කිරට කොට්ටම්බා

සැප්තැම්බර් 4, 2023

* කොට්ටම්බා මද 40ක් පමණ

* උළුහාල් තේ හැඳි 01ක්

* අමු තුනපහ තේ හැඳි 01ක්

* ගම්මිරිස් තේ හැඳි 01ක්

* කහ කුඩු

තේ හැඳි 1/4ක්

* ගොරකා බික් 2ක්

* කුරුඳු පොතු කැබැල්ලක්

* රතු ලූනු ගෙඩි 04ක්

* රම්පෙ සහ කරපිංචා

* පොල් කිරි කෝප්ප 2ක්

* අබ ක්‍රීම් තේ හැඳි 01ක්

* අමු මිරිස් කරල් 2ක්

* ලුණු ස්වල්පයක්

 

* කොට්ටම්බා මද සෝදා ගෙන බඳුනකට දමා එයට තුනපහ, කහ, සුදුලූනූ, උළුහාල්, කුරුඳු පොතු, කරපිංචා, රම්පේ, ගම්මිරිස්, අමු මිරිස් දමා හොඳින් කලවම් කරන්න.

* එයට පොල් කිරි කෝප්පයක් දමා මඳ ගින්නේ මඳක් තැම්බීමට තබන්න.

* ඉන්පසු එම මිශ්‍රණයට ලුණු, ගොරකා, අබ ක්‍රීම් යොදා අනෙක් පොල් කිරි කෝප්පයත් එක්කර කලවම්කර නැවතත් හොඳින් තැම්බෙන තෙක් තබා ළිපෙන් බා ගන්න.

------------------------

කුරුම්බා ලොඳ වෑංජනය

* උලුප්පා ගත් කුරුම්බා ලොඳ ගෙඩියක්

* මිරිස් කුඩු තේ හැඳි 01ක්

* තුනපහ තේ හැඳි 01ක්

* කහ කුඩු

තේ හැඳි 1/4ක්

* තළාගත් ඉඟුරු, සුදුලූනු

* ගොරකා බික් 2ක්

* කුරුඳු පොතු කැබැල්ලක්

* අමු මිරිස් කරල් 2ක්

* ලොකු ලූනු ගෙඩි 01ක්

* පොල් කිරි කෝප්පයයි

* පොල් තෙල් ස්වල්පයක්

* රම්පේ, කරපිංචා

* ලුණු ස්වල්පයක්

* ගම්මිරිස් තේ හැඳි 01ක්

* වතුර කෝප්පයක්

 

 

* භාජනයක් ළිප තබා පොල් තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු එයට සුදු ලූනූ, ඉගුරු, රම්පේ කරපිංචා, ලූනු යොදා රන්වන් පැහැ වනතුරු බැදගන්න.

* ඉන්පසු එයට මිරිස්කුඩු, තුනපහ, කහ යොදා රන්වන් පැහැවන තුරු බැදගන්න.

* එයට වතුර කෝප්පයක් දමා කුරුම්බා ලොඳ , ගොරකා එකතු කර හොඳින් මඳ ගින්නේ තැම්බීමට තබන්න. (වතුර හිෙඳනතුරු)

* හොඳින් තැම්බුණු පසු පොල් කිරි, ගම්මිරිස්, ලුණු එක්කර විනාඩි 5ක් පමණ ළිප තබා කෑමට ගන්න.

 

----------------------------------

හීන්බෝවිටියා දෙහි ඇඹුල

 

* හීන් බෝවිටියා දලු මිටක්

* රතුලූනූ ගෙඩි 05ක්

* දෙහි බාගයක්

* ලුණු ස්වල්පයක්

* පොල් මිටක්

* පුච්චාගත් වියළි මිරිස් කරල් 02ක්

* ගම්මිරිස් තේ හැඳි 1/2ක්

 

* හීන් බෝවිටියා කොළ වෙන් වෙන්කර සෝදා නටන උණු වතුර දමා විනාඩි 5ක් පමණ වසා තබන්න.

*ඉන්පසු වතුර පෙරා මේ හීන් බෝවිටියා කොළ සිහින්ව කපා ගන්න.

* එයටම රතුලූනූ, දෙහි, පොල්, වියළි මිරිස්, ගම්මිරිස් දමා හොඳින් මිශ්‍රවන සේ කලවම්කර කෑමට ගන්න.