කෝන්වලින් රසවත් ආහාර

අගෝස්තු 7, 2023

 

කෝන් කිව්ව ගමන් හැමෝටම මතක් වෙන පොප්කෝන්. පොප් කෝන් විතරක් නෙවෙයි කෝන් වලින් හදාගන්න පුලුවන් තව රසම රස කෑම වර්ග බොහොමයක් තියෙනවා. ඉතිං කම්මැලි වෙලාවට ඉක්මනින් හදාගන්න පුලුවන් මේ රෙසිපි ඔයාලට ටී ටයිම් එකට, බයිට් එකකට නියමෙට ගැලපෙනවා. එහෙනම් මේ විදිහට හදලා බලමු.

ස්වීට් කෝන් සුප්

 

ස්වීට්කෝන් කෝප්ප 3/4ක්

ඔලිව්තෙල් ස්වල්පයක්

චොප්කරගත් සුදුලූනූ තේහැඳි 1ක්

චොප්කරගත් ඉඟුරු තේහැඳි 1ක්

චොප්කරගත් ලූනූ කොළ මේසහැඳි 2ක්

චොප්කරගත් කැරට් කෝප්ප 1/4ක්

චොප්කරගත් බෝංචි කෝප්ප 1/4ක්

වතුර කෝප්ප 3ක්

කෝන්ෆ්ලා තේහැඳි 1ක්

ලුණු හා ගම්මිරිස්කුඩු ස්වල්පයක්

 

පෑන් එකට තෙල් ටිකක් දාලා ඉඟුරු, සුදුලූනූ ටික දාගන්න.

මේකට චොප්කරගත් ලූනූ කොළ ටිකත් දාලා තෙම්පරාදු කරලා කෝන් කෝප්ප 1/4 දාගන්න.

මේකට කපාගත් එළවළු සියල්ලම දාලා හොඳට තෙම්පරාදු කරගන්න.

ඉතිරි කෝන් ටික ග්‍රයින්ඩර් එකට දාලා වතුර මේසහැඳි 2ක් දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න. දැන් මේක තෙම්පරාදු කරන එළවළු වලට දාලා කලවම් කරගන්න.

ළිපේ තියලා දිගටම හැඳිගාන්න.

ඊළඟට වතුර කෝප්ප 3 දාලා රස අනුව ලුණු එකතු කරගන්න.

වහලා විනාඩි 15ක් වගේ පිසගන්න.

කෝන්ෆ්ලා ටික වතුර කෝප්ප 1/4ක දිය කරලා මේකට එකතු කරන්න.

නටනකොට ගම්මිරිස්කුඩු හා චොප්කරගත් ලූනූ කොළ ටිකක් ඉසගන්න. ළිපෙන් බාගන්න.

 

--------------------------------

 

ඇමරිකන් කෝන්

උණුවතුර කෝප්ප 1ක්

ස්වීට් කෝන් ග්‍රෑම් 200ක්

කපාගත් පිපිඤ්ඤා ගෙඩි 1/4ක්

චොප්කරගත් තක්කාලි ගෙඩි 1ක්

චොප්කරගත් ලූනූ ගෙඩි 1ක්

චොප්කරගත් අමුමිරිස් කරල් 2ක්

චොප්කරගත් කොත්තමල්ලි කොළ මේසහැඳි 2ක්

චොප්කරගත් බෙල්පෙපර් කෝප්ප 1/4ක්

ලුණු හා ගම්මිරිස්කුඩු

ලෙමන් යුෂ ස්වල්පයක්

ඔලිව්තෙල් මේසහැඳි 2ක්

 

 

වතුර ටික භාජනයකට දාලා කෝන් ටික දාලා හොඳට තම්බගන්න.

දැන් වතුර පෙරලා බෝල් එකකට දාගන්න.

අනික් සියල්ලම දාලා හොඳට කලවම් කරගන්න.

---------------------------------------

කෝන් චීස් ෆ්‍රිටර්ස්

තම්බාගත් කෝන් ඇට කෝප්ප 1ක්

චොප්කරගත් ලූනූ ගෙඩි 1ක්

චොප්කරගත් සුදුලූනූ බික් 3ක්

චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

දෙහි යුෂ ස්වල්පයක්

පාන්පිටි කෝප්ප 1/4ක්

ලුණු හා ගම්මිරිස්කුඩු ස්වල්පයක්

කෑලිමිරිස් තේහැඳි 1ක්

ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1/4ක්

කිරි කෝප්ප 1/4ක්

බටර් ස්වල්පයක්

 

 

බෝල් එකකට කිරි හා බටර් හැර අනික් සියල්ලම දාලා කලවම් කරගන්න.

මේකට කිරි ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න.

පෑන් එකට බටර් ටිකක් දාලා මෙල්ට් වෙනකොට මිශ්‍රණයෙන් ටික ටික දාලා තුනී කරලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න.