සුවඳ වගේම රසයි මේ කොෆි කේක්

ජුනි 26, 2023

 සීතලට වැහි වැටෙන වෙලාවක ගත දැවටෙන සීතල මකාලන්න උණුම උණු කෝපි කෝප්පයකට තියෙන්නේ පුදුමාකාර හැකියාවකි. ඉතින් ඒ උණු කෝපි කෝප්පයට සුවඳ හමන රසම රස කොෆී කේක් කෑල්ලකුත් එකතු වුණොත් දැනෙන රස කොයිතරම් ද ? මේ දවස්වල හවස් වරුවට ඇද වැටෙන වැස්සට මේ විදිහට කොෆි කේක් එකක් හදලා කෝපි කෝප්පයකුත් එක්ක රස විඳලම බලන්නකෝ .

* පිටි ග්‍රෑම් 250ක්

* බටර් ග්‍රෑම් 250ක්

* සීනි ග්‍රෑම් 250ක්

* සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර 05ක්

* බේකිං පවුඩර් තේ හැඳි දෙකක්

* වැනිලා තේ හැඳි දෙකක්

* නැවුම් කිරි මේස හැඳි දෙකක්

 * බටර් ග්‍රෑම් 225ක් (කාමර උෂ්ණත්වයේ ඇති)

* අයිසිං සීනි ග්‍රෑම් 425ක්

* ක්ෂණික කෝපි තේ හැඳි 01ක්

* කිරි තේ හැඳි 1 1/2ක්

* වැනිලා තේ හැඳි දෙකක්

 

බටර් ටික බඳුනකට දමා හොඳින් බීට් කරගන්න. පසුව එයට දෙපාරකට හෝ තුන් පාරකට කොටස් වශයෙන් අයිසිං සීනි එකතු කරමින් බීට් කරන්න. කේක් එකට දැමීමට සාදාගත් ආකාරයටම කිරිවලට කෝපි දමා සාදාගත් මිශ්‍රණය එයට එකතු කරමින් බීටි කරන්න. අවසානයට වැනිලා එකතුකර බීටි කරගන්න.

* ක්ෂණික කෝපි තේ හැඳි දෙකක්

* මුලින්ම කේක් බේකිං තැටි දෙකක් (අඟල් 6 ප්‍රමාණයේ රවුම් තැටි) ගෙන සූදානම් කරගන්න. එහිදී පළමුව තැටිවල හොඳින් බටර් තවරා පසුව ඊට උඩින් පිටි ඉස සකසා ගත හැකියි. එහෙමත් නැතිනම් බේකිං පේපර් දමා සකසා ගන්න.

* දැන් පිටි සහ බේකිං පවුඩර් එකට දමා පස්වතාවක් පමණ හලා ගන්න.

* බටර් සහ සීනී බඳුනකට දමා හොඳින් බීට් කරන්න. (මෘදු ක්‍රීම් පැහැයක් වනතුරු)

* ඉන්පසුව මේ බටර්, සීනි මිශ්‍රණයට එකින් එක බිත්තර එකතු කරමින් බීට් කරන්න.

* බිත්තර සියල්ල එක්කර බීට් කරගත් පසුව වැනිලා ටික ද එකතු කරන්න.

* දැන් බේකිං පවුඩර් සමඟ හලාගත් පිටි ටිකෙන් ටික එකතු කරමින් බීට් කරන්න.

* ඒ අතරතුරේ නැවුම් කිරිවලට කෝපි හැඳි දෙක දමා මිශ්‍ර කර ගන්න. එයද කේක් මිශ්‍රණයට එකතු කරමින් හොඳින් කලවම් කරන්න.

* දැන් සකසා පසෙකින් තබාගත් කේක් තැටියට මේ මිශ්‍රණය දමා හොඳින් තුනී කරන්න.

* අනතුරුව විනාඩි දහයක් රත් කර ගත් අවන් එකක සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් විනාඩි 40ත් 45ත් අතර කාලයක් පුලුස්සා ගන්න.

දැන් අපි කොෆි අයිසිං නැතහොත් කොෆි බටර් ක්‍රීම් එක සාදා ගනිමු.

 * බටර් ග්‍රෑම් 225ක් (කාමර උෂ්ණත්වයේ ඇති)

* අයිසිං සීනි ග්‍රෑම් 425ක්

* ක්ෂණික කෝපි තේ හැඳි 01ක්

* කිරි තේ හැඳි 1 1/2ක්

* වැනිලා තේ හැඳි දෙකක්

 

බටර් ටික බඳුනකට දමා හොඳින් බීට් කරගන්න. පසුව එයට දෙපාරකට හෝ තුන් පාරකට කොටස් වශයෙන් අයිසිං සීනි එකතු කරමින් බීට් කරන්න. කේක් එකට දැමීමට සාදාගත් ආකාරයටම කිරිවලට කෝපි දමා සාදාගත් මිශ්‍රණය එයට එකතු කරමින් බීටි කරන්න. අවසානයට වැනිලා එකතුකර බීටි කරගන්න.

 

* නැවුම් කිරි නැතිනම් ඔබ භාවිත කරන කිරිපිටි නිවුණු උණු වතුරට කලවම්කර කිරි සකසා ගන්න.

 

* කැමති නම් බිත්තර කහ මද හා සුදු මද වෙන වෙනම බීටිකර එකතු කරන්නත් පුළුවන්.

 

* කේක් එක සකසන අතර තුර අවන් එක සෙල්සියස් අංශක 180ට කලින් රත්වන්නට තබන්න.

 

මේ කේක් එක ඔබට කැමැති ආකාරයට අයිසිං කරගත හැකියි. එහිදී ලේයර්ස් හතරකට කේක් දෙක කපා අයිසිංවලින් සැන්ඩ්විච් කරන්න.

 

* ඉන්පසුව ඒ හැම අයිසිං ලේයර් එකක් උඩින්ම රටකජු ටිකක් ඉතාමත් කුඩාවට කුඩු කරලා ඉසින්න. එවිට රසය තවත් වැඩි වේවි.

 

* අනතුරුව කේක් එක වටේටත් අයිසිංවලින් ආවරණයකර චොක්ලට් ගනාෂ් එකෙනුත් වටේට ටිකක් ගා ගන්න. පුදුමාකාර රසයක් දැනේවි.

 

 

 

උපදෙස් -

අප්ලන්ඩ් කේක්

ඇන්ඩ් ඇකඩමිහි කේක් නිර්මාණ ශිල්පිනී

චතූ රත්නායක