වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
ධාන්‍ය රකින රහස් ක්‍රම

1. හාල් බෑග් ගෙනාපුවාම කාලයක් එකම පැත්තට තියන්න එපා. සතියකට සැරයක් බෑග් එක හොලවලා පැත්ත මාරු කරලා තියන්න. එයින් හාල් පුස් කාලා ගුල්ලෝ ගහන එක වළක්වා ගන්න පුළුවන්.
2. දෙහි කොළ ටිකක් වැඩියෙන් අරගෙන හාල් ඇතුළට දාලා බලන්න. දෙහි කොළවල තියෙන පැඟිරි සුවඳට මේ ගුල්ලන් වහනවා අඩුයි. දෙහි කොළ සෝදා වේළා ගන්න. තෙත ඉවත්වූ පසුව මේ ධාන්‍යවලට එකතු කරන්න. සුළං වදින්නේ නැති වෙන්න වසා තියන්න.
3. වේළපු මිරිස් කරල් දාන එකත් හොඳ පිළියමක්. මේක ඉතාම සාර්ථක ක්‍රමයක්.
4. අමු කහ පොතු ඇරලා පෙති කපා වියළා හාල්වලට එකතු කරන්න . මේකත් අත්දැකීමෙන් ඉතා සාර්ථක ක්‍රමයක්.
5. කරපිංචා, හා රම්පෙ කොළ හාල්වලට එකතු කළාම ගුල්ලන් ගහනවා අඩුයි.
6. සමහරු ගම්මිරිස් ඇට කුඩු කරලා ධාන්‍ය වර්ගවලට එකතු කරලා තියෙනවා. ඒකත් සාර්ථක ක්‍රමයක්.
7. කුරුඳු පොතු හා කුරුඳු කොළත් ධාන්‍ය වර්ගවලට එකතු කිරීමෙන් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්.
8. කොහොඹ කොළ අපිට හොයාගන්නත් පුළුවන්. මේකත් ගුල්ලන් සඳහා හොඳ විසඳුමක්.
9. තවත් ක්‍රමයක් තමයි සුදුලූනු දාන එක. මේ ක්‍රමයටත් කරලා බලන්න. පරිප්පු වගේ දේවල්වලට ගොඩාක් සුදුසුයි.
10. ශීතකරණයේ තියාගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ගුල්ලන් ගහන්නෙම නැහැ.
11. ධාන්‍ය වර්ග සතියකට සැරයක් අවුවට දාලා වේළ ගන්න. මේ ක්‍රමයට ගුල්ලන් ගහන්නෙම නැහැ.
12. ලුණු කුඩු කලවම් කරලා අවුවේ තියලා ගුල්ලන් ඉවත් කර ගන්න පුළුවන්. ඉන්පසු ශීතකරණයේ තියලා ගන්න ඕනේ. දවස් හතරක් හෝ පහක් විතර තියලා පාවිච්චියට ගන්න.
13. දෙහි පොතු ලෙමන් ගෙඩිවල පොතු වේළලා හාල් හා ධාන්‍ය වර්ගවලට දාලා තියන්නත් පුළුවන්.
14. සුළං නොවදින සේ වීදුරු බෝතල්වලට දමා ගැනීමත් හොඳ ක්‍රමයක්. ඊට කරාබු නැටි කීපයක් එක්ක දාන්න පුළුවන් නම් වඩා හොඳයි.
15. ප්ලාස්ටික් බෑග් එකකට දාලා කට හොඳට ගැට ගහලා තියලා බලන්න. ගුල්ලන් මැරෙනවා. ටික දවසකින් උරය මාරු කරන්න.
16. කරාබු නැටි කීපයක් හාල්වලට කලවම් කර තැබීමෙන් ධාන්‍ය පරිස්සම් කර ගන්න පුළුවන්.
17. හාල් ලූස් ගෙනාවම සිලි සිලි බෑග්වලින් අයින් කරලා හොඳට පිරිසුදු කරපු හාල් බෑග්වලට දාලා කට හොඳින් ගැට ගහලා තියන්න ඕනේ.