මව් කිරි දීමට කෝවිඩ් - 19 බාධාවක් නො වේ

අගෝස්තු 11, 2021

 

දරුවන්ගේ ළඟ පෙනීමේ අඩුවීමක්

දරුවන් නිවෙස්වලටම කොටු වීම නිසා මේ දඟකාරයන් මට්ටු කිරීමට මාපියන් තමන්ගේ පහසුවට පුංචි තිරයත්, පරිගණකයත් ජංගම දුරකථනයත් සමීපකර ඇත. එය කිහිප ආකාරයකින් ම භයානකය. එක් සෞඛ්‍යමය භයානක කමක් වන්නේ මින් දරුවන්ගේ ළඟ පෙනීම අඩු වීමේ අවදානමක් ඇති වීමය.

****************

 

නිරෝධායන කාලය කෙටි වෙයි ?

කෝවිඩ් -19 අලුත් වෙමින් පැතිරෙද්දී නිරෝධායන කාලය ද අලුත් වෙයි. කාලයක් ම නිරෝධායන කාලය සති දෙකක් එනම් දින 14 ක් පැවතුන ද පසුව එය දින 10 ට කෙටි විය.

දැන් එය තවදුරටත් වෙනස් වී තිබෙයි. අලුත්ම අධ්‍යයන වාර්තා පෙන්වා දෙන්නේ දින පහක් පමණක් නිරෝධායනය කිරීම ප්‍රමාණවත් බවය.

 

****************

 

 

කෝවිඩ් නිසා බුද්ධි ඵලයත් අඩු වෙනවා

නව කොරෝනා වෛරසය පහර දෙන්නේ මිනිසාගේ ගතට පමණක් නො වෙයි. එය සිතටත් සතුරු වෙයි. බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයන් කෝවිඩ් ආසාදිතයන්ගේ බුද්ධි ඵලය ( IQ ) පරීක්ෂාකර තිබෙයි. ඒ අනුව රෝගීවී සුවවූ අයගේ ගැටලු විසඳීමේ හැකියාව ඇතුළු බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවල දැඩි පසුබෑමක් ඇති බව හෙළිවී ඇත.

 

 

කෝවිඩ් - 19 දැන් අපේ දෛනික ජීවිතයේ දත් බුරුසුව, බත් පිඟාන තරමටම සමීප වදනකි. වසරකට වැඩි කාලයක් සංචරණ සීමා මැද ජීවිතයට එක්වුණු සෞඛ්‍ය නීති මාලාව පිළිපදිමින් ජීවත් වන අපට මේ සමීපතාවය අරුමයක් නො වෙයි. කෝවිඩ් - 19 ජීවිතයට හුරු පුරුදු අත්දැකීමක් වුවත් නව කොරෝනා වෛරසය නම් දිනෙන් දින පැරැණි නො වී අලුත් වෙයි.

නව කොරෝනා වෛරසය විවිධ වෙස් ගෙන වඩාත් භයානක නව ප්‍රභේද බවට පත් වෙමින් සිටියදී අපට රෝගය සම්බන්ධ විවිධ පුවත් නිරන්තරයෙන්ම ලැබෙමින් පවතියි.

මේ නව්‍ය කොරෝනා ගැන ඇති අප සැමටම වැදගත් අලුත්ම පුවත්ය.

ඩෙල්ටා නිසා තරුණයන් ඉක්මනින් රෝගී වෙනවා

ඉන්දියාවේ කළ අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ එන්නත් නො කළ පුද්ගලයන් මෙන්ම වයස අවුරුදු විසි ගණන්වල සහ තිස් ගණන්වල පසුවන තරුණයන් ද වයස පනහට අඩු අය ද වැඩිපුර රෝගීවී පැමිණෙන බවයි. ඔවුන් ඉක්මනින් ම රෝගීවන බව පර්යේෂණය සිදු කළ වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

පැපොල තරමටම ඩෙල්ටා ප්‍රභේදය බෝ වෙනසුලුය.

 

මව් කිරි දීමට කෝවිඩ් - 19 බාධාවක් නො වෙයි.

ලෝක මව්කිරි දීමේ සතිය යෙදී තිබුණේ අගෝස්තු 1 වැනිදා සිට අගෝස්තු 7 වැනි සෙනසුරාදා දක්වායි. මව් සෙනෙහසට නව කොරෝනා වෛරසයටවත් බාධාවක් විය හැකිද? මව සහ දරුවා අතර පවතින්නේ ලොව උත්තරීතරම බැඳීමයි. කලලයක් ලෙසින් මව් කුසෙහි වැඩෙද්දීම ඇති වන මේ බැඳීම මරණය දක්වා පවතින්නකි. එනිසාම මෙවර කෝවිඩ් - 19 වැලඳී ඇති මව්වරුන් පවා කිරිදීමේ වැදගත්කම ගැන වැඩිපුර අවධානය යොමු කෙරිණි.

මවගේ පරිත්‍යාගය, දරුවාගේ ආහාරය වන මව්කිරි දෙදෙනොටම අත්පත්කර දෙන වාසි බොහොමය. වැදෑමහ ඉක්මනින් ඉවත් වීමට, ගර්භාෂය හැකිළී ගැබ් ගැනීමට පෙර තත්ත්වයට ගර්භාෂය පත් වීමට, පසු ප්‍රසව රුධිර වහනය අඩු වීමට නව යොවුන් වියේදී මෙන් හැඩකාර සිරුරක් ලබා ගැනීමට මවකට මව්කිරි දීම උපකාරී වෙයි. මෙය සොබා දමින් ලබා දී ඇති උපත්පාලන ක්‍රමයක් ද වෙයි. මේ කුමන ප්‍රතිලාභය ලැබුණ ද දැඩි මව් සෙනෙහස නිසාම කෝවිඩ් වැලඳුණු පසු දරුවාට ව කිරි දීමට මව්වරුන් බියවිය. මව බරපතළ ලෙස රෝගී වී නැත්නම් කෝවිඩ් වැලඳීම කිරි දීමට බාධාවක් කරගත යුතු නැත. අම්මාගේත් දරුවාගේත් ළෙන්ගතු ස්පර්ශයට ද (මවගේත් දරුවාගේත් සමට සම ගැටීමට ද) රෝගය බාධාවක් නො වෙයි.

එහෙත් රෝගී මවක් සිහි තබා ගත යුතු කරුණු කිහිපයක් නම් ඇත. මව කසින කිවිසින විට සෙම් බිඳිති පියයුරුවලට ඉසුණා නම් පමණක් සබන් ගා මඳ උණුසුම් ජලයෙන් තත්පර 20 ක්වත් කිරිදීමට පෙර හෝ කිරි දෙවීමට පෙර පියයුරු සේදිය යුතුයි.

නිතරම දෑත් සබන් ගා සේදීමත් විශේෂයෙන් දරුවාට කිරි දීමට පෙර දෑත් සබන් ගා සේදීමත් වැදගත්ය. කිරි දෙන විට ශල්‍ය මුව ආවරණ ( සර්ජිකල් ) හෝ රෙදි මුව ආවරණ පැලඳීම වැදගත්ය. මුව ආවරණය ඉවත්කළ යුත්තේ එහි පිටු පස ඇති එකිනෙකට සම්බන්ධවන පටි කොටසින් අල්ලාය. මුව ආවරණයේ ඉදිරියෙන් ඇල්ලීම කිසිවිටකත් නොකළ යුත්තකි. ශල්‍ය මුව ආවරණයක් නැවත නැවත භාවිත නො කළ යුතුය. කිරි දෙන වටපිටාව නිරන්තරයෙන් විසබීජහරණය කර පිරිසුදුව තබාගැනීමත් වැදගත්ය.

 

සියයට 98කටම කෝවිඩ්

කෙනකුගෙන් කෙනකුට රෝගය බෝවී ඇත්තේ රෝග ලකුණු ඇතිවී දින පහක් තුළදීය. වැඩිපුරම රෝගය බෝ වන්නේ රෝගියාට රෝග ලකුණු ඇති වීමට දිනකට දෙකකට පෙරදීය. එය කෝවිඩ්වල ඇති එක් භයානකකමකි.

 

අන්තර්ජාලයෙනි