පුංචි පුතුගෙ කේක් එකට මාළු යාළුවෝ ඇවිත්

ජූලි 24, 2023

රන්වන් වරල් සලමින් එහා මෙහා පිහිනා යන සුරතල් මාළු යාළුවන්ට පුංචි පුතු කොයිතරම් මනාපද? ඔවුන්ගේ දඟකාරකම් බලමින්, පුංචි අත්පොඩි සලමින් පැය ගාණක් වුවත් ඔහු කාලය ගත කරාවි. ඉතින් ඒ අපූරු මාළු යාළුවෝ එකතු කරන් නිර්මාණය කළ මේ අලංකාර කේක් එක පුතුගේ උපන් දිනයට ලැබෙන වටිනාම තිළිණයක් වේවි.

* ග්‍රෑම් 500 රවුම් හැඩයේ තැටියක

සාදාගත් රිබන් කේක් කිලෝ එකක්

* කිලෝ ග්‍රෑම් එක රවුම් හැඩයේ තැටියක සාදා ගත් කේක් කිලෝ දෙකක් (කිලෝ එකේ කේක් දෙකක්)

* බටර් අයිසිං

* ෆොන්ඩන්ට් අයිසිං

* ෂුගර් බෝල් ප්‍රමාණ කිහිපයකින්

* රිජිෆෝම් පොඩි බෝල් 5ක්

* සිහින්ව කුඩු කරගත් ගෝල්ඩ්

මාරි බිස්කට් කිහිපයක්

* ටූත් පික් කිහිපයක්

* අවශ්‍ය වර්ණ

* කප් කේක් කිහිපයක්

 

* පළමුව කිලෝ ග්‍රෑම් එක තැටියේ සාදාගත් කේක් දෙක ගෙන බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න. අනතුරුව කේක් එක වටේටත් අයිසිං ක‍රගන්න.

* ඉන්පසුව ෆොන්ඩන්ට් අයිසිං එක තුනීකර කේක් එක මතට එළා එය හොඳින් ආවරණය කරගන්න.

* දැන් නිල් පාට ෆොන්ඩන්ට් ගෙන තද සහ ළා වර්ණයෙන් සාදාගන්න. ඒවා දිගටි ආකාරයට තුනීකර රැලි ආකාරයට කපා අනතුරුව ඒ මත එකින් එක ඩිසයින් එකට පහළට අලවා ගන්න.(ඉහළ සිට පහළට)

* දැන් වෙනම කේක් බෝර්ඩ් එකක් ගෙන අනික් කේක් දෙක බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න. කේක් එක වටේටත් අයිසිං ක‍රගන්න.

* ඉන්පසුව මේ කේක් එකටත් තුනී කරගත් ෆොන්ඩන්ට් එළා ආවරණය කරගන්න.

* ඉන්පසුව එය කලින් ආවරණය කරගත් කේක් එක උඩින් තබා මැදින් කෙබාබ් හෝ බාබකියු ස්ටික් ගසාගන්න. එවිට කේක් දෙක එක උඩ එක සිටින සේ පහසුවෙන් රඳවා තබා ගත හැකියි.

* මේ කේක් නිර්මාණයේ දක්නට ලැබෙන සියලුම මාළුවන් මෝල්ඩ් එකක් භාවිත නොකර ෆොන්ඩන්ට් ආධාරයෙන් සකසා ගත් මාළුන්ය. මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් කේක් එකට රැඳවීමට පහසු වන පරිද්දෙන් මාළුන්ගේ බඩට රිජිෆෝම් බෝලයක් භාවිතකර තිබීමයි. මෙහිදී රිජිෆෝම් බෝලය බඩට සිටින සේ රඳවා මාළුවා හැඩයට හදාගෙන ටූත් පික් එකක් මගින් අවශ්‍ය ආකාරයට කේක් එක මත රඳවාගෙන ඇත.

* අනෙකුත් සියලුම මුහුදු පැළෑටි, මුහුදු මල්, බෙල්ලන්, සිප්පි කටු ආදී සියල්ලම අවශ්‍ය වර්ණවලින් මොල්ඩ් භාවිතයෙන් සාදාගත් ඒවාය.

* කේක් එක උඩම කොටසේ ගෝල්ඩ් මාරි බිස්කට් සිහින්ව කුඩුකර අතුරා අනතුරුව මාළුන්ව රඳවා ගන්න. එවිට මුහුදු වැලි අතරේ මාළුන් සිටින ආකාරයක් දකින්නට ලැබේවි. ඊට අමතරව එමඟින් කේක් එකට අපූරු සුවඳක් ද එක්කරාවි.

* ඉන්පසුව ෂුගර් බෝල් ගෙන ඔබ කැමති රටාවකට විවිධ ප්‍රමාණවලින් අලවා ගන්න.

 

කප් කේක්

 

* සකසා ගත් කප් කේක් ටික ඩිසයින් කිරීමට පෙර පයිපිං බෑග් එකකට අයිසිං දමා ඒවා බටර් අයිසිංවලින් ආවරණය කරගන්න.

* අනතුරුව රවුම් කටර් එකක් මඟින් රවුම් කපා ඊට උඩින් කවර් කරන්න.

* දැන් මෝල්ඩ් භාවිත කරමින් විවිධ ටොපර්ස් කිහිපයක් සාදා මේ කප් කේක් උඩින් අලවා ගන්න.

* මෙම නිර්මාණ කේක් එක මත ඇලවීම සඳහා එඩිබල් ගම් භාවිතකර ඇත. එය සාදා ගැනීමට වතුර මේස හැඳි දෙකකට තයිලෝ පවුඩර් තේ හැන්දක් දමා හොඳින් මිශ්‍ර කරන්න.

 

 

උපදෙස් -

අප්ලන්ඩ් කේක්

ඇන්ඩ් ඇකඩමිහි

කේක් නිර්මාණ ශිල්පිනී

චතූ රත්නායක