පුංචි බබාලට පෝෂණ ගුණය සපිරි සුප්

ඔක්තෝබර් 2, 2023

ආහාර පාන ගැන කතා බහ කරද්දි චූටි බබාගේ කෑම ගැන වඩාත් සැලකිලිමත් වෙනවනේ. ඉතින් අම්මලා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ දරුවන්ට ඉහළම පෝෂණ ගුණයක් ලැබෙන ආහාර පාන ලබා දෙන්න. සුප් කියන්නේ පුංචි අයට පහසුවෙන්ම ලබා දෙන්න පුළුවන් ආහාරයක්නෙ. බත් කවන්න තරම් අපහසුවකින් තොරව සුප් පොවන්නත් පහසුයි. ඒ නිසා එයාලට ගුණවත් වගේම පහසුවෙන් හදලා දෙන්න පුළුවන් සුප් රෙසපි කිහිපයක් ගෙන එන්න හිතුවා.

 

ස්පැගටි සුප්

 

තම්බාගත් ස්පැගටි

තම්බාගත් අල ගෙඩි 2ක්

බැදපු මාලු කෑලි 1-2ක්

හාල් මිටක්

අමු ඉස්සන් 4-5ක්

හීනියට කපා ගත් කැරට්, ලීක්ස්, බොංචි, ගෝවා

තළාගත් බී ලුනු ගෙඩි බාගයක්

පරිප්පු

බටර් තේ හැන්දක්

 

සෝදා බඳුනකට හාල් ටික දාල තැම්බෙන්නට හරින්න.

ඉන්පසු මිශ්‍රණයට ඉස්සන්, හීනියට ලියා ගත් එළවළු, බැදගත් මාලු කෑල්ල, පරිප්පු මිටක්, බටර් තේ හැන්දක් මිශ්‍රකර ටිකක් නටවා ගන්න. දැන් අල තම්බා හොඳින් පොඩි කර ගන්න.

සුප් එක තැම්බුණු පසු ක්‍රීම් කරගත් අල ටික සුප් එකට එකතු කරගන්න. එයටම තම්බා ගත් ස්පැගටි දාන්න.

 

------------------------------------

අල ක්‍රීම්, බිත්තර සුප්

 

ෆ්‍රෙෂ් කිරි කෝප්ප 1ක්

කෝන් පිටි කෝප්ප ½ක්

ඕට්ස් කෝප්ප 1ක්

කැරට් ස්වල්පයක්

ලීක්ස් ස්වල්පයක්

ගෝවා ස්වල්පයක්

බේබි කෝන් අල කෑලි 2 -3ක්

ලුණු රස අනුව බිත්තර‍ 2ක්

බටර් ස්වල්පයක්

තුනපහ ස්වල්පයක්

 

 

පෑන් එකක් ළිප තියලා බටර් මේස හැදි 1ක් දාලා රත්වෙනකොට ඒකට හීනියට කපාගත් ලූනු ගෙඩියක් එකතු කරන්න. ඒ එක්කම අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරන්න. ඉන්පසු හීනියට ලියාගත් ලීක්ස්, ගෝවා, කැරට්, කුඩාවට කපා ගත් බේබි කෝන්, තම්බලා පොඩි කරගත් අල හා තුනපහ එයට එක් කරන්න. එයටම දියකරගත් කෝන් පිටි කෝප්ප ½ ක්, ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1ක් සහ ඕට්ස් කෝප්ප 1 ක් එකතු කරන්න. ඉන්පසු ගසාගත් බිත්තර 2ක් ටික ටික එකතුකර මිශ්‍රකර ගන්න.

---------------------------------

රුලං සුප්

රුලං

ලීක්ස්

කැරට්

බෝංචි

මේවාට අමතරව ඔයා ළඟ තියෙන ඕනෑම එළවළුවක් යොදා ගන්න පුළුවන්.

පොල්තෙල් හෝ ඔලිව් ඔයිල්

ලුණු රස අනුව

 

පළමුව එළවළු ටික කපලා සුප් එකට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා තැම්බෙන්න තියන්න. එළවළු ටික තැම්බෙනකොට ඒකට රුලං සහ රස අනුව ලුණු දාන්න. තරමක් තැම්බුණු විට පොල්තෙල් හෝ ඔලිව් ඔයිල් තේ හැඳි 1 ක් එක් කර කෑමට ‌ගන්න.

----------------------

ක්‍රීම් චිකන් සුප්

 

ෆ්‍රෙෂ් මිල්ක්

පාන් පිටි

බටර්

කුකුල් මස්

මස් ස්ටොක්

කැරට්

ගෝවා

අල

එළවළු ස්ටොක්

 

පෑන් එකකට කුකුළු මස් ටික දාලා හොඳින් තම්බාගෙන කටු ඉවත්කර ගන්න. එය හීනියට කඩා ගන්න.

මස් ස්⁣ටොක් එක වෙනම බෝල් එකකට දා ගන්න.

 

එළවළු ටික තම්බා ගන්න. එළවළු ස්ටොක් එක වෙනම බෝල් එකකට දා ගන්න. දැන් පෑන් එකකට බටර් එක්කර රත් කර ගන්න. බටර් දිය වූ පසු එයට පාන් පිටි එකතු කරගන්න. මිශ්‍රණය රත් වු පසු ඒක⁣ට ෆ්‍රෙෂ් මිල්ක් එක් කරන්න. දැන් එයට මස් තැම්බූ වතුර හා තම්බා ගත් මස් කැබලි එක් කරන්න.

 

ඉන්පසුව තැම්බූ එළවළු හා තැම්බූ වතුර එකතුකර ගන්න.

 

 

---------------------------------

පරිප්පු සුප්

පරිප්පු

කෝප්ප 1 ක්

කැරට් අල 1ක්

අල ගෙඩි 1ක්

චොප්කරගත් සුදුලූනූ

ගෙඩි 1ක්

තක්කාලි පොඩි ගෙඩි 1ක්

බෝංචි කරල් 1 ක්

ලීක්ස් ස්වල්පයක්

ලූනූ ගෙඩි 1ක්

පොල්තෙල්

තලපත් පොඩි මාලු කෑල්ලක්

හාල් පිටි මේස හැඳි 1ක්

පොල්තෙල් මේස හැඳි 1 ක්

 

සියලුම එළවළු හීනියට පොඩියට

කපා ගන්න. තක්කාලි ගෙඩියත් කපා ගන්න. පෑන් එකකට තෙල් දාලා රත්වෙනකොට ලූනූ, සුදු ලූනූ බැදෙන්න හරින්න.

එයටම මාලු, පරිප්පු, එළවළු එක් කරන්න.

තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර එක්කර තැම්බෙන්න දෙන්න.

හොඳින් තැම්බුණු පසු ඒකට හාල් පිටි මේස හැන්ද එක්කර ගන්න. රස අනුව ලුණු එකතු කරන්න.

 

 

-------------------------

අල සුප්

අල

ෆ්‍රෙෂ් මිල්ක්

බටර්

කුකුළු මස්

ස්ටොක්

ලුණු

 

අල හීනියට, පොඩියට කපාගන්න. පෑන් එකක් ළිපේ තියලා බටර් දාල රත්වෙනකොට අල එකතුකර බැදෙන්නට දෙන්න.

බැදුණු පසු එයට මස් ස්ටොක් හා වතුර එකතු කරන්න. සුප් එක හොඳින් තම්බා ගන්න. ඒකටම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන්න.