පෙබරවාරි 10 සිට පෙබරවාරි 16 දක්වා

පෙබරවාරි 10, 2025

 

කටක ලග්න හිමියන් ඉවසීමෙන් කටයුතු කළ යුතු වෙයි.

වෘශ්චික ලග්න හිමියන්ට සතුරු කරදර ඇතිවන කාලයකි.

මේෂ

වෙළෙඳ ව්‍යාපාර කරන අයට ඉතා ශුභ වේ. නව කටයුතු ආරම්භ කරයි. රැකියා කරන අයට ශුභ වෙයි. ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාදය ගෘහ ජීවිතය කාර්යයබහුල වෙයි. දරුවන්ගේ කටයුතු සාර්ථක වෙයි. ලේවල විෂ රෝග ඇති විය හැකියි.

 

වෘෂභ

භූමිය සම්බන්ධ රැකියා ව්‍යාපාර කරන අයට ඉතා ශූභයි. අධ්‍යාපනය කරන දරුවන්ට මතක ශක්තිය වර්ධනය කරගෙන සාර්ථක කටයුතු කරන්න හොඳ කාලයක්. හදිසි වාසනා තත්ත්ව ධන ලාභ ඇති වේ. නමුත් වා, පිත්, සෙම් අමාරු වැඩිවන සතියකි.

 

මිථුන

ඉතා කල්පනාවෙන් වැඩ කළ යුතුයි. ඉක්මන්කාරී තීන්දු තීරණ ගැනීමෙන් වළකින්න. ගෘහ ජීවිතය කාර්යයබහුල වෙයි. රැකියාවේ සිටින අයගෙන් උදව් උපකාර ඇති වෙයි. අාගමට දහමට ලැදි වෙයි. පාද අාබාධ තුනටිය අබාධ ගෙන එන සතියකි.

 

කටක

ඉවසීමෙන් කටයුතු කළ යුතු වෙයි. රැකියාවේදී, ගෘහය තුළ දී හිතවතුන් සමඟද ඉවසිය යුතු වෙයි. කලකෝලහල, රණ්ඩු, දබර ඇතිවන කාලයකි. අාදායම් මාර්ග අවහිරතා ඇතිවිය හැකියි. එම නිසා වියදම් අඩුකළ යුතුයි. හිසරදය අධික මානසික ව්‍යාකූලතාවලට ලක් වන සතියකි.

 

සිංහ

ඔබේ සහකරු, සහකාරිය සමඟ අරවුල් ඇති වන කාලයක් වේ. හවුල් ව්‍යාපාරවලට ද අගුණයි. ඉඩකඩම් දේපොළ ප්‍රශ්න විසඳෙන කාලයකි. සිතාගෙන සිටි දෙයක් මිලදී ගැනීමට හැකියාව ඇති වෙයි. තුනටිය පහළ කොටසේ පාද ආශ්‍රිත රෝග දැක්විය හැකියි.

 

කන්‍යා

ආදර සම්බන්ධතා ඇතිවන තියෙන සම්බන්ධතා හොඳ තත්ත්වයට විවාහයට වුවද තින්දු තීරණ ගනී. අතමිට සරුවන කාලයකි. ධනය නොසිතූ අයුරින් තමාට ලැබෙනු ඇත. දේශීය, විදේශීය, රැකියාවේ ජයග්‍රහණ අැතිවේ. උදරාබාධ, යටි බඩේ රෝග මූත්‍රා ආසාදන වැනි රෝග වැලඳීමට ඇත.

 

තුලා

අලංකාරයට ඇඳීමට, පැලඳීමට, විනෝද ගමන් බිමින් රස ආහාරපාන ලැබෙන සතියකි. නොසිතූ ලෙස ආර්ථික වාසි සැලසේ. ලොතරැයි ජයග්‍රහණ වැනි හදිසි ධන ලාභ උදාවෙයි. පවුලේ කටයුත්තකට වෙහෙසී වැඩ කරන්න සිදුවෙයි. සෙම් රෝග, හෘද රෝග වැලඳිය හැකිය.

 

වෘශ්චික

සතුරු කරදර ඇතිවන කාලයකි. තැන්පත් ධනය නිකරුණේ නාස්ති වෙයි. ණයට දීම හෝ ණයට ගැනීම නොකළ යුතුය. පවුලේ ප්‍රශ්න හටගන්නා කාලයකි. හෘදයාබාධා වැලඳී ඇති අය ප්‍රවේසම් විය යුතුයි. බඩේ දැවිල්ල වැනි උෂ්ණාධික රෝග ඇතිවන්නට බොහෝ සේ ඉඩකඩ ඇත.

 

ධනු

ගෙදර දොර කටයුතු සාර්ථකව සිදු කරගැනීමට හැකිවන කාලයකි. කල්පනාකාරීව බාහිර සමාජයේ පුද්ගලයන් සමඟ කතාබස් කිරීම සිදු කළ යුතුයි. රැකියාවක් කරන්නේ නම් එහි ගැටලු ඇතිවීමට ඉඩකඩ ඇත. වෙළෙඳ ව්‍යාපාර සිදු කරන්නේ නම් සිත් රිදවීම, කලකිරීම ඇතිවීමට ඉඩ ප්‍රස්තාව ඇත. ස්නායු, ලේ, නහර ගත රෝග ඇතිවීමට හැකිය.

 

මකර

ව්‍යාපාර හා රැකියාවන්වල ලාභ ප්‍රයෝජන ලැබීමට භාග්‍යය ඇත. ස්ථාවර ධනය ඉතා කල්පනාකාරීව ප්‍රයෝජනයට ගත යුතු වේ. දරුවන්ගේ කටයුුුතුවලට යොමු වී කටයුතු කළ ද එහි අවාසනයෙහි සිත් රිදවීම් හටගැනීමට ඉඩ ඇත. එමඟින් චිත්තපීඩාවෙන් දිවි ගෙවීමට සිදුවෙයි. උෂ්ණාධික රෝග හා හිසදරය ඇතිවීමට පුළුවන.

 

කුම්භ

ආගමානුකූලව ජීවිකාව ගෙනයාමට පෙළඹේ. රැකියාවේ ස්ථාන මාරුවක් ලැබීමට ඉඩ ඇත. අන් අයගේ වැඩ තමා විසින් සිදුකරලීමට ඉඩ අවකාශය ඇත. ගෘහ ජීවිතයේ මානසික පීඩාවෙන් ගත කිරිමට ඉඩ ඇති බැවින් හොඳ මානසික මට්ටමෙන් කටයුතු කිරීමට සිහියේ තබා ගත යුතුයි.

 

මීන

පුණ්‍ය කටයුතුවල නිරත වන අතර ආගමට වෙනදාට වඩා ඇල්මක් ඇති කරයි. නොසිතන පරිදි සතුරු කරදරවලට මුහුණදීමට සිදුවේ. හදිසි ධනලාභ ඇති අතර ලොතරැයි පතක් ජයගැනීමට භාග්‍ය ඇත. ගෘහයෙන් පිට ගමනාන්තවල නිරත වීමට සිදුවේ. ඇඟපත වේදනාවන් ඇති කරයි.

 

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි සංගීතා වික්‍රමසිංහ

 

[email protected]