කොණ්ඩය කොටට කපන්නට විලාසිතා

අප්‍රේල් 14, 2021

 

යොවුන් අවදිය විලාසිතා සිහින දකින කාලයක්. කොණ්ඩය දිගට වැවූ දූවරු වගේම කොණ්ඩය කොටට තියෙන දූවරුත් තමන්ගේ කොණ්ඩය ලස්සන විලාසිතාවකට කපාගන්න කැමැතියි.

මේ අවදිය මානසික පෙරලි කරන වයසක් නිසා දූවරුන්ගේ මේ විලාසිතා දිහා පුළුල්ව බලන්න අපේ අම්මලාත් පුරුදු වෙන්න ඕනෙ.

ලස්සන විලාසිතාවකට කොණ්ඩය කොටට කපන්න හිතන දියණියන් වෙනුවෙන් මුහුණට ළාබාල පෙනුමක් ගෙන දෙන විලාසිතා කිහිපයක් මෙලෙසින් ගෙන එනවා. මගේ දුවගේ සිත්ගත් විලාසිතාව මෙතැන තියේ් නම් ඒ විලාසිතාවට කොණ්ඩය කපාගෙන හැඩවෙන්න පුළුවන්. ඒ සඳහා සැලෝන් එකකට ගිහින් මේ මෝස්තරය පෙන්වා කපාගන්න. හැබැයි දුවේ මෙහි තියෙන විලාසිතා හැමෝටම ගැළපෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ මුහුණේ හැඩයට මේ විලාසිතාවන් ගැළපෙන්නේ දැයි බලා කොණ්ඩය සකසා ගන්නට බුද්ධිමත් වෙන්න. ඔබ කොණ්ඩ විලාසිතාව රූපලාවණ්‍ය උපදේශිකාවට පෙන්වා මේ මෝස්තරය ඔබට ගැළපෙන්නේ දැයි පළමුව විමසා බලන්න. ඒ සඳහා අත්දැකීම් සහිත පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පිනියකගේ උපදෙස් ලබාගත යුතුයි. රවුම් හැඩැති මුහුණකට ගැළපෙන විලාසිතාව දිගු මුහුණක් හිමි අයකුට ගැළපෙන්නේ නැහැ. මුහුණේ හැඩය අනුව කොණ්ඩ විලාසිතාව වෙනස් වෙනවා.