රාත්‍රී ආහාර වේලට සරල කෑම මෙන්න

ජූලි 17, 2023

 

සැමියා, බිරිය, දූදරුවන් මේ හැමෝම බොහෝවිට එකට එකතුවෙන්නේ රාත්‍රී කෑම මේසයේ දී. මේ නිසාම බොහොමයක් නිවෙස්වල රාත්‍රී කෑම වේල සුවිශේෂීයි. නමුත් සුව පහසු නින්දක් කරා ළඟා වීමට නම් බර ආහාර වේලක් රාත්‍රියට කොහෙත්ම සුදුසු නැහැ.

කාබෝහයිඩ්‍රේට් අවම මේ ආහාර වට්ටෝරු කිහිපය සෞඛ්‍යමත් රාත්‍රී ආහාර වේලක මිහිර වගේම සැහැල්ලුව ඔබට ගෙනෙනු ඇති.

 

මෂ්රූම් පැස්ටා

 

ඔලිව් තෙල් තේ හැඳි 3ක්

කපා ගත් බිම්මල් ග්‍රෑම් 50ක්

පැස්ටා

ගෝවා මල් ග්‍රෑම් 50ක් ලුණු ස්වල්පයක්

ගම්මිරිස්

බටර් ග්‍රෑම් 25ක්

කිරි මිලි ලීටර් 250ක්

සිහින්ව ලියා ගත් ලූනු ගෙඩියක්

ඔරිගානෝ තේ හැන්දක්

පිටි ස්වල්පයක්

වයිට් සෝස්

 

මුලින්ම පැස්ටා තම්බා ගන්න ඉන්පසු බටර්, ලුණු, මල් ගෝවා, ලූනු, කරාබුනැටි, බිම්මල් සහ කිරි මිශ්‍රකර ගන්න.

එයට පිටි ද එකතු කරන්න.

පේස්ට් එකක් සේ සකසන්න

ඔරිගානෝ සහ ගම්මිරිස් එක් කරන්න.ළිප තබා විනාඩි දෙකක් පිස ගන්න. පැස්ටා එකතුකර කලවම් කරන්න.

 

චිකන් සලාද

 

සලාද කොළ කෝප්ප 1ක්

ලොකු ලූනූ ගෙඩි 2ක්

මිදි කෝප්ප 1/2 ක්

සැල්දිරි කෝප්ප 1ක්

චිකන් බ්‍රෙස්ට් 1ක්

ලුණු සහ ගම්මිරිස් රස පදමට

ඔලිව් තෙල් මේස හැඳි 3ක්

විනාකිරි මේස හැඳි 1ක්

මී පැණි මේස හැඳි 2ක්

සුදුලූනූ පේස්ට් මේස හැඳි 1ක්

අබ පේස්ට් මේස හැඳි 1ක්

යෝගට් මේස හැඳි 2ක්

 

පළමුව චිකන් බ්‍රෙස්ට් එක අඩු ගින්දරේ තම්බා ගන්න.

භාජනයකට ඔලිව් තෙල්, විනාකිරි, සුදුලූනූ සහ අබ පේස්ට් දමා එකට කලවම් කරන්න.

යෝගට් ද දමා නැවත කලවම් කරන්න.

තම්බා ගත් චිකන් ළිපෙන් බා කටු ඉවත්කර කැබලි කපා ගන්න.

ඔලිව් තෙල්වලින් බැද ගන්න.

සලාද කොළ, සැල්දිරි, ලූනූ සහ මිදි භාජනයකට අසුරා ගන්න.

ඒ මතට චිකන් දමා ඊට උඩින් යෝගට් මිශ්‍රණය දමාගන්න.

 

චිකන් ඇන්ඩ් එග් සුප්

තම්බා ගත් අල

තම්බාගත් චිකන් ග්‍රෑම් 100ක්

තම්බා ගත් බිත්තර 2ක්

නූඩ්ල්ස්

ඉඟුරු

සුදු ලූනූ

ලුණු

කහ

ගම්මිරිස්

ලූනු

අමුමිරිස්

ෆ්‍රෙෂ් මිල්ක් කෝප්පයක්

 

පළමු චිකන් සහ අල, ලුණු සහ කහ දමා තම්බා ගන්න. භාජනයක් ළිප තබා එයට තෙල් ටිකක් දමා ඉඟුරැ, සුදු ලූනූ, ලූනූ, අමුමිරිස් තෙම්පරාදු කරන්න. චිකන් කුඩාවට කඩා එයට එකතු කරන්න. අල පොඩිකර එකතු කරන්න. චිකන් ස්ටොක් එක එකතු කරන්න. නූඩ්ල්ස් එකතු කරන්න. බිත්තර කුඩා කැබලිවලට කපා එකතු කරන්න. අවසානයට කිරි එකතුකර රස අනුව ලුණු දමා ළිපෙන් බාගන්න.

 

 

උපදෙස්

සූපවේදී සර්වදර්ශනී අප්සරා