ලෝකයේ ලස්සනම ගම්භීරම මනමාලි උඩරට මනාලියයි

- ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී මංජුල හඳපාන්ගොඩ
දෙසැම්බර් 11, 2023

පසුගියදා තෙහාරයි නෙතුමියි ගිය wedding එක ගැනමයි තාමත් කතාබහ. "ලෙසාන්ගේ මනමාලි හරි ලස්සනයි නේද? වාත්තු කරලා වගේ අන්දලා තිබුණා."

"ඒක තමයි නෙතුමි... කොල්ලා හොයපු කෙල්ලම හම්බ වෙලා. ඇස්වහක් කටවහක් නෑ. හරිම ලස්සනයි. කොච්චර ලස්සන වුණත් සමහර ගෑනු ළමයි වෙඩින් එක දවසට ඉන්නේ තමන්ගෙ තියෙන පෙනුමෙන් නෙමෙයිනේ. ඇත්තටම ලෙසාන්ගෙ මනමාලිගෙ නම් ස්වභාවික ලස්සන පෙනුමක් තිබුණෙ. බලන් ඉන්න ආසයි.

"මතකනෙ තෙහාරා අපි අර කලින් ගියෙ හංසිකාගේ නංගිගෙ වෙඩින් එකට. අපෝ මනමාලි වෙස් මූණක් වගේ. ඒ ළමයගෙ තිබුණ අහිංසක පෙනුම එහෙම්පිටින්ම වෙනස් කරළා. ඒ ඩ්‍රසින් එකට එදා කපල් එක හොඳටම රණ්ඩු වෙලා. පව් මනමාලි. සල්ලි දීලා කැත වෙන්න කවුද අනේ කැමති?"

මේක පුංචි ඕපදූප කතාබහක්. ඒත් අද දවසේ යථාර්ථය මෙයයි. ලස්සනට හැඩට ඉන්න තරුණියක් වෙඩින් එක දවසෙ අඳුරගන්න බෑ. හරියට නිරූපිකාවක් වගේ. අමුතු පෙනුමක් තමයි. මනමාලිට තියෙන්නෙ.

තලෙළු සමක් තියෙන යුවතියන්ගේ මුහුණට ලොකු මේකප් එකක් දීලා පිටි තවරලා වගේ සුදු කරනවා. ඒත් අතපය තව පාටක්. එහෙම මනමාලියක් දකින්න කවුරුත් කැමති නෑ. තමන්ගේ ජීවිතයේ වටිනාම දවස. ලස්සනම දවස. අමරණීයම දවසයි මේ. ඕනම යුවතියකගේ අහිංසක බලාපොරොත්තුව නෑදෑ හිත මිතුරන් ඉදිරියේ සැබෑ සුන්දර, ලස්සන මනමාලියක් වෙන්නයි. ඉතින් මෙවන් අත්දැකීමක් එක්ක ඔබ මනාලියක් වීමට සූදානම් විය යුත්තේ රැල්ල පිටුපස හඹා නොයා ඔබව සැබෑවටම ඔප්නංවන දක්ෂ රූපලාවණ්‍ය ශිල්පියකු, ශිල්පිනියක තෝරා ගැනීමටයි.

ඔබේ සැබෑ ලස්සන හරියටම ඔප්නංවාලමින් ඔබව සුන්දර මනාලියක් ලෙස හැඩගන්වන රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ ජනප්‍රියත්වයක් උසුලන ඔහු නමින් මංජුල හඳපාන්ගොඩ. වසර 15කට ආසන්න කාලයක් මනාලියන් හැඩගැන්වීමේ නිරතවන ඔහු හංවැල්ල නගරයේ " මංජුල හඳපාන්ගොඩ බ්‍රයිඩ්ල් සැලෝන්" නමින් මනාලියන්ගේ රජ දහන ඉදිකර තිබේ. තමන්ටම ආවේණික වූ කලාවකින් යුවතියන් හරි අපූරුවට හැඩ ගන්වනයි. උඩරට, පහතරට, බටහිර වගේම හින්දු මනාලියන් හැඩගැන්වීමේ දක්ෂතාවයක් ඇති ඔහු ප්‍රමුඛස්ථානයක් ගෙන ඇත්තේ සාම්ප්‍රදායික උඩරට මනාලිය හැඩ ගැන්වීමටයි.

" ලෝකයේ ලස්සනම සහ ගාම්භීර මනාලිය හැඩ වන්නේ ශ්‍රී ලංකාවේ. ඒ උඩරට සාම්ප්‍රදායට ක්‍රමයට හැඩ වුණු මනාලියයි. හරියට ඇය රජ බිසවක නියෝජනය කරනවා කිව්වොත් නිවැරැදියි. ඇගේ කරට දමන මාල හත සත්පත්තිනි පතිවෘත්තාව සංකේතවත් කරයි. හිස මත පලඳවන තැල්ල පත්තිනි තැල්ලයි. ඒ දෙපස ඇති ඉර - හඳ මඟින් හිරු සඳු තිබෙනතුරු ආදරය පවතින බව සංකේතවත් කරයි. කොණ්ඩා ගෙඩිය මහාමේරු පර්වතය සංකේතවත් කරන අතර, හැට්ටේ අත්දෙක බෝරිච්චි කරනුයේ පිරුණු උරමඬල හෙවත් පවුල් ජීවිතයේ වගකීම දරාගත හැකි බව සංකේතවත් කිරීමටයි. එදා රජ මාලිගාවේ රාජාභිෂේකය සඳහා රජ බිසවගේ ලාලිත්‍ය මතු කළ අයුරින් ඔසරිය හැඩ ගැන්වීම කළ යුතුයි. නැතහොත් ඇය තුළින් දිස්වන තේජස, තේජාන්විත බව ගාම්භීරත්වය යටපත් විය හැකියි. එදා මෙදා තුර ඔසරියට මේ ලැබුණු ගාම්භීරත්වය විවාහ මංගල්‍යය දිනයේ මනාලිය වෙතින් දිස්විය යුතුමයි.

මෙලෙසින් උඩරට මනාලිය හැඩගැන්වීමට වැඩි ප්‍රමුඛස්ථානයක් දෙන මංජුල හඳපාන්ගොඩ බ්‍රයිඩ්ල් සැලෝන් හි තවත් සුවිශේෂී කර්තව්‍යයන් කිහිපයක්ම සිදුකෙරේ. එනම් මනාලියගේ ඇඳුම්, දෙවැනි මනාලියන්ගේ ඇඳුම් සහ මල් කුමාරියන්ගේ ඇඳුම් නිර්මාණය කිරීමයි. එහිදී මංගල සහ සාරිය/ඔසරිය වැඩ දැමීම. සාරි හැට්ටය ක්‍රමානුකූලව මැසීම, මල් කළඹ ගැළපෙන පරිදි නිර්මාණය කිරීම ආදි සියල්ලක්ම ඔබේ රුචිකත්වය අනුව පහසුවෙන්ම සිදුකර දෙනු ලැබේ. මනාලියගේ ආභරණ සඳහාද ප්‍රමුඛස්ථානයක් ලබා දෙන මංජුල හඳපාන්ගොඩ බ්‍රයිඩ්ල් සැලෝන් වෙත පිය නගන ඔබට එකම වහලක් යටින් අපූරු තේමාවක් යටතේ සොඳුරු මනාලියක් ලෙස හැඩ ගැන්විය හැකියි.

මීට අමතරව මනාලියන්ගේ නිය අලංකරණය කටයුතු සඳහා ද වැඩි සැලකිල්ලක් දක්වනු ලැබේ. මනාලියකට නිය අලංකරණය කිරීමේදී සාමාන්‍ය යුවතියකට යොදන නේල් ආර්ට් එකක් කළ නොහැකියි. මෙහිදී ගැනෙන වර්ණය, යොදන විලාසිතාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු විය යුතුයි. අනවශ්‍ය ලෙස තද වර්ණ ඕනෑවට වඩා ඉස්මතු වී පෙනෙන විලාසිතා සුදුසු නොවේ.

මංජුල හඳපාන්ගොඩ බ්‍රයිඩ්ල් සැලෝන් වෙත පියනඟන ඔබට මෙලෙසින් නිය අලංකරණකර ගැනීමේ හැකියාව තවත් විශේෂ වරප්‍රසාදයකි.

සදා මතකයට නැඟෙන මංගල දිනය එළඹෙන තුරු, ඇඟිලි ගනිමින්, සොඳුරු ලොවක දී අතිනත ගන්නට පෙරුම් පුරන ඔබට හංවැල්ලේ "මංජුල හඳපාන්ගොඩ බ්‍රඩිඩ්ල් සැලෝන්" ඒ සිහිනය යථාර්ථයක් කරනු නොඅනුමානය.