පංච කල්‍යාණියක් වීමට නම්...

ජූලි 10, 2019

කට ඇති පුතුත් රුව ඇති දියණියත් පවුලකට අභිමානයකි. පංච කල්‍යාණයෙන් පිරිපුන් දියණියකට මාපියන් වීමට ලැබීම කිරුළකට, රටක් රාජ්‍යයක හිමිකම් කීමක් වැනිය. කඩවසම් පුතකු සිටීම ආඩම්බරයකි.

එසේ වුණත් ලස්සන දියණියකට හිමි තැන පුතකුට ඒ තරමින් නැති බව කාන්තාවක වීමේ සිරියාවන්ත බවට වැඩි ඉඩක් දී මුව පුරා සතුටින් පැවසීමට පුළුවන.

දියණියකගේ රුව අපේ රටේ මනින්නේ පංච කල්‍යාණයෙනි. කේශ කල්‍යාණය, ඡවි කල්‍යාණය, දන්ත කල්‍යාණය, මාංස කල්‍යාණය, වයස් කල්‍යාණය කාන්තා රුව ඔප කරන පස්විධ කල්‍යාණයන්ය.

පෙරදිග ක්‍රමයට වේවා අපරදිග ක්‍රමයට වේවා මැන බලන්නේ දියණියගේ රූ සපුවයි. මෙය ක්ෂණයකින් ලබා ගත හැකි දෙයක් නොවේ. දියණිය හැඩකාරියක් කිරීමට මව මුල පිරිය යුත්තේ ඇය ඇසට නොපෙනෙන තරම් වූ කුඩා සෛලයක් ලෙස කුසේ වැඩෙන්නට පටන් ගත් දින සිටය.

දියණියගේ හැඩට, නීරෝගි බවට පදනම වැටෙන්නේ ඇයගේ මහ ගෙදර වන මවගේ ගර්භාෂයේදීය. අපේ සෞඛ්‍ය සේවය ඉතා උසස් නිසා කැල්සියම්, ෆෝලේට්, යකඩ මවකට ක්‍රමානුකූලව සායනවලින් ලබා දෙයි. එහෙත්

මේ කාලයේදී තවත් බෙහෝ පෝෂකයන් අවශ්‍යයි.

ප්‍රෝටීන වැඩෙන දරුවාගේ මොළයේත් ශරීරයේත් පටක වැඩීමට අත්‍යාවශ්‍යය. ඇට වර්ග, රනිල කුලයේ බෝංචි වැනි එළවළු, සැමන් වැනි මාළු වර්ග, මස් කැමට ගන්නවා නම් කුකුළු මස් වැනි මස් වර්ගවලින් ප්‍රෝටීන හොඳින් ලබා ගැනීමට පුළුවන.

2019/07/10 තරුණි බලන්න