ස්පොන්ජ් එකක් වැනි සුමුදු දෑතක්

සැප්තැම්බර් 18, 2023

සුමුදු සුන්දර දෑතක් ලලනාවන්ට මහත් වූ අභිමානයක්. මුහුණට දක්වන සැලකිල්ල හා සමාන වූ සැලකිල්ලක් දෑත් සඳහා ද දැක්විය යුතුමයි.

හිරු එළියට නිරාවරණය වීමෙන් අත්වල සම අඳුරු වන අතර සිහින් රේඛා ද දක්නට ලැබේ. මේ ආකාරයෙන් දෑත් අව පැහැ වන අතර සම රළු සහ අඳුරු වේ. ඉතින්, ස්වභාවිකව නිවෙසේදී පිළියෙල කළ විවිධ පැක් වර්ගවලින් සුන්දර දෑතක් පවත්වා ගැනීමට කරන ඉඟි කිහිපයකුයි මේ. ඔබේ දෑත් තවදුරටත් අඳුරු වී වියළී නොයන ලෙස ප්‍රමිතියෙන් යුතු සන්ස්ක්‍රීන් එකක් භාවිත කිරීමට සැමවිටම මතක තබා ගත යුතුය.

 

ඔබේ දෑත් මොයිස්චරයිසර් කරන්න

හොඳ තත්ත්වයේ හෑන්ඩ් මොයිස්චරයිසර් එකක් භාවිත කරන්න, අවම වශයෙන් දිනකට තුන් වතාවක් හෝ අත්වල ආලේප කරන්න.

 

අත් සේදීම

 

අත් සෝදන විට මඳ උණුසුම් ජලයෙන් අත් සේදීමට වග බලා ගන්න. අධික උණු වතුර හෝ අධික සීතල ජලය සමට හානි කරයි. පිඟන් සේදීමට ගන්නා සබන් කිසිවිටක අත් සේදීම⁣ට භාවිත නොකරන්න. ඉන් සම රළු වන අතර පහසුවෙන් සම වියළී යයි. මේ ඇති ස්වභාවික තෙල් ඉවත් කරයි.

 

ස්ක්‍රබ් කිරීම

 

ඕනෑම මැරුණු සමක් ඉවත් කිරීමට අවම වශයෙන් සතියකට වරක්වත් ඔබේ දෑත් ස්ක්‍රබ් කරන්න. මේ සඳහා සිහින් සීනි සහ තෙල් තේ හැන්දක් බැගින් ගෙන දෙහි භාගයක යුෂ සමඟ හොඳින් මිශ්‍ර කරන්න.

 

සම්බාහනය

 

මොයිස්චරයිසර්වලින් ලැබෙන තෙතමනය රඳවා ගැනීමට අවම වශයෙන් මිනිත්තු පහක් රාත්‍රියේදී ඔබේ දෑත් සම්බාහනය කරන්න. ඉතා රළු අත් සඳහා, මොයිස්චරයිසර්, වැස්ලින් ස්වල්පයක් සමඟ මිශ්‍ර කරන්න. එවිට මුළු රාත්‍රිය පුරාම ආරක්ෂා වේවි.

 

පෝෂ්‍යදායී ආහාර වේලක්

 

නීරෝගි, ශක්තිමත් නියපොතු ලබා ගැනීමට, ඔබේ දෑත් නම්‍යශීලීව සහ මෘදුව තබා ගැනීමට ප්‍රෝටීන්, විටමින් බී, විටමින් ඊ අතිරේක ඔබේ ආහාර වේලෙහි කොටසක් විය යුතුයි.

නිවෙසේදී සුසිනිඳු දෑතක් පවත්වා ගැනීමට ඔබටත් පුළුවන්.

 

මෘදු අත් සඳහා කිරි

 

කිරි යනු අත්වල සමේ පැහැය වැඩි දියුණු කිරීම සඳහා බොහෝ දේ කළ හැකි නිෂ්පාදනයකි. නැවුම් කිරි අත්වල ආලේප කර මෘදු ලෙස සම්බාහනය කරන්න. මෙය පැය භාගයක් තිබෙන්නට හැර අත් සෝදන්න. මෙම පහසු පිළියම දිනකට වරක් උත්සාහ කර දිනපතා මෘදු ලස්සන දෑත් පවත්වා ගන්න. මෙමඟින් දෑත් මෘදු වන අතර අත්වල සම පැහැපත් සහ දිදුලන එකක් කරයි.

 

සඳුන් වෙතින් අත් පැහැපත් කිරීමේ පැක් එකක්

 

සඳුන් කුඩු තේ හැඳි 2ක් ගෙන රෝස වතුර ස්වල්පයක් සමඟ මිශ්‍ර කරන්න. මිනිත්තු 30කට පසු මෙය සෝදන්න. සතියකට දෙවතාවක් අත් පැහැපත් කිරීමේ පැක් එක දැමීමට උත්සාහ කරන්න. වියළි බව සහ ලප ඉවත් කර ලස්සන දෑතක් ලබා ගැනීමට මෙය උපකාරී වේවී.

 

මෘදු අත් සඳහා කෝමාරිකා පැක් එක

 

කෝමාරිකා ජෙල් තේ හැඳි 2ක් මිශ්‍ර කර එයට ලෙමන් යුෂ තේ හැඳි 2ක් මිශ්‍ර කරන්න. මෙම ආලේපනය අත්වල ආලේපකර විනාඩි 30ක් තබන්න. සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.සතියකට දෙවතාවක් මෙම ප්‍රතිකර්මය කරන්න. කෝමාරිකා ඇසුරුම දෑත් මෘදු කරයි. අපි බොහෝ වේලාවක් අව්වේ ගත කරන විට දෑත් අඳුරු වේ. රළු වේ. ඉන් මිදීමට මෙය අනගි පිළියමකි.

 

පැහැපත් දෑත් සඳහා අර්තාපල් යුෂ

 

අර්තාපල් යුෂවලට සම පැහැපත් කිරීමේ ගුණ ඇති අතර එය දෑත් පැහැපත් කිරීමට උපකාරී වේ. අර්තාපල් යුෂ දිනපතා අත්වල ආලේප කර විනාඩි 20කින් පසු සෝදා හරින්න. එම ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා ඔබට අල පෙති අතුල්ලන්නත් පුළුවන්. මෙම ප්‍රතිකාරය නිසැකවම ඔබේ දෑත් පැහැපත් වීමට සහ හිරු කිරණින් අවපැහැ වූ දෑත් පෙර පරිදි පවත්වා ගෙන යෑමට උපකාරී වනු ඇත.

 

පැහැපත් දෑත් සඳහා මී පැණි පැක්එක

 

මී පැණි තේ හැඳි 2ක් ගෙන එයට නැවුම් ලෙමන් යුෂ තේ හැඳි 2ක් මිශ්‍ර කරන්න. මෙම ලෝෂන් පැක්එක අත්වල ආලේප කරන්න, මෘදු ලෙස සම්බාහනය කරන්න. මී පැණි සම සිනිඳු සහ මෘදු කරන අතර මෙම පැකැට්ටුවේ ලෙමන් යුෂ ඔබේ දෑත් අලංකාර කරයි. පැහැපත් සහ මෘදු කරයි.

 

අත් සඳහා ලෙමන් සහ ග්ලිසරින් ඇසුරුම

 

ලෙමන් යුෂ ටිකක් ගෙන ග්ලිසරින් ද සමාන ප්‍රමාණයක් සමඟ මිශ්‍ර කරන්න. ක්‍රීම් සඳහා නිරපරාදේ මුදල් වැය නොකර ලස්සන මෘදු දෑත් පහසුවෙන් ලබා ගැනීමට මෙම පැක්එක අත්වල ආලේප කරන්න. ලෙමන් ඔබේ දෑත් සුදු කරන අතර ග්ලිසරින් ඔබේ අත්වලට අවශ්‍ය තෙතමනය ලබා දෙයි. ග්ලිසරින් දෑත් මෘදු හා සිනිඳු කරයි.

 

පැහැපත් දෑත් සඳහා මී පැණි පැක්එක

 

මී පැණි තේ හැඳි 2ක් ගෙන එයට නැවුම් ලෙමන් යුෂ තේ හැඳි 2ක් මිශ්‍ර කරන්න. මෙම ලෝෂන් පැක් එක අත්වල ආලේප කරන්න, මෘදු ලෙස සම්බාහනය කරන්න. මී පැණි සම සිනිඳු සහ මෘදු කරන අතර පැකැට්ටුවේ ලෙමන් යුෂ ඔබේ දෑත් අලංකාරකර පැහැපත් සහ මෘදු කරයි.

 

උපදෙස් : රූපලාවණ්‍ය ශිල්පිනි නිලක්ෂි මුණසිංහ