කුකුළු මස් වගේද ගස්ලබු

අගෝස්තු 28, 2023

* ගස්ලබු තරමක ගෙඩියක්

* ගා ගත් පොල් මිටක්

* පොල් කිරි අඬු කෝප්ප 2ක්

* කැකුළු හාල් මිටක්

* තළාගත් සුදු ලූනූ

* තුනපහ මේස හැඳි 1ක්

* මිරිස් කුඩු මේස හැඳි 1ක්

* ගම්මිරිස් කුඩු මේස හැඳි 1ක්

*ගොරකා මඳ 2ක්

*රට ලූනූ ගෙඩියක්

* අමු මිරිස් කරල් 2ක්

* රම්පේ

* කරපිංචා

* කුරුඳු පොතු කැබැල්ලක්

* තෙල් ස්වල්පයක්

* ගා ගත් පොල්, හාල් ,තුනපහ , මිරිස් කුඩු දුඹුරු පැහැවන තුරු කබලේ බැදගෙන කුඩුකර ගන්න.

* ගස්ලබු ගෙඩිය සුද්දකර සාමාන්‍ය ප්‍රමාණයේ කොටු කපාගන්න.

* තෙල් ස්වල්පයක් ළිප මත තබා රත් වූ පසු එයට සුදු ලූනූ ,කුරුඳු පොතු, රටලූනූ , රම්පේ ,කරපිංචා එකතුකර බැඳ ගන්න.

* එයට ගස්ලබු හා පොල් කිරි එකතුකර හොඳින් හැඳි ගා තැම්බෙන්නට හරින්න.

* වෙනත් භාජනයකට පොල් කිරි ටිකක් ගෙන එයට කුඩු කරගත් පොල්, හාල්, මිරිස්, තුනපහ , ගොරකා එක්කර තැම්බුණු ගස්ලබු මිශ්‍රණය ද එක්කර අවශ්‍ය පමණට ලුණු එක්කර මද ළිප නිවාගන්න.

*දැන් දීසියකට දමා කෑමට ගන්න.

 

කොස් හිමිඩි තෙම්පරාදුව 

 

* ඇට ඉවත් කරගත් කොස් රිබිඩි 20ක්

* රට ලූනූ ගෙඩියක්

* අමු මිරිස් කරල් 3ක්

* කෑලි මිරිස් මේස හැඳි 1ක්

* ගම්මිරිස් කුඩු

* සුදු ලූනූ මේස හැඳි 1ක්

* අබ ඇට

* රම්පේ

* කරපිංචා

* පොල් තෙල්

* ලුණු ස්වල්පයක්

* ඇට ඉවත් කරගත් කොස් රිබිඩි හොඳින් සෝදා තෙත බේරෙන්න තබාගන්න.

*දැන් භාජනයකට තෙල් දමා හොඳින් රත් වූ තෙලට කොස් රිබිඩි, සුදු ලූනූ ,අබ යොදා මඳ ගින්නේ බැදෙන්නට හරින්න.

* ඉන්පසු එයට රම්පේ ,කරපිංචා , කපා ගත් රට ලූනූ , අමු මිරිස් , කෑලි මිරිස් දමා හොඳින් කලවම්කර බැදෙන්නට හරින්න.

* ළිපෙන් බා ගැනීමට පෙර රස පදමට ලුණු එක් කරන්න.

 

 

කරපිංචා ලුණු මිරිස

* දලු කරපිංචා මිටක්

* සුදුලූනූ බික් 3/4ක්

* කොච්චි කරල් 3ක්

* රතු ලූනූ ගෙඩි 6 - 7ක්

* ගම්මිරිස් කුඩු මේස හැඳි 1ක්

* දෙහි යුෂ ස්වල්පයක්

* ලුණු අවශ්‍ය පමණ

* කරපිංචා හොඳින් සෝදා මිරිස් ගල මත තබා එයට සුදු ලූනූ ,කොච්චි ,රතු ලූනූ ,ගම්මිරිස් එකතු කර හොඳින් අඹරා ගන්න.

* හොඳින් ඇඹරුණු පසු එයට අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා දෙහි යොදා කවලම් කර කෑමට ගන්න.

 

උපදෙස්

සූපවේදී භාෂිත දිල්ෂාන්

රන්දිය හොලිඩේ