සුන්දරව හැඩවැඩ වෙන්නට....

මාර්තු 24, 2021

සුන්දර යෞවනය අත්විඳින හැඩකාර තරුණියන් වෙනුවෙන් අපි අදත් ලස්සනම ලස්සන අදහස් කිහිපයක් මෙලෙස ගෙන එනවා. විලාසිතාවන් මොනතරම් තිබුණත් ඒවා තමන්ට ගැළපෙනවා දැයි සිතා බලා තෝරාගන්නට ඔබ බුද්ධිමත් විය යුතුමයි. ඒ සඳහා මේ මඟපෙන්වීම අපේ දූවරුන්ටයි.

 

මෙන්න මෙහෙම ලස්සනට අඳින්න

 

පිළිවෙළකට හැඩවෙලා ලස්සනට ගමන් බිමන් යන්න ඔබත් කැමැතියි. ඒත් ගැළපෙන්න, ලස්සනට හැඩවෙන්නේ කොහොමද කියා දෝණිට නම් පැහැදිලි නෑ. මොනතරම් ඇඳුම් පැලඳුම්, ආභරණ තිබුණත් වැඩක් නෑ ලස්සනට හැඩ වෙන්න නොහැකි නම්... මේ බලන්න...

මේ ඡායාරූප ලස්සනට හැඩවෙන ආකාරය ඔබට අගේට පැහැදිලිකර දේවි.

ඇඳුමක් ගැනීමේ දී ඇඳ එය තමන්ගේ සිරුරට ලස්සනක් එක්කරනවා දැයි පළමුව බලන්න. ඒ ඇඳුමෙන් ඔබේ මුහුණට එළියක් ගෙන දිය යුතුයි. ඒ වගේම සිරුරේ හැඩය ලස්සනට පෙනෙන්නත් ඕනෙ. මේ බ්ලවුසය ලේස් බ්ලවුසයක්. එයට තෝරාගෙන තිබෙන්නේ නිල් වර්ණ මුද්‍රිත කෙටි සායක්. බ්ලවුසය යටකර ඇඳීමෙන් ඇගේ ලස්සන හොඳින්ම පෙනෙනවා. ගෙළ හැඩකරන මාලය බ්ලවුසයට ගැළපෙන්න සුදු පබළු මාලයකි. කරාඹු සඳහා සුදු හා නිල් වර්ණ දෙකම මිශ්‍ර පබළු කරාඹු. අත හැඩකරන්නේ බ්ලවුසයට ගැළපෙන්න ලෙස් රෙද්දකට පබළුවලින් කළ අත් පලඳනාවකි. ඇගේ පාවහන් සුදු පැහැ හීනි පටි සහිත තරමක් අඩි උස ඒවායි. ඇය කි්‍යුටෙක්ස් ලෙස සුදු හා නිල් පැහැය මාරුවෙන් මාරුවට දෑතේ නිය සහ දෙපයේ නිය සඳහා ගල්වා ඇත. ඇගේ බෑගය සුදු පැහැයෙන් තෝරාගෙන තිබෙනවා. කෙටි කොණ්ඩය සැහැල්ලුවට මුදා හැර තිබී‍මෙන් ලස්සන තවත් වැඩි කර ඇත. මේ විදිහට හැඩවී ඔබේ සුන්දරත්වයත් ඔප් නංවා ගන්න.