විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් ඇතිව ලේසර් ප්‍රතිකාර කිරීම වඩාත් සුදුසුයි

මාර්තු 6, 2023

 

සම පැහැපත් කර ගැනීමට අප ලබා ගන්නා ප්‍රතිකාර හා ඖෂධ පිළිබඳ බොහෝ තරුණ තරුණියන්ට ඇත්තේ ගැටලු රාශියකි. එසේම එම ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඇතිවන අතුරු ප්‍රතිඵල, අතුරු අබාධ හා සමට සිදුවන හානි ගැන නිරතුරුවම අසන්නට ලැබෙයි.

 

මෙවැනි පසුබිමක සම හා මුහුණ පැහැපත් කර ගැනීම සඳහා විශ්වාසයෙන් යුතුව ප්‍රතිකාර සිදුකරන ස්ථානයක් ලෙස Lush Skin Clinic ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ඉදිකළ රජයේ ලියාපදිංචිය ලැබූ වෛද්‍ය මධ්‍යස්ථානයකි. වසර 10ක් පුරාවට ඉතාම විශිෂ්ට වූ සේවයක් සපයමින් රූපලාවණ්‍ය සත්කාර හා ප්‍රතිකාර ලබා දෙමින් එම මධ්‍යස්ථානය සිදු කරන මෙහෙවර පිළිබඳ අපට අදහස් දැක්වීමට එක්වූයේ එම ආයතනයේ අධ්‍යක්ෂිකා ශිරෝමී සමරදිවාකර මහත්මියයි.

 

Lush Skin Clinic ආරම්භ වූයේ කෙසේද?

අප මවු ආයතනය වන Technomedics International මීට වසර 27කට පමණ පෙර ආරම්භ කර අද වන විට ලංකාවේ 80%ක් පමණ සෞඛ්‍යය ආයතනවලට, සෞඛ්‍යය උපකරණ සපයන්නෝ වෙති. එමඟින් සපයන ලේසර් උපකරණ යොදවා Lush Skin Clinic මධ්‍යස්ථානය Technomedics ආයතනයේ අනුශාඛාවක් ලෙස ආරම්භ විය.

Technomedics ආයතනයේ සභාපති වන සුජිත් සමරදිවාකර මහතාගේ සංකල්පයක් අනුව Lush Skin Clinic ආරම්භ කිරීමට මුල පුරන ලදී. ඔහුගේ පුරෝගාමී මඟපෙන්වීම මත විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනකුගේ උපදෙස් ඇතුව Lush Skin Clinic මුලින්ම ආරම්භ විය. ලංකාවේ ලේසර් කිරණ උපකරණ ගණනාවක් ඇති එකම මධ්‍යස්ථානය ලෙස Lush Skin Clinic ඉතාම අභිමානයෙන් යුතුව හඳුන්වා දිය හැකියි.

 

සම ආශ්‍රිත කරනු ලබන ලේසර් ප්‍රතිකාර සඳහා මීට පෙර බොහෝ විට ඉන්දියාව සහ වෙනත් රටවල්වලට යන්න සිද්ධ වුණා. Lush Skin Clinic ආරම්භයත් සමඟ එවැනි ප්‍රතිකාර අප රටේම සාධාරණ මිලකට කර ගැනීමට අවස්ථාව ලැබුණි. එසේම අපට Lush Skin Clinic ආයතනය ආරම්භයට විශාල රුකුලක් වුණේ Technomedics ආයතනයත් සමඟ සම්බන්ධ වී සිටින විශේෂඥ වෛදවරුන්ගෙන් ලැබුණු සහයෝගයයි. Lush Skin Clinic සමඟ සම්බන්ධ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු, දන්ත ශල්‍ය‍ෙවෙද්‍යවරු හා විශේෂඥ වෛද්‍යවරුන් දැනට හතළිහකට වැඩි සංඛ්‍යාවක් සිටිති.

 

ඔබ Lush Skin Clinic හඳුන්වන්නේ රෝහලක් ලෙසද, වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙසද?

 

Lush Skin Clinic විශේෂ වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස සැලකිය හැකියි. මේ ආයතනයේ ප්‍රධාන කාර්යය රූපලාවන්‍ය හා සුන්දරත්වය පිළිබඳ සත්කාරක සේවය ලබා දීමයි. ඕනෑම කෙනකුට මෙහි පැමිණ විශේෂඥ වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගත හැකියි.

 

Lush Skin Clinic ලබා දෙන ලේසර් කිරණ ප්‍රතිකාරය ගැන සඳහන් කරන්න පුළුවන්ද?

 

මුල්කාලයේදී ලේසර් ප්‍රතිකාර ගැන බොහෝ දෙනා අතර, පැකිලීමක් තිබුණද විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ලැබුණු දැනුවත් කිරීමත් සමඟ එම අදහස් අද වන විට බොහෝ දුරට වෙනස් වී ඇත.

 

අප රටේ ලේසර් ප්‍රතිකාර කිරීම සඳහා අනුමැතිය තිබෙන්නේ ලියාපදිංචි විශේෂඥ වෛද්‍යවරුන්ට පමණයි. නමුත් සමහර ආයතන එවැනි වෛද්‍යවරයකු නොමැතිව ප්‍රතිකාර කරන අවස්ථා තිබෙනවා. එය එසේ කිරීම අවදානම් සහිත විය හැකියි. එම නිසා ලේසර් ප්‍රතිකාර ගැනීමට පෙර ඒ පිළිබඳව දැනුවත් වී සිටිය යුතුයි.

 

 

Lush Skin Clinic සේවය සපයන්නේ රෝගීන්ට ප්‍රතිකාර කරන ආකාරයට නොවෙයි. මෙහි ඕනෑම කෙනකුගේ හිස්කෙස්වල සිට දෙපා දක්වා ක්‍රමානුකූලව ප්‍රතිකාර කිරීම සිදුවේ. ඒ සඳහා මෙහි පැමිණ විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ඔවුන්ගේ අවශ්‍යතාවයට සරිලන පරිදි ප්‍රතිකාර සැලැස්මක් සදාගත හැකිය.

 

Lush Skin Clinic සතුව තිබෙන මේ සෑම උපකරණයක්ම ලෝකයේ තිබෙන ඉහළම ප්‍රමිතියේ උපකරණ බවත් ඒවා යොදා ගනිමින් කෙරෙන ප්‍රතිකාර ඉහළ ප්‍රමිතියකට සිදු කරන ප්‍රතිකාර බවට සහතික විය හැකියි. ඒ උපකරණ අලුත්වැඩියා කිරීම සහ ලංකාවට ගෙන්වීමේ පහසුකම අපට ලැබී තිබෙන්නේ Technomedics ආයතනය මඟිනි. එසේ ගෙන්වනු ලබන සියලුම උපකරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (National medicine Regulatory Authority) හරහා ලියාපදිංචි වී ඇත.

 

 

 

මීට අමතරව ඔබේ ආයතනයේ සේවය ලබා දෙන්නේ කෙසේද?

 

අපගේ මේ ප්‍රතිකාර සේවාවන්ට අමතරව විශේෂඥ වෛද්‍යවරුන්ට විදේශ ලේසර් පුහුණුව ලබා දෙන අතර, විදේශ වෛද්‍යවරුන් සහ ලේසර් තාක්ෂණ පුහුණුකරුවන් මෙරටට ගෙන්වා අපේ සේවකයන්ට සහ විශේෂඥ වෛද්‍යවරුන්ට ලේසර් පිළිබඳ අත් හුරු පුහුණුවක් ද ලබාදීමට කටයතු කරයි.

 

 

දැන් අපේ රටට අලුත් ලේසර් උපකරණ ගෙන්වනවා. ඒ සඳහා ඇති ප්‍රමිතිය ගැන ඔබට කියන්න පුළුවන්ද?

 

ලංකාවට ගෙන්වන ලේසර් උපකරණ නිසි ලියාපදිංචි කිරීමකින් තොරව ආනයනය කරන්න බැහැ. අපි ගෙන්වන සෑම උපකරණයක්ම ගෙන්වා තිබෙන්නේ ප්‍රමිතියට අනුව ලියාපදිංචි (FDAKE) උපකරණ විතරයි. Lush Skin Clinic සතුව ඇති සියලුම උපකරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා ලියාපදිංචි වී ඇති උපකරණයි.

 

ඔබේ සේවය ඕනෑම කෙනකුට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා ද?

 

Lush Skin Clinic සේවය ඉතාම සාධාරණ ලෙස ලබා දෙනවා. වයස් සීමාවකින් තොරව, ඕනෑම කෙනකුට අපේ ප්‍රතිකාර ලබා ගන්න පුළුවනි. ඒ සඳහා ලබා දෙන ප්‍රතිකාර තීරණය කරන්නේ වෛද්‍යවරයා විසින් පමණයි. දෙස් විදෙස් බොහෝ දෙනකුගේ සම පිළිබඳ උනන්දුව වැඩි නිසා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මේ මධ්‍යස්ථානයට ප්‍රතිකාර සඳහා පැමිණේ. ඒ සියලුදෙනාගේම පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි ප්‍රතිකාර සිදු කෙරේ. මෙවැනි විශාල සංඛ්‍යාවක සේවාදායකයන් පිරිසක් බිහි වුණේ ඒ විශ්වසනීය සේවය නිසයි.

කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයටම රූපලාවන්‍ය ගැටලු තිබේ නම් ඕනෑම ගැටලුවකට මේ මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගැනීමට හැකියි. ඒ වගේම අප සතුව ඉතාම සාර්ථක පේෂල් ප්‍රතිකාර Lush Skin Clinic මඟින් සිදු කරනවා. ඒ ප්‍රතිකාර ගැන සහ සියලු ප්‍රතිකාර ගැන ඕනෑම අයකුට අප ඇමතීමෙන් විස්තර ලබා ගන්න පුළුවන්.