලු උදා වුවද ආගමික කටයුතුවලට වඩ වඩාත් යොමුවීම තුළින් සහනය අභිවෘද්ධිය උදාකර ගත හැකියි. යම් යම් අවස්ථාවල සිතට දැනෙන ආවේගාත්මක සිතුවිලි නිසා රාජකාරියට ව්‍යාපාරයට බාධා සැලසීමට පුළුවන. දණහිස ආශ්‍රිත හා තුනටිය ආශ්‍රිත උවදුරු නිසා ශරීර සෞඛ්‍යයට යම් තරමක ගැටලු උදා කෙරෙනු ඇත.

--------------

තුලා ලග්නය

පදනම් සහගත අනාගතයක්

 

ආර්ථික ප්‍රතිලාභ සහිතයි. හදිසි ධන ලාභයක් පෙන්වයි. කලකට පසු සිතට සහනයක් දැනෙනු ඇත. වාහන පල, නව නිවාස පල මෙන්ම රැකියා අභිවෘද්ධිය සහිත වෙයි. ආගමික කටයුතුවලට වැඩි කැපවීමක් පෙන්වයි. පිටරට යෝග සහිතයි. දුර බැහැර සිට පැමිණි ඥාතියකු නිසාද ආර්ථික ප්‍රතිලාභයක් උරුමයි. විවාහගතව පැවති ගැටලුවලට නීතියෙන් සුබවාදී පිළිතුරු ලැබේ. අධ්‍යාපනික මට්ටමේ ජයග්‍රහණයක් නිසා සිතට සතුට දැනේ. එය තමා කරගෙන යන රැකියාවට රුකුලක් ද වනු ඇත. ගෘහ ජීවිතයේ කාර්යය බහුලතා නිසා පෞද්ගලික කටයුතු කීපයක් මඟ හැරෙනු ඇත. එයට අඹුසැමියන් අතර යම් යම් මතභේද හට ගැනීමට හේතු වේ. නව ව්‍යාපාරයකට අත ගසයි. තමා කෙනෙකුට දී තිබූ නැවත ලබා ගැනීමට නොහැකිව තිබූ ණය මුදලක් නැවත තමාට ලැබීම නිසා නව ව්‍යාපෘතියකට අත ගසයි. ඉදිරි අනාගතය වෙනුවෙන් නව සැලසුමක් ක්‍රියාත්මක කරයි. තමා කිසිවකුට අත නොපා ජීවත්වීමට හැකි පදනමකට ජීවිතය ගොඩ නඟා ගනී. කුස ආශ්‍රිත අජීර්ණ, නිතර නිතර අත, කර, උරහිස, දණහිසට ද උදාවිය හැකි අතුරු ආන්තරා තම ශරීර සෞඛ්‍යයට තර්ජනයක් විය හැකියි.

 

උපදෙස්

සුබසෙත හිටපු

ජ්‍යෙෂ්ඨ කර්තෘ අජිත් ධර්මසිරි