බොමුද තේ එකක්...

සැප්තැම්බර් 4, 2023

තේ එකක් අපි හැමෝම හදන්න දන්නව සහ අපි කවුරු හරි ගෙදරට ආව ගමන් තේ එකක් දෙනවා. ඒත් සමහරු දෙන තේ එක ඇත්තෙන්ම බොන්න හිතෙන්නෙ නැහැ. ඒ වගේම තේ එක හදන් ආව කෙනා ගැන ඇති වෙන්නෙත් නොපහන් හැඟීමක්. අපි දැන් බලමු නොදැනුවත්ව සිද්ද වෙන්න පුළුවන් ඒ වැරදි මොනවද කියලා. ඒත් එක්කම ඔබ මෙන්න මේ tips පාවිච්චි කර රසම රස තේ එකක් ඔබේ ආදරණීයයන්ට පිළිගන්වන්නකෝ.

 

* හොඳින් පිරිසුදු කරගත්ත කෝප්පෙක තේ එක පිළිගන්වන්න. හොඳින් පිරිසුදු කරා කියන්නෙ යන්තම් වතුර ටිකක් දාලා සෝදන එකට නම් නෙවෙයි. හොඳින් සබන් දාලා අත කෝප්පෙ ඇතුළට දාලා සෝදන එක. සබන් ගඳ නැති වෙනකම් සෝදන්නත් මතක තියාගන්න.

* පීරිසිවල කෝප්පවල කහට පැල්ලම් තියෙනව නම් නිවාඩු වෙලාවක හොඳට විම් ටිකක් දාලා මැදගන්න. මොකද කහට පැල්ලම් එක්ක තේ කෝප්පයක් පිළිගන්වද්දි අමුත්තට ඇති වෙන්නෙ නොපහන් හැඟීමක්.

* තේ කෝප්පෙ පිළිගන්වද්දි තේ කෝප්පෙ වටේ වතුරත් එක්ක නම් පිළිගන්වන්න එපා. වතුර පිරිසුදු රෙදි කෑල්ලකින් පිහදාලා පිළිගන්වන්න.

* ඒ වගේම තේ වැක්කරුවට පස්සෙ කෝප්පෙ වටේ හරි පීරිසිය වටේ හරි තේ වැක්කරිල තියෙනව නම් තෙත රෙදි කෑල්ලකින් ඒක පිරිසුදු කරන්න පිළිගන්වන්න කලින්.

* සීනිවල කූඹී හිටිෙයාත් අතින් කූබි අස්කර කර නම් යන්න එපා. ඒක හරි අශෝබනයි. තේ එක කෝප්පෙට වත් කරද්දි පෙරල වක්කරන්න. එතකොට තේකොළ කෑලි, පිටි කෑලි පාවෙන එක වෙන්නෙත් නෑ තේ කෝප්පෙ.

* ඒ වගේම තමයි ඉඟුරු දානව නම් පිහිය හොඳට සෝදලා ඉඟුරු කපන්න. නැත්නම් තේ එකෙන් ළූනු රස එහෙම එන්න පුළුවන්.

* අන්තිමට තේ එක පිළිගන්වන ට්‍රේ එක. ඒකත් හොඳට පිරිසුදු කහට පැල්ලම් නැති එකක් වෙන්න ඕනේ.

* තව දෙයක් තමයි සමහරු පීරිසිය එක වර්ගයකිනුත් කෝප්පෙ තව වර්ගෙකිනුත් පිළිගන්වනවා. ඒකත් අමුත්තාට ඇති කරන්නෙ අප්‍රසන්න හැඟීමක්.

* ඔයා කැමති නම් ට්‍රේ එකට tray cloth එකක් දා ගන්න පුලුවන්. එතකොට ලස්සන නිමාවක් තියෙනවා. ට්‍රේ ක්ලෝත් එකක් නැත්නම් ඔයාට පුළුවන් පිරිසුදු සර්වියට් එකක් වුණත් පාවිච්චි කරන්න.

* අන්තිම කරුණ තමයි තේ එක ගෙනියද්දි කෝප්පෙ හැන්ඩ්ල් එක ඔයාගෙ වම් පැත්තට තියාගෙන ගෙනියන්න. එතකොට අමුත්තන්ගෙ දකුණු පැත්තෙන් තමයි හැන්ඩ්ල් එක තියෙන්නෙ. ඒක තමයි පිළිගත් ක්‍රමය.

මේ දේවල් පුංචි දේවල් වුණාට ඔයාගෙ ප්‍රතිරූපෙට මේවගෙන් වෙන්න පුළුවන් හානිය ගොඩක් ලොකුයි. ඒ නිසා ඔයා අතිනුත් මේ වගේ පුංචි අත් වැරදීම් වෙනවා නම් අදම හදාගන්න.