කෝවිඩ් නිව්මෝනියා කියන්නේ ‍මොකක් ද ?

කෝවිඩ් ගැන දැනුවත් විය යුතු අලුත්ම තොරතුරු
මැයි 31, 2021

 

නිරෝගී බව කෙතරම් උතුම් ලාබයක්ද? රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් සිඟන්නකුටත් වඩා අන්ත අසරණ භාවයට පත්වෙයි. එය වත්මනෙහි තරම් ඔප්පු වුණ කාලයක් නැති තරම්.

කෝවිඩ් - 19 සුව නො වන තුවාලයක් වගෙයි. නිරන්තරයෙන්ම ලෝක වාසීන් පීඩාවට පත් කරන මාතෘකාවක් බවට පත්වෙලා. අපේ රටත් දරුණුම ලෙසින් රෝගය බලපාන කාලවකවානුවක් ගෙවා දමමින් සිටිනවා. එනිසාම දවසින් දවස රෝගය ගැන දහසකුත් ගැටලු පැන නඟිනවා. මේ එවැනි ගැටලු කිහිපයක්.

පොදු වැසිකිළි භාවිතයෙන් කෝවිඩ් 19 පැතිරිය හැකිද?

අප කෙතරම් සුව ආරක්ෂිත උපක්‍රම අනුගමනය කළත් සමාජයට ගිය විට අසරණ වන අවස්ථා තිබෙනවා. පොදු වැසිකිළි භාවිතය අපට මුහුණ දීමට වන එවන් ගැටලුවක්. රැකියා ස්ථානයේදී වේවා වෙනත් ස්ථානයදී වේවා අපට පොදු වැසිකිළියක් භාවිත කිරීමට සිදුවෙනවා. මෙය අපට වළක්වා ගත නොහැකි තත්ත්වයක්. අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙන්නේ පිට

ස්තර පුද්ගලයන් භාවිත කරන වැසිකිළි භාවිත කිරීමෙන් කෝවිඩ් 19 ආසාදනය වීමේ අවදානමක් ඇති බවයි. ෆිසික්ස් ඔෆ් ෆ්ලුවිඩ්ස් ජර්නලයේ සඳහන් අන්දමට නව කොරෝනා ආසාදිතයකු වැසිකිළි භාවිතයෙන් පසු හොඳින් ජලය යෙදුව ද ( ෆ්ලෂ් කළ ද ) වැසිකිළිය තුළ ඉතිරිවී තිබිය හැකි බිඳිති හේතුවෙන් පහසුවෙන්ම නිරෝගී කෙනකුට රෝගය බෝවීමට පුළුවන්.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව නව කොරෝනා වෛරසය ආසාදිතයකුගේ මළ හෝ මුත්‍රා හරහා රෝගය බෝවන බව තවම සනාත කරගෙන නැහැ. එහෙත් ජර්නලයෙන් වැසිකිළි භාවිතයෙන් පසු වැසිකිළි බඳුනට ජලය යෙදීමේදී සැලකියයුතු බිඳිති ප්‍රමාණයක් එක් වන බව දක්වා තිබෙනවා.

වැසිකිළිය පුරාම මේ බිඳිති පැතිරී යනවා. සාමාන්‍යයෙන් වැසිකිළිවල විවෘත කළ හැකි කවුළු නැති නිසා පහසුවෙන් එහි ඇතුළු වන්නන්ට රෝගය ආසාදනය වෙනවා.

වැසිකිළි බඳුනේ පියන වසා ජලය යෙදීමේදී පවා ආසන ආවරණය හා වැසිකිළි ආසනය අතර ඇති හිදැස් හරහා සුළු වශයෙන් පිටතට පැමිණෙන්න පුළුවන්. පොදු වැසිකිළි භාවිතයේදී අප කෙතරම් පරෙස්සම් විය යුතුද?

අතුරු ආබාධ නැත්නම් එන්නතින් වැඩක් නැත්ද?

අතුරු ආබාධයක් කියන්නේ කිසිවකුත් විඳින්නට අකැමැති තත්ත්වයක්. එහෙත් එන්නත විද ගත් අය බලා සිටින්නේ අතුරු ආබාධ ඇතිවන තුරුයි. අතුරු ආබාධ නැත්නම් එන්නතෙන් ප්‍රයෝජනයක් නැතැයි සිතීමට ඇතැමුන් පෙලඹිලා. කෝවිඩ් - 19 එන්නතේ අතුරු ආබාධ නැත්නම් එයින් සිතා ගත යුත්තේ එන්නත ක්‍රියා නො කරන බවද?

එන්නත ගත් පසු කිසිදු අතුරු ආබාධයක් ඇති නො වුණත් එන්නතේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් බියක් ඇතිකර ගතයුතු නැහැ. එන්නත් නිෂ්පාදකයන් මේ ගැන අධ්‍යයන කර තිබෙනවා.

අතුරු ආබාධ ඇති වීම හෝ නො වීම කෙරෙහි විවිධ හේතු බලපානවා. වයස අවුරුදු 65ට වැඩි අය අතුරු ආබාධ පෙන්වා ඇත්තේ ඉතා අඩුවෙන්. ඊට හේතුව වයස්ගත වීමත් සමඟ ප්‍රතිශක්තිය

දුර්වල වීම විය හැකි බව විද්‍යාඥයන් පෙන්වා දී තිබෙනවා. ස්ත්‍රී පුරුෂ භාවය ද එන්නත්වල අතුරු ආබාධ කෙරෙහි බලපාන්න පුළුවන්.

බ්‍රිතාන්‍යයේ කළ අධ්‍යයනයකින් හෙළිවී තිබෙන්නේ පිරිමින්ට වඩා කාන්තාවන්ට අතුරු ආබාධ ඇති වන බවයි. පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝරමෝනය අතුරු ආබාධ අවම කිරීමට හේතු වීම මෙහි රහසයි. කාන්තාවන්ට පිරිමින්ට සාපේක්ෂව ඇත්තේ අඩු ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණයක් නිසා අතුරු ආබාධ ඇති වීම‍ට තිබෙන ඉඩකඩ අඩුයි.

ඉන්දියානු ප්‍රභේදය හිතන තරම් භයානකද?

ඉන්දියානු ප්‍රභේදය, බ්‍රිතාන්‍ය ප්‍රභේදයටත් වඩා බරපතළයි. පැතිරීම වේගවත්. මිය යාමේ ඉඩ වැඩියි. වයස අවුරුදු 30 - 40 වගේ ජව සම්පන්න වයස් සීමාවල පසු වන්නන්ට නිදන්ගත රෝග නැති අයට පවා රෝගය දරුණු ලෙස බලපානවා. මෙවර අප වෙනදාටත් වඩා පරෙස්සම් විය යුත්තේ ඒ නිසයි.

කෝවිඩ් නියුමෝනියාව කියන්නේ කුමක්ද?

සාමාන්‍යයෙන් නියුමෝනියාව වැලඳෙන්නේ එක් පෙණහැල්ලකටයි. එක් පෙණහැල්ලකත් කොටසකටයි. එහෙත් කෝවිඩ් නියුමෝනියාව පෙණහලු දෙකටම බලපානවා. රෝග ලක්ෂණයක් නැතිව මේ අයට රෝගය උත්සන්න වෙන්නේ නැහැ. ඇඟ පත වේදනාව, කෑම අරුචිය වැනි ලකුණු හෝ පෙන්නුම් කරනවා. මේ අය සාමාන්‍ය නියුමෝනියා රෝගීන්ගෙන් දක්නට ලැබෙන තද උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව පෙන්නුම් නො කරන්න පුළුවන්.

 

 

උපදෙස් - ප්‍රජා වෛද්‍ය විශේෂඥ

දිමුතු ධර්මවර්ධනගෙන් සහ අන්තර්ජාලයෙනි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.